අපි ජීවත් වෙන්නට ඕනේ අනිත් අයට ඕනෑ හැටියට ද?

how to live your own life

සමාජයේ ජීවත් වෙනකොට විවිධ අය අපිට විවිධ දේවල් කරන්න කියනවා. පාසලේදී වුණත් පොඩි පන්තිවලදි හයියෙන් හචිමක් ගියත් “ටී..ච.. මෙන්න මෙයා හචිං යවනවා” කියලා පාවලා දෙන එකෙක් අනිවාර්යෙන් ඉන්නවා. ඊට පස්සේ රස්සාවකට ගියත් “අර බලන්නකො අනේ අරයා අඳින හැටි” කියලා ඕපෙ හොයන අයයි, “ඔච්චර වැඩ කරන්නෙ ප්‍රොමෝෂන් එකක් බලාගෙන වෙන්නැති” කියලා ඇනුම් පද කියන අයයි නැත්නම් ඒක ඔෆිස් එකක් නෙවෙයි. ඉතින් මේ හැම කෙනෙක්ම කියන දේවල් අපි අහන්න ඕනේද කියලා මේ ලිපියෙන් අපි සොයා බලමු.

ඔබව හඳුනාගන්න

how to live your own life

Source – slowrobot.com

 

අපිට පුංචි කාලේ ඉඳලාම අධ්‍යාපනය ක්‍රමයෙන් සකසා සමාජයට අපිව නිකුත් කරලා තියෙන්නේ ඇති දේ ඇති සැටියෙන්ම වනපොත් කරලා රවුමට හිතනවා නම් ඒක එහෙම නෙවෙයි කොටුවක් වගේ හිතන්න කියලා සිස්ටම් එකම වෙනස් කරළායි. මේ නිසා අපි අලුතින් දෙයක් හිතනවා වෙනුවට, විවෘතව ලෝකය දිහා බලනවා වෙනුවට අපිට උගන්නපු දෙයක්, බටහිර රටකින් අපිට දීපු දෙයක් අදහාගෙන ඒකට ම මල් පහන් පත්තු කර කර ඉන්නවා මිසක් වෙනසක් කරන්න උනන්දු වෙන්නේ නැහැ. යම් කෙනෙක් වෙනසක් කරනවා නම්; ඔන්න එතැනදී තමයි අර අපි කලින් කියපු ජාතියේ අයගේ බලපෑම ඇති වෙන්නේ.

හැබැයි ඔබේ හැකියාවන්, ඔබේ ගතිගුණ සංස්කෘතිකමය, සදාචාරාත්මක පසුබිම ගැන හොඳින් කල්පනා කරලා බලලා ඔබ, ඔබටම අර්ථකථනයක් දෙන්න පුළුවන් නම් මම මේ වගේ කෙනෙක් කියලා; අන්න ඒ උත්තම පුද්ගලයා බවට පත් වෙන්න.

 

එයාලා කියන දේ ඇතැම්විට හරි වෙන්නත් පුළුවන්

how to live your own life

Source – satagi.com

එහෙම අනංමනං කියාගෙන එද්දී ජීවිතේටම ඒ දේවල් බලපාන විධියට දෙකට නැමෙන්නේ නැතිව ඔබ ඍජුව කල්පනා කරන්න මෙයාලා මේ කියන දේවල් ඇත්තද කියලා. මොකද, සමහර වෙලාවට අපිට නොපෙනෙන දෙයක් එයාලාට පෙනෙනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔබ අම්මා තාත්තාගෙන්, හොඳටම විශ්වාසදායී මිතුරෙක්ගෙන් හෝ ඥාතියෙක්ගෙන් ඒ ගැන කියලා කතාබහ කරන්න. එවිට ඔබට සිදුවන දේවල් වෙනත් කෝණයකින් දකින්නට හැකි වේවි. මොකද, ප්‍රශ්නයක් සිදු වෙද්දී අපි සහ අපිට බලපෑම් කරන පාර්ශවය සිටින අතර අපිට ප්‍රශ්නය තේරුම් ගැනීමට අපහසු නම් ඒ සඳහා මේ දෙපැත්ත දිහාම ස්වාධීනව දකින්න පුළුවන් තෙවන පාර්ශවයක උදව්ව අවශ්‍ය වෙනවා. පොලීසි, උසාවි වලින් වෙන්නෙත් මේ වගේම දෙයක්. ඒත් ඉතින් පොඩි පොඩි දේවල් එච්චර දුර ගෙනියන්න ඕනෑ නැහැනේ.

ඒ නිසා ඔබට හෝ වෙනත් කිසිම පුද්ගලයෙකුට හෝ දේපලකට හානියක් සිදු නොවන ආකාරයේ දෙයක් ඔබ කරනවා නම් ඔය එක එක කෙනා කියලා මගුල් අහලා අධෛර්යය වෙන්න ඕනෑ නැහැ.

 

තාත්තා, පුතා සහ බූරුවා

පුංචි කාලේ අපිට කියා දෙන මේ කතාව ඔබට මතක ඇති. තාත්තා කෙනෙකුගේ පුතෙකුයි බූරුවෙක් එක්ක ගමනක් යනවා. මේක දැකපු කට්ටිය: “අච්චර බූරුවෙක් ඉද්දි පයින් කොටනවා” “බූරුවා විඳින දුක! පුතෙක් මදිවාට තාත්තෙකුත් නැගලා” “වයසක තාත්තා ඉඳිද්දි පුතා සනීපෙට යනවා” ආදී වශයෙන් දේවල් කිව්වා. ඉතින් වරකදී එයාලා බූරුවා එක්ක පයින් ගියා, පුතා නැගලා තාත්තා බැස්සා, තාත්තා නග්ගලා පුතා බැස්සා, දෙන්නාම නැගලා ගියා, අන්තිමට බූරුවාව කරේ තියාගෙනත් ගියා. මේකේ සැඟවිලා තිබෙන අර්ථය අපිට කියා දෙන්නේත් එක එක අය කියන දේවල් අහන්නේ නැතිව තාර්කිකව, ස්ථානෝචිතව කළ යුතු දේ කිරීමෙන් නිවැරදි දේ කරගත හැකි බවයි. නැත්නම් ඉතින් අපි බූරුවාටත් වඩා අන්තයි!

 

දේශනා කෙළවර ‘හා’ කියන්න

how to live your own life

Source – trinityharbour.com

සමහර ඥාතීන් ඉන්නවා අපි අපේ ජීවිතේ කොච්චර අපි කැමති විධියට ප්ලෑන් කරලා, අම්මලාව ෂේප් කරගෙන තිබුණත් කාලෙකට සැරයක් ගෙදර ඇවිල්ලා ගිනි දීලා යනවා. ඊට පස්සේ සතිපතා කෝල් දීලා අහනවා එයාලා කිව්ව කෝස් එක කරනවාද, ඔහොම ඉඳලා මොනවා කරන්නද යන්නේ, රජයේ රස්සාවකට යන්න, බඳින්නේ නැද්ද, බැන්දාම කෝ තාම ළමයි නැද්ද, අයියෝ ළමයා සිස්සත්තෙ පාස් නැද්ද, හොඳ ඉස්කෝලෙකට දාගන්න බැරි වුණාද.. මේ වගේ ඉතින් ප්‍රශ්න කෝටියයි. අපිටත් වඩා අපේ ජීවිතේ ගැන එයාලාට මාර කැක්කුමක් තියෙන්නේ. ඉතින් එහෙම ගැලවෙන්නම බැරි ඩෑල් උපදෙස් දෙද්දී තරහා ගන්න එපා. මොකද මොන වෙලාවෙ මොන යකා ඕන වෙයිද කියන්න බෑනේ. ඉතින් කියන මගුලක් අහගෙන ඉඳලා “හා.. හා..” කියලා ඔළුව වනලා හිනා වෙලා ආතල් එකේ ඉන්න. අපි අපේ සතුට වෙනුවෙන් යමක් කරනවා නම් ඔය කවුරුවත් අපිට ඇවිත් කන්න දෙන්නේ නැහැ ඇදකුද හොයනවා මිසක්.

හරි, දැන් හැමෝම මම කියන දේ අහලා කමෙන්ට් එකක් දාලා, උපදෙස් දෙන ඇන්ටිලාට වදින්න මේක ශෙයාර් කරන්න.

 
Cover Image Source – sandiegounified.org
 

zvr
Your Reaction

Comments