ඩ්‍රින්ක් එකක් දාද්දි මූඩ් ෆික්ස් කරලා ආපහු වෙරි සිටුවේෂන් එකට ගන්න පුලුවන් නියම සින්දු ටිකක්

Songs for Drinking moods

දැන් ඔය කොල්ලො සෙට් වුනාම දෙකක් දැම්මම තත්ත්වෙ වෙනස් වෙන අවස්ථා එනවනෙ. සමහරු සල්ලි ප්‍රශ්න සහ වගකීම්, සමහරු ගෑනු ප්‍රශ්න, තවත් සමහරු වලි මූඩ්, තවත් සමහරු පොර ටෝක් වගේ අවස්ථා එනවනෙ. ඉතිං ඔය වගේ වෙලාවක ඔය වගේ දෙයක් පටන් ගන්නකොටම ස්කිප් නොකළොත් වැඩේ දෙල් වෙනව. මේ නිසා මේක ස්කිප් කරන්න ඩ්‍රින්ක් එකක් දාන වෙලාවකට හොඳම දේවල් යොදාගන්න ඕන. ඒ තමයි සින්දු. මේ වගේ වෙලාවක සින්දුවක් කියන්නෙ හැමෝටම තමුන්ගෙ ප්‍රශ්නෙ අමතක කරවලා වෙනිං ආතල් එකක් ඔළුවට දෙන සංසිද්ධියක්. මේ කියන්න යන්නෙ එහෙම කියන්න පුළුවන් අපි රෙකමන්ඩ් කරන සින්දු ටිකක් ගැන.

1. නිල්වන් මුහුදු තීරේ

ආතල් ලවු ෆීලින් එකක් දෙන රොක් ටයිප් එකට කියන්නත් පුළුවන් සින්දුවක් විදියට මේ සින්දුව කිසි බයක් නැතුව හඳුන්වන්න පුළුවන්. ඩෙස්මන්ඩ් සිල්වාගෙ මේ සින්දුව ඩෙස්මන්ඩ් සිල්වාගෙ රිදම් එකෙන් එහා ඉසවුවක් තියෙන සින්දුවක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. බොහෝ පිරිමින්ගෙ මුහුදත් එක්ක බැඳිච්ච ආත්මීය සිහිනය වෙච්ච නාවිකයෙකුගෙ කතාවක් සහ මගහැරෙන ආදරේ කියන කතාව එක්ක මේ සින්දුව කට්ටියට නියමෙට වදින බව ජීවිතේටම කැප වෙච්ච ලයිෆි ෂුවර් එකටම දන්නව.

 

2. පියඹා යනවා මා ආකාසයේ

මේක ඔය ලවු බ්‍රේක් වෙලා දුක් සීන් එකේ ඉන්න, ඩිවෝස් වෙලා අන්දොස් පිට ඉන්න පිරිමින්ට සිත සැනසුම ගේන සින්දුවක්. මේ සින්දුවට ඔය තත්ත්වයේ ඉන්න ඕනම පිරිමියෙක් සින්දුවත් එක්කම සමවදිනවා. අන්තිමටම එයා අහසෙ පාවෙවී අහසෙ එයත් එක්ක ඉන්න ගිරවුන්ට කොවුලන්ට කියනව එයා ඒ අවුල් ගිය ආදරෙන් මිදුන වග. ඒ පේළියත් එක්ක තමයි ඒ සින්දුව ක්ලයිමැක්ස් එකට එන්නෙ. ඒකෙ මියුසික් එකත් ඒකටම සෙට් වෙලා අපේ වියෝගී හිතට ප්‍රීතියක් දෙන්නම හදපු සින්දුවක් නිසා ගොඩම ගොඩ.

 

3. කන්තෝරුව කන්තෝරුව

මේක නිකමට හිතට ආතල් එකක් දෙන සින්දුවක්. හිතන්න අපි කවුරුත් ආසයි ඔෆිස් එකේ ආතල් එකේ ඉන්න. අපි ගොඩක් අයට ඒ වරම නැතත්, අපේ හිත තියෙන්නෙම කවදහරි ලොක්කෙක් වෙලා හරි ඔෆිස් එකේ ආතල් එක ගන්නවමයි කියල. අන්න ඒ හින්දා තමයි මේ සින්දුව අපේ ෆෑන්ටසිය වෙන්නෙ. ඒ ෆැන්ටසියෙන් ගැලවෙන්න අපිට අමාරුයි. මොකද අපි හැම මොහොතෙම ඉන්න ඔෆිස් එක ගැන අවුලෙන්. අන්න ඒ අවුලට මේ සිනදුවෙන් දෙන්නෙ සුපිරි කික් එකක්.

 

4. රෝමය ලෙසේ

මේක කීයටවත් තනි මිනිහෙක් කියන සින්දුවක් නෙමෙයි. නිකමට කියනවට හිතුවොත් දැනට අවුරුදු 33ත් 35ත් අතර මිනිස්සු තමුන්ගෙ ටීනේජ් කාලෙ බෙරිහන් දීගෙන රෝ…… ගාලා ඇදල කියපු සින්දුවක් තමයි මේ. ඒ නිසා මේක ඒ පරම්පරාව තාමත් ඔලුව මතින් බරවෙච්ච ගමන් ගහන නොස්ටැල්ජියා ප්‍රාන්තෙට ගිහින් යෞවන සිත් නගරේ ගිනි ඇවිලෙන හැටි බලනව. මේක අනිත් සෙට්වලටත් පොදු අත්දැකීමක් වෙන්නෙ මේක කණ්ඩායම් ගීයක් හින්දා. මේක කියන්න ඕන එක්කෙනකේ නෙමෙයි. මේක සෙට් එක පිටින් මුළු ලෝකෙම ගිනිගත්ත් කමක් නෑ කියල කියන සින්දුවක්.

 

5. කන්දේ හැපුනා මහ වනන්තරේ

අවධානය වෙනස් ෆැක්ට් එකකට යොමුකරවන ගීතයක් විදියට මේ සින්දුව හඳුන්වන්න පුළුවන්. මේ සින්දුවෙ පේළියක් මිස් වුනත් මිස් වෙන්නෙ ෆැක්ට් එකක්. මොකද මේ සින්දුවෙ සම්පූර්ණයෙන්ම තියෙන්නෙ නිවුස් එකක්. අඩියක් ගහන වෙලාවට හිත මතෙන් පෙඟිලා තියෙද්දි මිනිස්සු ඩීටේල් අල්ලන්න ඔලුව යොමනව වැඩියි. අන්න ඒ නිසා බොන මූඩ් එක පිට පැනලා නං ඒක සමථයකට ගන්න අටෙන්ෂන් වෙනස් කරන්න මේ සින්දුව මරු. මේ සින්දුවත් එක්ක යන කතාවල් කිහිපයකුත් තියෙන නිසා ඩ්‍රින්ක් එකක් දාන මේසෙකට මේක ත්‍රිලින් සින්දුවක්.

 

6. ආශා නිරාශා මැවූ

කවුද මචං බොද්දි ක්ලැසික්ස් අමතක කරන ගොන්නු. ක්ලැසික්ස් කියන්නෙ ඒ තරමටම ඩ්‍රින්ක් එකක් දාද්දි ලංකාවෙ බෙබා මේසයක් එක්ක බැඳිච්ච ෂීන් එකක්. ඉතිං ඒ කැටගරියෙනුත් මේ අපි ලියන මාතෘකාවට සින්දුවක් දායාද වෙලා තියෙන බව කියන්න ඕන. සින්දුව වික්ටර් රත්නායකයන්ගෙ. මැරෙන්න මොහොතකට කලිනුත් ඒ මහත්තයා නියම තරුණයෙක් වගේ ඉඳීවි කියල අපි ෂුවර්. අප් බීට් එකේ කියන ක්ලැසික් එකක් විදියට වික්ටර් රත්නායකයන්ගෙ ආශා නිරිශා මැවූ සින්දුව කියන්න පුළුවන්. ඒ වගේම මේ සින්දුව තාල ගොඩකට කියන්නත් පුළුවන්.

 

7. රත්තරන් සඳක්

හදවත රත්තරං ජෝතිත් මේ ලිස්ට් එකේ ඉන්නව. සුබ දවසක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක යන මේ සින්දුවෙ තියෙන විශේෂ ඛන්ඩයක් හවස් යාමෙක තියෙන මධු මේසයක් ආතල් දෙගුණ තෙගුණ කරන බව ලයිෆී හොඳටම දන්නව. ඒ තමයි

සිහිනයක් ලෙසින් රෑ එළියේ සතුට එයි සොයාලා
කාලයක් ළඟින් හිඳ සැනසේ නෑසු ගී කියාලා
සිතූ සැණින් නොදන්වමින්…
පියාඹාවී ආ සැණින්…

කියන්නෙ. මීට කලින් ඩ්‍රින්ක් එකක් දාන මේසෙක මේක අහල නැත්තං අපි කියනවට අහල බලන්න. ජීවිතේටම ආයෙ මේ සින්දුව මිස් කරන එකක් නැහැ.

 
Cover Image Source – wikipedia.org / youtube.com / omnipak.com
 

zvr
Your Reaction

Comments