නවතම චිත්‍රපට – නොවැම්බර් 3 සතිය

latest hindi and English movies November week 3

නිකුත් වෙන්න තියෙන අලුත් චිත්‍රපට අරගෙන මෙන්න මේ සතියෙත් අපි ආව ඔබව හමුවෙන්න. එහෙමනම් බලමු අපි මේ සතියෙ ඔබ හමුවට එන හින්දි සහ ඉංග්‍රීසි චිත්‍රපට මොනවද කියලා.

 

හින්දි

හින්දි චිත්‍රපට ගොඩක් මේ සතියෙ නිකුත් වෙන්න නියමිතව තිබ්බත් ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් එන්න චිත්‍රපට ටිකක් ගැන අපි ඔබට තොරතුරු ගෙන එනවා.

 

1. Firangi

 

තාත්ත කෙනෙක් දුවට කතාවක් ගොතල කියනවා. මේ කතාව තාත්ත ගොතන්නෙ ඉතිහාස කතාංග ටිකකුත් එක්කහු කරලා. සුද්දෝ ඉන්දියාව පාලනය කරන කාලයේ සිද්ධ වුණු සිදුවීම් කිහිපයක් එකට ගැටගහන මේ තාත්ත ලස්සන කතාවක් ගොඩනගනවා. මේ කතාව තමයි මේ චිත්‍රපටියට වස්තු විෂය වෙන්නේ. මෑත කාලීනව ඉන්දියාවෙන් බිහිවුණු විශිෂ්ටතම ප්‍රහසන රංග ශිල්පියෙක් වෙන කපිල් ශර්මා ගේ රංගනයෙන් හැඩවන මේ චිත්‍රපටිය හාස්‍ය සහ ඓතිහාසික කතා වලට ආස ඔබට ගැලපෙන චිත්‍රපටියක් වේවි.

Director: Rajiv Dhingra

නිකුත් වන දිනය : නොවැම්බර් 24

 

2. Viraam

 

තවත් එක් ආදර කතාවක් වස්තු විෂය කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් තමයි විරාම් කියන්නේ. ක්‍රියාදාම දර්ශන ටිකකුත්, සරාගී දර්ශන ටිකකුත් ඇතුලත් වෙලා තියෙන හන්ද මේක ගොඩක් රස පරාසයන් වලට විහිදේවි කියල කියන්න පුළුවන්. අන්නපුර්ණා භයිරි කියන නවක නිළිය මේ චිත්‍රපටියෙන් බොලිවුඩ් සිහිනය සැබෑ කරගන්නවා.

Director: Ziaullah Khan

නිකුත් වන දිනය : නොවැම්බර් 24

 

3. Kadvi Hawa

 

බොලිවුඩය කියන්නේ ගොඩක් දුරට විචිත්‍රාංග සිනමාව ට මුල් තැන දෙන තැනක් නේ. කතාංග සිනෙමාවට බොලිවුඩයේ තියෙන තැන අඩුයි. මේ කියන්න යන්නෙ එහෙම කතාංගමය ගණයේ චිත්‍රපටියක් ගැන. චිත්‍රපටියෙන් කියන්නේ කාලගුණික විපර්යාස සහ මිනිසා ඒවාට දක්වන ප්‍රතිචාර පිළිබඳව. සන්ජේ මිශ්‍රා, රන්වීර් ශෝරි, තිලෝත්තමා ශෝමි කියන විශිෂ්ට තාත්වික රංගන ශිල්පීන්ගේ රංගනයෙන් මේ චිත්‍රපටය හැඩ වීමට නියමිතයි.

Director: Nila Madhab Panda

නිකුත් වන දිනය : නොවැම්බර් 24

 

4. Tera Intezaar

 

කවුරු හරි හිටියද සනී ලියෝන්ගේ ෆිල්ම් එකක් එනකං? ඔන්න ඇවිත් එහෙම එකක්. මේකත් ටිකක් සරාගී දර්ශන වලින් පිරිච්ච චිත්‍රපටයක්. ආදර කතාවක් තියෙන්නේ. අන්තිමට මේක ටිකක් අත්භූත පැත්තටත් යනවා. ක්‍රියාදාම දර්ශනත් අඩු නැතුව මේකට එක් කරන්න අධ්‍යක්ෂකවරයා අමතක කරලා නෑ. සනී ට අමතරව අර්බාස් ඛාන් සහ රජිව් වාලිය ත් මේ  චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

Director: Raajeev Walia  

නිකුත් වන දිනය : නොවැම්බර් 24

 

ඉංග්‍රීසි

 

ඉංග්‍රීසි චිත්‍රපටනම් බොහොමයක් මේ සතියෙ කල එලි බහින්නෙ නෑ. නමුත් ඉතින් ජ්‍යෙෂ්ඨ නලුවො රඟපාන බොහොමයක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපට කිහිපයක් මේ සතියෙ නිකුත් වෙන්න නියමිතයි.

 

1. Coco

 

Coco කියන්නේ ඩිස්නි සහ පික්සාර් සමාගම් වල අලුත්ම නිපැයුම. සිය පවුලෙන් ලැබෙන සංගීත ආභාෂය ඔස්සේ ඉදිරියට යන ළමයෙක් සිය සිහිනය වන මහා සංගීතඥයෙක් වීම මේ චිත්‍රපටයේ කියවෙනවා. අලුත්ම කාටුන් මුහුණු ටිකක් මේ චිත්‍රපටයෙන් කල එලි බහින්න නියමිතයි. ඔහු යන සංගීත දිවියේදී  වෙන බාධක ආදිය සහ ඒවාට ඔහු මුහුණ දෙන ආකාරය කියන මේ සිනෙරුව කුඩා දරුවන්ට ආදර්ශ රැසක් කියාදෙන බවටනම් සැක නැහැ.

Director: Lee Unkrich

නිකුත් වන දිනය : නොවැම්බර් 22

 

2. The Man Who Invented the Christmas

 

ඩිකන්ස් ගේ Christmas Carol කෘතිය පාදක කරගෙන නිමවෙන මේ චිත්‍රපටය සත්‍ය අත්දැකීම් පදනම් කොටගෙන නිපදවෙන චිත්‍රපටයක්. නත්තල් කාලෙට කලින් නත්තලේ දී කියවෙන ගුණාංග ආදිය පිළිබඳ විවරණයක් ගන්න ආසනම් ඔබ බලන්න ඕන හොඳම චිත්‍රපටය තමයි මෙය. ඩෑන් ස්ටීවන්සන්, ක්‍රිස්ටෝපර් ප්ලමර් වගේ විශිෂ්ට නළුවන් කිහිපදෙනෙක්ම මේ සමගින් රංගනයෙන් දායක වෙනවා.

Director: Bharat Nalluri

නිකුත් වන දිනය : නොවැම්බර් 22

 

3. Darkest Hour

 

දෙවැනි ලෝක යුද්ධය කියන්නේ සිදුවීම් රැසක් අමතක නොවන මතක විදිහට ඉතුරු කරපු සිදුවීම් සමුදායක්. වින්සන්ට් චර්චිල් බලයට පත් වීමත් සමග ඔහුට මුහුණ දෙන්න වෙන සිදුවීම් කිහිපයක් වටා ගොඩනැගුණු මේ චිත්‍රපටය බොහොම රසවත් කතාවකින් යුක්ත බවයි විචාරකයෝනම් කියන්නේ. ගැරී ඕල්ඩ්මන් , ලිලී ජේම්ස් වගේ දක්ෂ නළු නිලියන් ගේ දායකත්වයෙන් හද වෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම හා කථාංග සිනමාවට කැමති ඔබ සනසනු නියතයි.

Director: Joe Wright

නිකුත් වන දිනය : නොවැම්බර් 22

 

ඉතින් මේ ලිපිය කියවලා ඉස්සර ඔබත් දැනුමට යමක් එකතු කරගත්තනම් අනිත් අයට දැනගන්නත් එක්ක ශෙයා කරන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – lifie.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *