ඔයාගෙ ඔලුවට වදයක් වෙන විෂාදය ඔයාම ඇති කරගන්න විදි

ways we get stressed

පිරිසිදු සිංහල නමෙන් කතා කරද්දි විෂාදය කියල කිවුවට අපි හැමෝම දන්න නම තමයි ස්ට්‍රෙස් කියන්නෙ. ස්ට්‍රෙස් යවාගන්න විදි කියලා ඕනතරං දකින් දේවල් තිබුනත්, ස්ට්‍රෙස් ඇතිවෙන්නෙ ඇයි කියන දේ ගැන නං වැඩිය කොහේවත් කතා වුණේ නැහැ. අපිට ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන හිතලා ස්ට්‍රෙස් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් විදියට දක්වන්නට පුළුවන් වුනත් අපිට නැති ප්‍රශ්න ඔලුවට දාගෙන ස්ට්‍රෙස් ඇතිකරගැනීම අනවශ්‍ය තත්ත්වයක්. මේ ලියන්නෙ අපිට ස්ට්‍රෙස් වැඩි වෙන්න බලපාන ආපේ අතින්ම සිද්ධ වෙන වැරදි ගැන සටහනක්.

1. අයියෝ ප්‍රශ්නේ

ways we get stressed

Source – thebalance.com

පහුගිය ප්‍රශ්න කල්පනා කිරීම. හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ විදිහට හැමෝටම ප්‍රශ්න තිබුණු පළියට ඒ ඇතුළෙම ඔළුව යොදාගෙන හිටියොත් කවදාවත් අපිට ප්‍රශ්න ගැනම හිතනවා ඇරෙන්න වෙනිං වැඩක් කරන්නට වෙන්නෙ නැහැ. ප්‍රශ්න මතුවෙද්දි ඒවට විසඳුම් හෙවීම මිස ඒ ගැන සිතමින් තැවීම කරන්න හොඳ නැති දෙයක්. ඒකෙන් ඔලුවට කෙරෙන බලපෑම එච්චර හොඳ නැහැ. ඒක මූලිකවම ස්ට්‍රෙස් කියන දේ ඇති කරවන්න හොඳටම ඉඩ තියෙනවා.

 

2. වෙන්න පුළුවන් නරකම දේ

ways we get stressed

Source – pngall.com/ shutterstock.com / pinball.com

කොච්චර හොඳක් සිද්ධ වෙන්න තිබුනත් වෙන්න පුළුවන් නරකම දේ ගැනම හිතන අයත් ඉන්නව. අද ලොතරැයියක පළමු දිනුම ඇදුනත් හෙට මං වාහනේක හැප්පිලා මැරෙයි කියල බය හිතෙන එක වගේ දෙයක්. කොච්චර සරලව ජීවිතේ, ආර්ථිකය, දරු පවුල, රැකියාව සහ අවට සමාජය ගලාගෙන ගියත් ඒ අයට පේන්නෙ සිද්ධ වෙන්න පුළුවන් නරකක් ගැනයි. මේ නිසා ඔවුන් හැම මොහොතක්ම ගෙවන්නෙ දැන් කෙලවෙයි… දැන් කෙලවෙයි… කියල බයකින්.

 

3. කල්දැමීම

ways we get stressed

Source – ebay.com / batman action fiugres

වැඩ පහුවට කරන්න අතපසු කිරීම තරම් ස්ට්‍රෙස් ගේන දෙයක් තවත් නැති තරම්. ඒ මොහොතට ඒක අවුලක් නැති වුනාට පසුවට ඒක ස්ට්‍රෙස් දෙගුණ තෙගුණ කරවන හේතුවක්. දෙයක් යම් මොහොතක කරන්නට තියෙන කම්මැලි කමක් නිසා කල් දැමීම කිසිසේත්ම නොකළ යුත්තක්. තමුන්ට ලොකු අරමුණක් තියෙනවනං ඒක සපුරාගැනීමට ඒ වෙනුවෙන් අනු අරමුණු කිහිපයක් හදාගන්න. පොඩි ටික කරාම ලොකු එක හැදිලා තියේවි. ඒ විදිය සරල ක්‍රමයකින් ඔබේ අරමුණු හෝ රාජකාරි ඉටු කරගන්නවා විනා කිසිසේත්ම වැඩ කල්දැමීම කියන තීරණයට නම් යන්නට එපා.

 

4. පරක්කුව

ways we get stressed

Source – obs.jakartapost.com

කරන්න ප්ලෑන් කරන හැම වැඩකටම නිශ්චිත වෙලාවක් සෙට් කරගන්න. ඒක පහු වුණොත් තමුන්ට වැඩ අතපසුවෙනවා වගේම තමුන්ට අවට සමාජයෙන් එල්ල වෙන බැණුම් ටිකත් පසුවට ස්ට්‍රෙස් වැඩිවෙන්න හේතුවක් වේවි. නිකමට හිතන්න ඔබ සාමාන්‍යයෙන් ඔෆිස් එකට යන වෙලාව උදේ අටට කියල. එක දවසක් කම්මැලි කමට උදේ පාන්දර 6.30 බස් එකේ නගින්නෙ නැතුව, උදේ 7.00 බස් එකට නැග්ගොත් ඔබට සිද්ධ වෙන පාඩු හිතන්න. ඉස්කෝල ගාව ට්‍රැෆික්, බස් එකේ ඉඩ නෑ, තෙරපිලා ඔෆිස් එකට ගිහින් දාන්න වෙන ෂෝට් ලීවු එක, ඒ මොහොතෙ මිස් වෙච්ච වැඩ කරන්න දවසෙන් ඉතුරු වෙන්නෙ අඩු පැය ගාණක්, ලොක්කගෙ දෝස්මුරේ ඉඳන් ඔක්කොම තියෙන්නෙ අසුබ කතා තමයි. අන්න ඒ නිසා පරක්කුව නං කිසි මොහොතක හිතලා කරන්න එපා.

 

5. සෝෂල් මීඩියා

ways we get stressed

Source – filamentcontent.com

සෝෂල් මීඩියා ඇතුළට යන්නට ආසා වුණත් තමුන්ව ඒ තුළින් හංගාගෙන ඉඳීම නිසා වගේම වැඩිපුර සෝෂල් මීඩියා එකට එළිබැහීමත් තත්ත්වය නරක් කරන්න පුළුවන්. උදාහරණයකට මෙහෙම කියමු. ඔයා ෆේස්බුක් එකේ අසාමාන්‍ය ලෙස හැංගුනු චරිතයක් නම් ඔයා හොරෙන් හොරෙන් ඔයාව අනිත් අය එක්ක කම්පෙයා කරන්න පටන්ගන්නවා. ඒක මනසට වදයක්. එහෙම නැත්තං ඔයා ඕනවට ෆේස්බුක් එකේ ඕපන් වුනොත් ඔයාගේ ජීවිතේ හැම අඟලක්ම අනිත් අය දැනගන්නවා. ඒක ඔයාට ඒ මොහොතට ස්ට්‍රෙස් නැති වුණත් පසු කාලීනව ලොකු ස්ට්‍රෙස් එකක් වේවි. ඒනිසා තමන්ට සීමා දාගෙන මැදුම් පිළිවෙතක ගමන් කරන්න.

 

6. අයියෝ සල්ලි

ways we get stressed

Source – hexjam.com

වියදං කරලා ඉවර සල්ලි ගැන හිතන එකත් අවුලක්. ඔන්න ඔයා අරගන්නව ස්මාට්ෆොන් එකක්. රුපියල් පනස්දාහක් වියදං කරලා ගන්න ස්මාට්ෆොන් එක අරගත්තම යාළුවො අහනව කීයද කියල. ඉතිං ඔයා ඇත්ත ගාන කිවුවම ඔය අතරෙ ඉන්න සමහර අවුල් ගතිගුණ තියෙන යාලුවොන්ට කට තියාගෙන ඉන්න බැරි වෙනව. ඉතිං ආපෝ මට කිවුවනං හතලිහට අරං දෙනවනෙ, අනික ඔය ෆෝන් එකට වඩා මේක ෂෝක්.. ඒක තිස්පහයි වෙන්නෙත් වගේ ටෝක් දෙනවා. ඒ වගේ ගොන්නුන්ව යාළු කමෙන් අතාරින්න. ටැටූ එකක් ගහගෙන ගියත් ඔය වගේ ගොන්නු දෙතුන් දෙනෙක් ඩිටෙක්ට් කරගන්න පුළුවන්.

 
Cover Image Source – shutterstock.com/ pintarest.com
 

zvr
Your Reaction

Comments