ඉන්දියාවෙන් හිමාලය තරණය කරමු

Climb Himalaya via India

හිමාල කඳුවැටිය යනු ඉන්දියාවේ ඉහළ කෙළවර ආසියානු මහාද්වීපයෙන් වෙන් කරන මහා කඳුවැටියකි. ඉතා ඈත අතීතයේ ඉන්දියානු මහද්වීප කොටස ගොස් ආසියානු මහද්වීපයේ ගැටීමෙන් හිමාල කඳුවැටිය නිර්මාණය වී ඇතැයි භූ විදයාඥයෝ මත පළ කරති. හිමාල කඳුවැටියේ උසම කඳු පියස්ස වන එවරස්ට් චීනයට සහ නේපාලයට මායිම්ව පිහිටා තිබේ. හිමාලයේ උසම කඳු වලින් රැසක් නේපාලයට අයත් වේ. එහෙත් ඉන්දියාවට චීනයට භූතානයට සහ පාකිස්ථානයටද නේපාලයේ උසම කඳු වැටි කිහිපයක් අයත් වේ. මෙම විශාල හිමාල ඉම යනු එකවර අභ්‍යාවකාශයේදී හැර මහපොලවම මතදී දැකගත හැක්කක් නොවේ.

හිමාලයේ දිග පලල

Climb Himalaya via India

Source – interkart.de

හිමාලය ඉන්දියාවේ නැගෙනහිර කෙළවර වන බෙංගාලයේ සිට බටහිර කෙළවර වන පාකිස්ථානය දක්වා පැතිරි යයි. මෙයින් බෙංගාලයට සහ නේපාලයේ ඇති කඳුවැටිවලට කෙලින්ම මෝසම් සුලං පතිත වේ. මහා මෝසම් සුලං හිමාලයේ ගැටී වලාකුළු බවට පරිවර්තනය වීමෙන් මුළුමහත් දකුණු ආසියාවෙන් විශාල කොටසකට වර්ෂාව පතිත වේ. හිමාලයෙන් ආරම්භ වන ප්‍රධාන ගංගා කිහිපයකි. ගංගා නම් ගග බ්‍රහ්මපුත්‍රය, ජමුනා නදිය, හිමාලයෙන් ආරම්භ වේ. මෙම හිමාල කඳුවැටියේ ඉහලම කොටස් බොහොමයක් සීතල ග්ලැසියර වලින් සමන්විත වෙයි. ඒවායේ ග්ලැසියර දියවීමෙන්ද ඇතැම් මහා ගංගාවෝ ආරම්භ වේ. සාමාන්‍ය අවස්ථාවේදී පවා ඇතැම් විට කිලෝමීටර 32කට වඩා පළල ඇති රටවල් තුනක් හරහා ගලන බ්‍රහ්මපුත්‍ර ගංගාව ආරම්භ වන්නේ එවැනි ග්ලැසියරයක් මතිනි. හිම කඳු වලින් ගැවසී ගත්තද එක් හිමාල කොටසක ඇත්තේ ශීතල එහෙත් ජලය නැති පළාතකි. එය ලදාක් පළාත වේ. ඉන්දියාවේ ජනගහනය අඩුම පළාතක් වන ලදාක් යනු ශිතල කාන්තාර බිමකි.

 

ඉන්දියාවෙන් හිමාලයට පිවිසීමේ වාසි

Climb Himalaya via India

Source – thebetterindia.com

නේපාලය, භූතානය, පාකිස්ථානය, චීන ටිබෙටය, යන රටවලින් හිමාල කඳු නැරඹීමට යනවාට වඩා ඉන්දියාවෙන් හිමාලටය පිවිසීම ලාභදායකය. චීන ටිබෙටය හරහාද පැමිණ හිමාලය දැකබලාගත හැකි නමුත් එය තරමක් දුෂ්කර සහ වීසා ලබාගැනීමට අපහසු මගකි. වීසා ලබාගැනීම නම් පහසුම නේපාලයට වේ. නේපාලයට ලාංකිකයින්ට දින 30ක වීසා ගුවන් තොටේදීම ලබාගත හැකිය. ඉන්දියාවෙන් පිවිසීමේදී ගුවන් ගමන් ගාස්තුව අඩුය. ඉන්දියාවේ සංචාරක පළාත් ආශ්‍රිතව නවාතැන් ලංකාවටත් වඩා ලාබදායී වේ. අනෙක් පසින් නේපාලයේ දී හිමාලයේ ඇතැම් කොටස් කරා පිවිසීමට ප්‍රවාහන දුෂ්කරතා පවතී. ඉන්දියාවෙන් හිමාලය නරඹන බොහෝ තැන් කරා පිවිසීමේ බස් දුම්රිය පහසුකම් සලසාගත හැකිය.

 

කාශ්මීරය හරහා පිවිසීම

Climb Himalaya via India

Source – wikipedia.org

ලොව උසම මහා මාර්ගයකි ලේ ලදාක් මහාමාර්ගය. එහිදී මීටර 5000කට වඩා උස ස්ථානද ගමන් මාර්ගයේදීම හමු වේ. ලේ නැමැති ඉන්දියාවේ චීන කෙළවරේ පිහිටි කඳුකර කුඩා නගරයට පිවිසුම් දෙකකි. එකක් වැටී ඇත්තේ ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් අගනුවර සිට කාර්ගිල් හරහාය. එය බෑවුම අඩු මාර්ගයද තරමක් හොඳ එකකි. ඒ යන ගමන කඳුකර මගින් බෙහෙවින් දුෂ්කර ගමනකි. වසරේ මාස 6කට වඩා හිම පතනය හේතුවෙන් මාර්ග වසා තිබේ. මෙම මාර්ගයේදී ශීතල කාන්තාර බිම් දැකබලාගත හැකිය.

කාශ්මීර කොටසේ ශ්‍රී නගර් කලාපයද මේ ඉන්දියාවදැයි සිතෙන තරමට ආකර්ෂණීයය කලාපයකි. නිල් පැහැති කඳු සහ නිම්න වලින් සැදි කාශ්මීරයේ ශ්‍රී නගර් හි ජලතලාව මත පිහිටි විල මත ද හවුස් බෝට්ටු නැමති වාසස්ථානය. ගුල්මාර්ග් නැමැති ශ්‍රී නගර් සිට පැයකින් දෙකකින් ලං විය හැකි පාකිස්තාන බෝඩරය කිට්ටු කඳු වැටියක  කේබල් කාර් පද්ධතියකි. ඒ කේබල් කාර් මතින් ගොස් වසරෙහි සෑම කාලයකදීම හිම තිබෙන කඳුමුදුනකට ලගාවිය හැකිය.සුදෝ සුදු හිම දර්ශනීය ලෙස දිස් වුවත් එය කටුක අත්දැකීමකි. එහෙත් මඳ වේලාවක් හෝ හිම මත සෙල්ලම් කිරීඹට ලැබීම භාග්‍යයකි. ශ්‍රී නගර් වතෙ දිල්ලියේ සිට කෙලින්ම පියාසර කළ හැකි අතර දුම්රියයේ ජම්මු වලට ගොස් බස්රියකින්ද යා හැකිය. දිල්ලියේ සිට ශ්‍රී නගර් වෙත දුම්රියෙන් බස් රියෙන් පිවිසීම සඳහා පැය 24ක පමණ කාලයක් ගත වේ.

 

කුල්ලු මනාලි

Climb Himalaya via India

Source – delhimanalivolvobooking.co.in

මනාලි යනු ඉන්දියාවේ දිල්ලි සිට එක් රැයක බස් ගමනකින් පිවිසිය හැකි කඳුකර පළාතකි. මෙම මනාලි සිටද ලේ ලදාක් දක්වා පාරකි. එය වඩාත් දුෂ්කර සහ උසින් වැඩි ස්ථාන කිහිපයක් හමු වෙන මාර්ගයකි. මනාලි වලද කඳුනැගීම්, කඳු වලින් පැනීම්, පියාසර කිරීම්, වෝටර් රාෆ්ටින් ආදී කඳුකර සංචාරක ක්‍රිඩා රැසක් පැවැත්වෙන තැනකි. කුල්ලු මනාලි වල රොතැන් පාස් යනු බොහෝ දෙනාගේ සිත්ගත් තැනකි. එහි වසරේ මාස හයකටත් වඩා හිම තිබේ.

ශ්‍රී නගර් සහ මනාලි යන දෙපළාතෙන්ම ලේ ලදාක් කරා ලගාවිය හැකිය. ලේ ලදාක් කරා ගුවනින්ද පිවිසිය හැකිය. ශීතල හැරුණු කල එය මහා කාන්තාර බිමකි. ගහකොලක් ඇත්තේ වතුර පොදක් ගැවසෙන නිම්නයක පමණි. පස් ගොඩැලි මත මෙන් ඈතට පෙනෙන කඳුයායවල්ය. ලදාක් හි එක් නගරයක කුප්‍රකට ත්‍රී ඉඩියට් ෆිල්ම් එකද රූගත කරන ලදී. ලදාක් යනු ඉන්දියාවේ ඉහලම බෝඩර කෙළවරක් වන බැවින් එහි ඇතැම් තැනකට සංචාරය කිරීමේ සංචාරක අවසරපත් ලබාගැනීම ලාංකිකයන්ට අපහසුය. ලදාක් යන්නේ නම් ඒ අවසර ලබාගැනීම ගැන අධ්‍යයනය කොට යෑම වඩාත් සුදුසුය.

 

සික්කිම් ධාර්ජීලින්

Climb Himalaya via India

Source – rjtours.com

එස් මහින්ද හිමි ලියූ කවිපද මුහුණුපොතේ තැන තැන නිතර රැව්දුන්නද එස්. මහින්ද හිමි ගේ “එස්.” යනු සික්කිම් බව දන්නේ එහෙමත් කෙනෙකි. සික්කිම් යනු කලක් ටිබෙටයට චීනයට හුවමාරු වෙමින් තිබී වර්තමානයේ ඉන්දියාවට අයිති බිමකි. එඩ්මන් හිලරි සමග කඳු නැගි ටෙනසි නෝගේ ධාර්ජීලින් පළාතේ කෙනෙකි.ටෙනසි නෝගේ බොහෝ කලක් මෙම ධර්ජිලින් පළාතේ දිවිගෙවීය. බෙංගාලයට ඉහලින් පිහිටා ඇති මෙම ධර්ජිලින් කලාපය ලංකාවටත් කලින් තේ වගාවට ප්‍රකට වූ පළාතකි.ලංකාවේ උඩරට තේ ජනප්‍රිය යම්සේද ඉන්දියාවේද ධාර්ජිලින් හි තේ ජනප්‍රිය ය.

Climb Himalaya via India

Source – easterneye.com

මෙම සික්කිම් පළාතේද හිමාලය නැරඹීමට අවකාශ තිබේ. සික්කිම් පළාත වෙනමම ප්‍රාන්තයක් ලෙස ක්‍රියාකරන අතර එයට පිවිසීමට විශේෂ අවසරයක්ද ලබාගත යුතුය. කණ්ඩායමක් ලෙස යන්නේ නම් අවසර ලබාගැනීම ගැන මඳක් කලින් සොයාබැලීම වටී. මෙම පළාතේ කන්චන්ජුන්ගා ලෙස හදුන්වන හිමාලයේ උස අනුව තෙවන ස්ථානයේ වැජඹෙන කඳුවැටියද දැකබලාගත හැකිය. මෙම සික්කිම් ගැන්ටොක් ධාර්ජිලින් පළාත් වලද කඳු නැගීමේ සවාරි තිබේ. කඳුකර පළාත්වල ගැමි ජීවිතය, සොබා සෞන්දර්යය විඳගෙන දින කිහිපයක් පුරා දිවෙන මෙම කඳුකර පා ගමන්  සවාරි විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය සංචාරක මාදිලියකි.

 

උත්තර්කාන්ද්

Climb Himalaya via India

Source – blog.travelogyindia.com

දිල්ලියේ සිට පහසුවෙන්ම ළඟාවිය හැකි හිමාල ඉම නම් උත්තර්කාන්ද් වේ. උත්තර් කාන්ද් වලද සංචාරකයින්ට කඳු නැගීම් වෝටර් රාෆ්ටින් ආදී පහසුකම් රැසක්ම විදගැනිමේ හැකියාව තිබේ. ඉන්දියානු දිවියන් ගැන ලංකාවේද ජනප්‍රිය වූ පොත් පත් ලියූ ජිම් කෝබට් උත්තර්කාන්දි හි දිවිගෙවා තිබේ. ගංගා නම් ගගේ මුල් අවස්ථාව සහ ඒ ආශ්‍රිත හින්දු දෙවොල් නැරඹීම පිණිස ඉන්දී්‍ය සංචාරකයෝ උත්තරකාන්ද් කරා ඇදී එති. උත්තර්කාන්ද් වලදී හිමාලයේ පහළ මට්ටමේ කොළ පැහැ කඳුවැටි සහ ඒවායේ වෙසෙන ජීවින් දැක බලාගැනීමට ද හැකිය.

 

හිමාල සැලසුම

Climb Himalaya via India

Source – youtarticlelibrary.com

හිමාල කඳුවැටි අසබඩ කඳුවැටි සවාරි වලදී සතා සීපාව ගහ කොළ මෙන්ම ඒ ආශ්‍රිත ජනදිවියද දැක බලාගැනීමට විදගැනීමට ලැබීම ආශ්වාදයකි. මෙම කඳුකර පළාත් වලදී  එක් එක් සංචාරක ස්ථාන කරා පිවිසීම තරමක් කාලය ගතවන වැඩකි. එනම් සංචාරක ස්ථාන දෙකක් අතර දුර කිලෝමීටර සීයක් දෙසීයක් වුවත් මාර්ග පහසුව අඩු නම් ඒ සදහා පැය ගනනාවක් ගත විය හැකිය. සොබා සෞන්දර්යය ජනජීවිතය ආහාර පාන ආදිය විඳගෙන මෙම පළාත්හි කොටසක් හෝ දැකබලාගන්නට අඩු වශයෙන් දින 8-10ක් වත් උවමනාය. එසේම සංචාරක මග පෙන්වන අය සමග ගියද යෑමට පෙර අන්තර්ජාලයේ හෝ වෙනත් මගකින් විස්තර සොයාබලාගෙන යන්නේ නම් එය ගමනට වාසියකි.

 
Cover Image Source – secretariatassistant.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *