ඇපල් අයිෆෝන්, සැම්සුන්, ඔපෝ, හුවාවේ ආදී ෆෝන් ලංකාවේ ජනප්‍රියතම ස්මාට්ෆෝන් විදියට සැලකීමට හැකියි. වන්ප්ලස් කියන්නේ ජාත්‍යන්තරව ප්‍රකට වී ඇති වර්ථමානයේ ලංකාවේ ත් තරමක් ෆෝන් ගැන දන්නා කියන අය එදිනෙදා භාවිතයට තෝරාගන්නා ෆෝන් එකක්. වන්ප්ලස් කම්පැනිය අවුරුදු හතරකට වඩා පැරණි නැහැ. තත්වයෙන් ඉහල ස්මාට්ෆෝන් අත්දැකීමක් දිගින් දිගටම පාරිභෝගිකයාට ලබාදෙන්නට සමත් වූ නිසා වන්ප්ලස් සුවිශාල වෙළඳ ප්‍රචාරන ක්රියාදාමයකින් තොරවත් ලොව පුරා ස්මාට්ෆෝන් ලෝලීන් අතර ජනප්‍රිය වුනා. අපි ඒ ගැන මදක් සොයාබලමු.
1. කල්පැවැත්ම

Source – wired.com
Nokia මූලික ෆෝන් වලින් සමන්විත වුණු දෙදාහ දශකයේදී Nokia ෆෝන් එක ජනප්‍රිය වන්නට එක් මූලික හේතුවක් වුණේ එහි කල්පැවැත්ම. කිසිම කරදරයක් නැතුව ඉස්සර බේසික් Nokia ෆෝන් එකක් වසර දෙක තුනක් පාවිචචි කරන්න හැකියාව තිබුණා. ඉන් පස්සේ ඇපල් ෆෝන් මිල වැඩි වුණත් මිනිසුන් අතර ජනප්‍රිය වන්නට එක හේතුවක් වුණේ කල් පැවැත්ම. ස්මාට්ෆෝනයක් කියන්නේ නිතරම පාවිච්චි වෙන උපාංගයක්. අපි රූපවාහිනිය බලන්න වෙලාවක් තියෙනවා, පරිගණක යන්ත්‍රයේ වැඩක් කරන්න වෙලාවක් තියෙනවා. ඒත් ස්මාට්ෆෝන් එකට විවේකයක් ලැබෙන්නේ අපි නින්දට ගිය වෙලාවට විතරයි. නිතර භාවිතා වෙන මෙම උපාංගයේ අංග ඉක්මණින්ම ගෙවීයාම සිදු වෙනවා. ඉතින් ෆෝන් එකක් නම් වසර දෙක තුනක්වත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නට ඕනි.

Source – insiderindian.com
මේ කල්පැවත්ම අතින් වන්ප්ලස් ඉස්සරහින් ඉන්නවා. තත්ත්වයෙන් ඉහළ උපාංග යොදාගෙන බොහෝ කාලයක් පර්යේෂ්ණ වල නිරත වෙලා ෆෝන් එක නිම කරන නිසා ඒ ෆෝන් කලක් තබාගන්නට පුළුවනි. ඒ වගේම අලුත් ෆෝන් එකක් රිලිස් වුනාම පරණ ඒවා කුනු කොල්ලෙට දෙන්න වෙන සීන් එකකුත් වන්ප්ලස් වල නෑ. අලුත් වන්ප්ලස් 5 ආව කියලා වන්ප්ලස් 3 ඩොලර් සියගානකින් අඩු වුණේ නෑ. ෆෝන් එක සීරීම්, තැලීම්, පෙරලීම් වැටීම්, වලට ඔරොත්තු දෙනවා. මෘදුකාංග පහසුව ගත්තා වුනත් කාලයක් යද්දි වැඩකරන කොට ස්ලෝවීමක්, එහෙන් මෙහෙන් පැන්නීමක් වගේ සොෆ්ට්වෙයා කේසුත් වන්ප්ලස් වල එනවා බොහොම අඩුයි.
2. කැමරාව

Source – cnet.com
අලුත්ම වන්ප්ලස් 5 කැමරාව සැලකිය යුතු මට්ටමින් සාර්ථක එකක්. චීනයේම නිපදවෙන Xiaomi, හුවාවේ ඒවා එක්ක ගත්තා වුනත් කොරියාවේ හැදෙන සැම්සුන් එල් ජී එක්ක ගත්තා වුනත් ෆෝන් කැමරා අතර රජ්ජුරුවෝ වගේ ඉන්න ඇපල් අයිෆෝන් එක්ක ගත්තා වුනත් වන්පල්ස් 5 කැමරාව සැලකිය යුතු මට්ටමකින් තිබෙනවා. අලුතින්ම පැමිණි ගූගල් පික්සල් එකේ කැමරාවත් සුපිරි. ඒත් මිල වැඩියි. සිදුරු දෙකකින් සමන්විත වන්ප්ලස් කැමරාව ළඟ දුර වගේම ඈත දුර තිබෙන වස්තුන් මනාව හසුකරගන්නට සමත් වෙනවා. ෆෝන් කැමරාවකින් අද කාලයේ බලාපොරොත්තු වන වීඩියෝ හැකියාව, ස්පෝට් කැමරාවක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ආදී දේත් වන්ප්ලස් වල අන්තර්ගතයි.
3. OS එක

Source – phonearena.com
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල කිසි වෙනසක් නැති අමුම ඕ ඇස් එක මේ කාලේ එන්නේ ගූග්ල් Pixel දුරකථනවලයි. පික්සල් ඇපල් අයිෆෝන් තරම්ම මිල අධිකයි. වන්ප්ලස් මට්ටමේ තිබෙන අනෙක් ෆෝන් දෙකක් තමයිXiaomi Mi 6 සහ Huawei P 10 ඒ චීන ෆෝන් දෙකේ යන්නේ ඇන්ඩ්‍රොයිඩ්. හුවාවේ සහ Mi සමාගම් ඇන්ඩ්‍රොයිඩ් වලට වෙනමම යූසර් ඉන්ටර්ෆේස් එකක් ඇඩ් කරනවා. මේ අලුතින් මවාපාන හැඩතල නිසා හුවාවේ සහ Mi කියන ෆෝන් ඇතැම්විට හාඩ්වෙයාර් අතින් ඉහළ වුවත් වැඩකරන්න යද්දි වන්ප්ලස් තරම් සුමුදුවට ප්‍රතිචාර දක්වන්නේ නෑ. වන්ප්ලස් වල එහෙම ලොකුවට වෙනමම කස්ටමයිස් කරලා ඔබාපු UI එකක් පාවිච්චි වෙන්නේ නෑ. ඔක්සිජන් ඕ එස් කියලා හඳුන්වන, ඇන්ඩ්‍රොයිඩ් වලම දියුණු කිරීමක් වන වන්ප්ලස් වල තියෙන Oxygen OS එක වෙනමම කස්ටමයිස් කරන්නත් පහසුකම වැඩියි.
4. ප්‍රබල හාඩ්වෙයාර්

Source – tech.firstpost.com
වන්ප්ලස් 5 එකේ තියෙන්නේ ලොව ප්‍රකටම ස්මාට්ෆෝන් චිප්සෙට් නිපදවන Qualcomm සමාගමේ Snapdragon 835 චිප් එක. නැනෝමීටර 10ක් තරම් කුඩා මෙම චිප් එක මේ කාලේ ලොව තිබෙන සුපිරිම ස්මාට්ෆෝන් වලට යොදන චිප් එකක්. ඒ එක්ක රැම් එක ගිගා 6ක් සහ 8ක් අගයන්ගෙන් යුතු වෙනවා වගේම රොම් එක නම් ගිගාබයිට් 64 සහ ගිගාබයිට් 128 කියන දෙකෙන්ම එනවා. වන්ප්ලස් කියන්නේ සැම්සුන්, එල් ජී, මි, ඔපෝ, හුවාවේ වගේ එක මාසෙකට ෆෝන් දෙක තුනක් අලුතින් රිලීස් කරන සමාගමක් නෙමෙයි. එයාල සාමාන්‍යයෙන් වර්ෂයකට එලියට දාන්නේ ෆෝන් එකයි නැත්තං දෙකයි. ඒ නිසා ඒ ගැන හොඳ හැදෑරීමක් කරලා සුදුසු හොඳ මට්ටමේ හාඩ්වෙයාර් ඇතුලත් කරලා පාරිභෝගිකයාට සතුටු හිතෙන විදියට ෆෝන් එක නිර්මාණය කරන්න වන්ප්ලස් උත්සාහ අරගෙන තිබෙනවා.

Source – androidauthority.com
වන්ප්ලස් වල භාවිතා වන්නේ සුපර් AMOLED තාක්ෂණයේ තිරයක්. ඒ ඔස්සේ ඇසට වඩාත් සෞම්‍ය එහෙත් පැහැදිලි දසුන් නෙතට ලබාදෙන්නට වන්ප්ලස් සමත්. පොත් බැලීමට, චිත්‍රපට බැලිම ආදී ලෙස තිරයේ හැකියාවන් වෙනස් කරගන්නත් වන්ප්ලස් වලදී පහසුවෙන්ම හැකියි. බැටරි බලය සැලකුවොත් සාමාන්‍යයෙන් දවසක් භාවිතා කරන්නට මෙහි ඇති බැටරිය ප්‍රමාණවත්. ඉක්මණින්ම බැටරිය ආරෝපණය කරගත හැකි වන්ප්ලස් 5 හි බැටරියෙන් 80%කට වඩා පැය බාගයකදි චාජ් කරගන්නට හැකියි.
5. තවත් වැඩ කිඩ
කනෙක්ටිවිටි අතින් සාමාන්‍යයෙන් වර්ථමානයේ තිබෙන ජනප්‍රිය සෑම සංඛ්‍යාත පරාසයක්ම වන්ප්ලස් වලින් ආවරණය වෙනවා. සියලුම ස්මාට්ෆෝන් අතරින් තිබෙන වේගවත්ම ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එක තිබෙන්නෙත් වන්ප්ලස් වලට. ඇපල් විසින් හෙඩ්ෆෝන් ජැක් එක හැලුවාම සමහර චීන ස්මාට්ෆෝන් වල පවා හෙඩ්ෆෝන් එක ගහන ජැක් එක හැලුණා. ඒත් වන්ප්ලස් 5ත් තාමත් හෙඩ්ෆෝන් ජැක් එක ගහන්න ස්ලොට් එක එනවා. වතුරට සහ ගැස්සීම් වලට ඔරොත්තු දෙනවා කියලා සඳහන් කරලා නැතත් සාක්කුවේ දාගෙන වතුරට බහින්නට බැරි වුණත් වැස්සකට ටැප් එකකට අහුවුණාට අවුලක් නැතිවන මට්ටමක ඔරොත්තු දීමේ හැකියාවක් වන්ප්ලස් වලට තිබෙනවා.
6. මිල සහ මිලදී ගැනීම
වන්ප්ලස් කියන්නේ පුංචි සමාගමක්. එය පටන් ගත්ත අවදියේ ෆෝන් නිපදවූයේ ඉල්ලුමට අනුව. ඒ කියන්නේ මුලින් අන්තර්ජාලයේ විස්තර දානවා. ඉන්පසුව ඉල්ලුම් කරන ප්‍රමාණය අනුව නිපදවීම තීරණය කරනවා. අද නම් ලංකාවෙත් ප්රමුඛ පෙලේ ජංගම දුරකථන වෙළඳසැල් වල පවා වන්ප්ලස් තිබෙනවා. මෙය අපේ සාමාන්‍ය ජනතාවට නම් ටිකක් දරාගන්න අමාරු තරම් රුපියල් 75,000ක් තරම් මිලකට තමයි වර්ථමානයේ ඇති වන්ප්ලස් 5 මිල නියම වී තිබෙන්නේ. අවුරුද්දක් විතර යාන්තම් පාවිච්චි කරලා ඉවරවෙලා දෙතුන් ගමනක් බිම වැටුනම සෙත්තපෝච්චි වෙලා යන, ටික කලක් ගියාම ඕ එස් එකේ ලෝක නැති ලෙඩ එන, කාලයත් එක්ක වටිනාකම අඩුවෙන ෆෝන් අරගෙන වාත වෙනවාට වඩා මේ වගෙ සවිමත් ෆෝන් එකකට යන එකේ වාසියකුත් තිබෙනවා.
වන්ප්ලස් මෙච්චර ජනප්‍රිය ඇයි? වැඩිමිලක් දීල හොඳ ෆෝන් එකක් ගනිද්දි වන්ප්ලස් ගැනත් පොඩ්ඩක් බැලිය යුත්තේ ඇයි කියන එකට වටිනා කාරණා කිහිපයක් ඔබට මෙයින් එකතු වන්නට ඇති.
Cover Image Source – oneplus.net / techcrunch.com
Leave a Reply