මාතරට රුහුණු දුම්රියේ යන ඇස් දෙකක් දැකිය යුතුම තැන්

Sri lankan southern railway memories

මාතරට යෑමට දැන් ක්‍රම කිහිපයකි. එයින් ගාලු පාර වනාහී කොළඹ සිට මාතරට පිවිසීමට ඇති පැරණිතම ක්‍රමයයි. ඉන් පසුව දුම්රිය ඇති වූ අතර මෑත යුගයේ අධීවේගි මාර්ග පෙරළියත් සමග කොට්ටාවේ සිට පැය එකහමාරකින් මාතරට ලගාවීමට දැන් හැකියාව ලැබේ. එහෙත් මාතරට දුම්රියෙන් ගමන් කිරීම යනු එකල සිට සිරිලක දුම්රිය ලෝලීන්ට  මුහුදුබඩ පරිසරය දැකගැනීමට හැකි වූ අනගි ගමනක්ම විය.

 

මාතරට යන දුම්රියයන්

බඩු ප්‍රවාහනය මූලික කොට තැනුන යටත්විජිත දුම්රිය මාර්ගයන්හි මගී දුම්රියන් ජනප්‍රිය කිරීමට පසුකාලීනව උත්සාහ ගත්තේය. ඒ යටතේ මාතරට දිවෙන දුම්රිය රුහුණු කුමාරි ලෙස හැදින්වීය. වර්තමානයේ දී සති අන්තයේ පාන්දර 6ට කොටුවෙන් මාතරට පිටත්වන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය හැරුණුකොට කොළඹ සිට අඩුම කාලයෙකින් මාතරට ලගා වෙන්නේ රුහුණු කුමාරි දුම්රියයි. එය මාතරින් පාන්දර 6ට පමණ පිටත් වෙන මුත් කොළඹින් දිවෙන්නේ සවස 03.50ට වේ. එම දුමරිය සුලු තදබදයක් තිබුනත් ඉන් පසු කොළඹින් 04.40ට මාතරට පිටත් වන සාගරිකා දුම්රිය නම් කිසිසේත්ම දුම්රිය මගේ සිරිය විදගත හැකි දුම්රියක් නොවේ. එහි කාර්යාල සේවකයොෝ රැසක් ගමන් පහසුව සලසාගන්නා හෙයින් බොහෙවින් තදබද දුම්රියකි. කොළඹින් මාතර දක්වා දුම්රිය මග දෙපස සිරි අසිරි විදගන්නට යන්නට නම් සුදුසුම වන්නේ උදෑසන 06.55ට කොටුවෙන් පිටත්වන දුම්රියයි. නුවර සිට මාතරට සහ වව්නියාව සිට මාතරට පිටත්වෙන දුම්රිය දෙකක්ද තිබෙන අතර ඒවා මගින් කොළඹට උඩ පලාතේ සිටින අයට කෙලින්ම දුම්රියේ මාතරට ගමන් කිරීමට හැකියාව ලැබේ.

 

ගල්කිස්ස මූදු වෙරල

Sri lankan southern railway memories

Source – kchhakatie.wordpress.com

ගාළු මුවදොර පසුවනවිටම කොල්ලුපිටිය බම්බලපිටිය දිහාවේ දුම්රිය මග දිවෙන්නේ, තද රැලි එන කලෙක නම් දුම්රිය මගටම මුහුදු රළ වදින තරම් මුහුදට ආසන්නයේය. ගල් වැටි වල වැදී විසිරෙන මුහදුු රැල්ල දෙස කෙතෙක් බලා සිටියද ඇතිවීමක් නැත. කොළම දෙසට පැමිණෙන්නේ නම් ඒ ආසන්නයේදී කොළඹ වරායේ නව චීන වරායද මුහුදු සීමාවේ කොනක පැහැදිලව දකින්නට හැකිය. කොළඹ වරායේ අවසරය ලැබෙන තෙක් වරායෙන් පිටත නවතා තැබෙන නැව්ද බොහෝවිට මෙම සීමාවේ ඈත මුහදේ දකින්නට ලැබේ.

 

කළුතර මෝය කට සහ විහාරය

කළුතර බෝධිය බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රකට බෝධියකි. ඒ කළු ගග ආසන්නයේම ඇති බෝධින් වහන්සේ පිහිටා ඇත්තේ මහා මාර්ගයටත් දුම්රිය මගටත් අතර පටු බිම් කඩකය. එම සීමාවේ කළුතර බෝධිය මෙන්ම කළුතර චෛත්‍ය රාජයානෝද දකින්නට හැකිය. කළු ගග මුහුදට වැටෙන මෝය කට ආසන්නයේම දකුණු කළුතර දුම්රිය ස්ථානය පිහිටා ඇත. පාලම සහ මෝය කටද අලංකාර දසුනකි. කළුතර ට කලින් පානදුරේ දී හමුවන පානදුර ඔයේ මෝය කටද ධීවර වරායක් ද තිබෙන හෙයින් කදිම සුන්දර දසුනකි. එහි නවතා ඇති විවිධ වර්ණයේ බෝට්ටු දුම්රියේ යන නෙතට කුඩාවට පැහැදිලිවට ඈතට පෙනේ.

 

පොල් වතු සහ රා කර්මාන්තය

Sri lankan southern railway memories

Source – farmfolio.com

දකුණු වෙරළ තීරයේ පොල් වගාව වසර තුන්සී්‍යකට වඩා පැරණි ඉතිහාසයක් සහිත ලන්දේසි යුගය දක්වා දිවයන කර්මාන්තයකි. පයියාගල වාද්දුව දෙසින් ආරම්භ වෙන මෙම පොල් වගාව මාතර දක්වාම තැනින් තැන පැතිරි තිබේ. පයියාගල වාද්දුව ආසන්නයේ හොදින් බැලුවහොත් පොල් ගස් එකිනෙක ගැටගසා තිබෙනුද ඇතැම් ගසෙක කරාලයේ  තඩි මුට්ටියක් එල්ලා තිබෙනුද දකින්නට හැකිය. ඒ ගස් එකිනෙක කනෙක්ට් කර ඇත්තේ එකකින් අනෙකට පහසුවෙන් ගමන් කිරීම පිණිසය. මුට්ටි එල්ලා ඇත්තේ ගසේ පොල් මල කපා එහි එන තෙලිදිය එක්රැස් කරගැනීමටය. දෙවන ලෝක යුද්ධයට ප්‍රථම ලංකාවේ නිපදවුනු පොල් අරක්කු ලොව පුරා ජනප්‍රිය වූ මධ්‍යපානයක් විය. තවමත් කුඩා පරිමානයෙන් පොල් අරක්කු නිපදවෙන අතර් ඒ සදහා මෙම එකතුකරගන්නා තෙලිදිය භාවිතා කරනු ලැබේ. දුම්රියේ යන එන කල රා මුට්ටි ඇසට පෙනෙන මුත් රා ගද නහයට දැනෙන මුත් දුම්රියේ යනෙන ගමන රා පානය කල නොහේ. කලකට පෙර රුහුණට ඇදෙන දුම්රියේ එවෙලේ ගසෙන් බැස්සාක් වැනි මනුෂ්‍යයෝ කිහිප දෙනෙක් කුරුම්බා විකුන්නෝය. කුරම්බා වල්ලක් රැගෙන වෑවර, කුරුම්බා යැයි කෑ ගසමින් යන ඔවුන් ලගා වනවිට එන ගස් ගදෙන්ම ඒ කුරුම්බා වෙලෙන්දෝ යැයි අන්ධයෙකුට වුවද පහසුවෙන් හදුනාගත හැකිය.

 

නමක් නොමැති දුම්රිය ස්තානය

වාද්දුව ආසන්නයේ දුම්රිය ස්ථානය නො 1 ලෙස සදහන් දුම්රිය ස්ථානයකි. එලෙස අංකයකින් නම් කල දුම්රිය ස්ථානයක් වෙත් නම් ඒ නො 1 ම වේ. ගම් දෙකක දේශසීමාවක් මෙන් වූ මෙම සීමාවේ එක් ගමක නම යොදන විට අනෙක් ගම ඇත්තෝ කැති පොලු මන්න ගෙන මහත් කලහ කරන්නට වුනහ. අනෙක් ගමේ නම යොදන්නට යන කල පෙර ගමද එසේම විය. අවසානයේ දුම්රිය ස්ථානයට නමක් යොදා අංකයක්ම යොදන්නට සිදු විය.

 

ගාල්ලෙන් රිවස් දුම්රිය

Sri lankan southern railway memories

Source – wikimediacommons.com

පලමු වරට මුහුදුබඩ මාර්ගයේ මාතරට යන කුඩා දරුවෙකු ගාල්ලේදී ” ඇයි අම්මේ මේක ආයෙම කොළඹ පැත්තටම යන්නේ ” යැයි ඇසුවහොත් ඒක එහෙම තමයි. යැයි කියා සේප් විමට බොහෝවිට මවට සිදු වේ. සැබැවින්ම ගාල්ලේදී දුම්රිය නැවත කොළඹ දෙසට ධාවනය වී වංගුවකින් හැරී මාතරට ගමන සිදු වේ. ගාලු නගරයේ කොටු පවුර ආරක්ෂා කරන්නට එසේ කල බවක් අතීත විස්තර වල සදහන් වේ. එහෙත් මෙම පිහිටීම නිසා ගාල්ල බස් නැවතුම ආස්නනයටම දුම්රිය ස්ථානය පැමිණ තිබේ. නුවරදී ගුඩ්ෂෙඩ් බස්නැවතුම ආසන්නයේ ම දුම්රිය ස්ථානය පිහිටන්නේ යම් සේද? එවැනිම ආකාරයකට ගාල්ලේදී මහ බස් නැවතුම් පොල ආසන්නයේම දුම්රිය පොල පිහිටා තිබේ.

 

පෑරළිය බුදු පිලිමය

Sri lankan southern railway memories

Source – youtube.com

දුම්රිය අනතුරක් නිසා ලොව විශාලතම පිරිසක් මරණයට පත් වූ තැනක් වෙත් නම් ඒ 2004 සුනාමි ඛේදවාචකයට හසු වූ පෑරලිය දුම්රියම වේ. “ වතුර පාර ආවට අපි කීයටවත් හිතුවේ නැහැ පෙට්ටි ටික ගහගෙන යන්න තරම් ඒක ලොකු වේවි කියලා. ඒ නිසා අපි පෙට්ටි ඔල එහෝම උන්නා. මහ වතුර පාර ආව පෙට්ටි පෙරලිල ගහං ගියා. යාන්තං ඒ හිටි මල්ලිලා ගේ පිහිටෙන් විදුරුවකින් එලියට එන්න ඇහැක් උන නිසයි ජීවිතේ බේරගත්තේ ” පැරෑලිය දුම්රිය අනතුරෙන් ජීවිතය ගලවාගත් යුවතියක් සිය අත්දැකීම දක්වා තිබුනේ එසේය. එය සිහිකරනු වස් එම ස්ථානය ආසන්නයේ විශාල බුදුපිලිමයක් ඉදිකොට තිබේ. එසේම දකුනු මුහුදුබඩ කලාපයේ යන එන විට හොදින් නිරික්ෂණය කලොත් දැනට 13න් වසකට එපිට අග්නිදිග සහ දකුණු ආසියානු කලාපයේ විශාලතම ස්වාභාවික ව්‍යසනය වූ සුනාමියේ නටඹුන් දැකගත හැකිය.

 

ධීවර කර්මාන්තය

Sri lankan southern railway memories

Source – Amila Chathuranga

වෙරළබඩ කලාපයේ කලපුවක් ආසන්නයේ ඇතැම් දිනෙක විසි දැල් ගසා මසුන් මරන මිනිස්සුය. දැල් අදින කලක නම් හේල හෙලෙයි..හේල හෙලෙයි කියමින්  දැල් අදින්නෝය. දැන් කාලයේ නම් රිටි පන්න ධීවරයෝ මාලුවෙක් අහුවේදැයි ඇම දෙස බලනවාට වඩා කී්‍යක් හෝ උපයාගන්නට සුද්දෙක් වෙරළට පාත් වේදැයි බලාගෙන සිටිති. තවත් තැනෙක ධීවර වරායක් ආසන්නයේ කුඩා ඔරුය. එවැනි ධීවර කර්මාන්තයේ විවිධ ඉසව් මෙම දක්ෂිණ දුම්රිය ගමනේදි යම්තරමකින් දැකබලාගත හැකිය.

 

කඩොලාන සහ කලපු පරිසරය

Sri lankan southern railway memories

Source – flickr.com

මාර්ටින් වික්‍රමසිංහ ගේ මඩොල් දුව තිබෙන කොග්ගල ඔය හරහාද දකුනු දුම්රිය මගේ පාලමකි. ඒ ආසන්නයේ වැලිගම පොල්වතුමෝදරද කදිම වෙරළ සහ කලපු දර්ශනයක් මවාපායි. කඩොලාන කලපු පරිසරය නූතන යුගයේදී නම් ජනාකීර්ණත්වය හේතුවෙන් මදක් ඈත්වීගෙන ගියත් දක්ෂින දුම්රිය මගේ කඩොලාන පරිසරය දැකගත හැකි ස්ථාන කිහිපයක්ම වේ. කඩොලාන මෙන්ම වෙරළ බඩ පරිසරයේ ලක්ෂණමුහුදු වෙරල සේම ඒ ආශ්‍රිත ස්වභාවික ගල් පර කුඩා වගුරු, මෝය කට, ආදී භූමි දර්ශනයන්ද මුහුදුබඩ දුම්රිය මගේ යනෙන විට නෙතට හසු වේ.

 

මග දිගේ දුම්රියේ

දුම්රියේ ගමන බස්රිය හෝ වෙනත් රියක ගමන මෙන් වෙහෙසකර එකක් නොවේ. අප රට දුම්රිය තවමත් වායුසමන කොට වීදුරු සීල් කොට නොමැති බැවින් එලියෙන් එන සැඩ සුලං සැරද අපේ ගත පිසගනෙ හමා යයි. දකුනු වෙරළබඩ තීරය හරහා යන දුම්රිය ගමන කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද විවේක නෙතින් බලාගෙන යන්නට මනරම් දසුන් රැසක් ඇසට සපයන මාහැගි දුම්රිය ගමනකි.

 
Cover Image Source – amila chathuranga/ google maps/ wikimedia
 

zvr
Your Reaction

Comments