නිතර දකින්නට ලැබෙන කෙල්ලො වර්ග 6ක්

Girl types that can be found often

සමාජයේ විවිධාකාරයේ කොල්ලො, කෙල්ලො ඉන්නවා වගේ පේනවා. ලෝකය ගෝලාකාරයි වගේ තමයි මිනිස්සුත් විවිධාකාරයි. හැබැයි ඉතින් ලෝකය පැතලි රොටියක් වගේ තිබිච්ච කාලෙත් එකේක ජාතියේ මිනිස්සු හිටපු බව ඕන තරම් ඉතිහාස කතන්දරවල දකින්නට ලැබෙනවා. මේ ලැයිස්තුවට එකතු වෙන්නෙත් මේ කාලයේ නිතර දකින්න ලැබෙන කෙල්ලො වර්ග කිහිපයකුයි.

 

1. ෆැෂන් කෙල්ල

Girl types that can be found often

Source – bengaliclicker.com

අල්මාරිය ඇරියාම ඇඳුම් ටික සේරම ඇඟ කඩාගෙන වැටෙන විධියෙ අමුතු ආරක්ෂණ උපක්‍රමයක් පාවිච්චි කරන මේ කෙල්ලන්ට ලිප්ස්ටික් වැඩිපුර ගාලා, කියුටෙක්ස් නාලා, කොණ්ඩෙ කඩා දාලා දවසට දෙතුන් පාරක් ගෙදරින් එලියට බස්සේ නැත්නම් නිකං කෑවෙ නෑ වගේ. මෙයාලා වැඩිය එළියෙ ඇවිදින්නෙත් නෑ. ඩස්ට් එක නිසා, ඉර එළිය නිසා ස්කින් එක ඩැමේජ් වෙයි කියලා බයේ, එලියට ගිහින් කට්ටියට එක දාලා “සා වෑව්!” එක අහගෙන ආයෙ ගෙදරට රිංගලා නියපොතු මදිනවා, ෆේෂල් කරනවා කියලා මී කිරි මූණෙ ගාගෙන කන්න තියෙන පිපිඤ්ඤා ටික ඇස්වල තියාගෙන හෙන ගේමක් දෙනවා. තමන්ට වඩා දශමෙකින් හරි යාළුවා සුදුයි කියලා දැක්කොත් නම් සතියක් විතර දොර ජනෙල් වහගෙන ඉර එළිය නොවැටී ඉඳලා ඒත් හරි නොගියොත් එහෙම අයිස්ලන්තෙට ගිහිල්ලා හරි ඉඳීවි.

 

2. ආඩම්බරකාරි

Girl types that can be found often

Source – youtube.com

කෙල්ලො ආඩම්බරයි කියන කතාව සාමාන්‍ය දෙයක් වුණාට බොක්කෙ ෆිට් එකෙන් උණ්ඩුකපුච්ඡෙන්ම හෙල්ප් එක දෙන කෙල්ලො නැතුවම නෙවෙයි. හැබැයි ඉතින් අඩි පහක් හයක් උඩින් යන අය තමයි මේ කැටගරියට වැටෙන්නේ. එයාලා කවුරුත් කතා කළාට කතා කරන්නෙ නැති වුණාට සුද්දෙක් දැක්කොත් නම් පණ වුණත් දේවි. (මතකනේ කූඹියෝ එකේ සීන් එක?) ටීච කෙනෙක්ට වුණත් මෙයාලා වැඩිය කෙයා කරන්නේ නෑ, වැඩිහිටි කෙනෙක්ගේ අතේ තිබ්බ දෙයක් වැටුණාම ටිකක් නැවතිලා අරගෙන දෙන්න එයාලාට මතක් වෙන්නේ නෑ. මොකද එයාලා බර කල්පනාවල බිම බලාගෙන තමයි ඇවිදින්නේ.

 

3. කාගෙත් නංගි

Girl types that can be found often

Source – huffingtonpost.com

කොල්ලො ටිකක් කොහේ හරි ඉන්නවා නම් එතන කොහෙන් හරි ගෑවිච්ච, උන්ගෙම බොක්කෙ ෆිට් එකේ ඉන්න කෙල්ලෙකුත් ඉන්නවා. ගොඩක්ම රජයේ නොවන කැම්පස්වල තමයි මේ වගේ අය දකින්න ලැබෙන්නේ. කෙල්ලො ආශ්‍රය කරනවාටත් වඩා මේගොල්ලො කැමති කොහෙන් හරි කොල්ලෙක්ව හොයාගෙන ෆිට් වෙන්න තමයි. හැබැයි ඒ යාළුවෙන්න නම් නෙවෙයි. හුදෙක්ම කරට අත දාලා කෙප්පයක් දොඩවාගෙන “අයියෙ අයියෙ” ගගා ඉන්න විතරයි. ඉතින් මේකට අහුවෙලා ගොඩක් කොල්ලො අමාරුවෙත් වැටෙනවා. මෙයාට ඉන්න අයියලා ගොඩ නිසා කවදාවත් වෙන කොල්ලෙක්ගෙන් අවුලක් වෙන්නේ නැහැ. ලාවට කරදරයක් වෙන්න ගියත් අයියලා ටික බැහැලා නංගිව බේර ගන්නවා.

 

4. මිසීස් වෙන්ඩ-පොෂ්

Girl types that can be found often

Source – pashionistas.com

අතේ සතේ නැතත් අයිෆෝන් එකක් අතේ තියාගෙන හැමෝටම පේන්න කෝල් ගන්න, හොටලේ එකකට ගියපු ගමන්ම බාත්රූම් එකට පැනලා ෆොටෝස් ගහගෙන ගහගෙන යන, සිංහල බාගයයි – ඉංග්‍රීසි බාගයයි කතා කරන කෙල්ලො අනන්තවත් දැන් කොළඹින් ටිකක් දුර පැතිවල නගරවලත් දකින්නට ලැබෙනවා. මෙයාලා පාරේ යද්දි වැරදිලාවත් නකුටු බල්ලෙක් හිටියොත් වසලා හමාරයි. මහා සද්දෙට “හානේ ස්වීට්” කියලා ගිහින් ඌ එක්ක සෙල්ෆියක් ගහලා, ඉඹලා, පව් අනේ මෙයාව බලාගන්න කෙනෙක් නැතුවැති කියලා යන්න යනවා. හැබැයි ගෙදර ඉන්න පූසාට දෙන්නෙ පයින්!

ඒ වගේම තමයි පාරෙ ආච්චි කෙනෙක්, දුප්පත් කෙනෙක් අත පානවා නම් එයාලට අනිත් අය ළඟ ඉන්නවාද කියලා බලලා ටිකක් ලොකු ගාණක් දෙනවා. එයාලා එක්ක කතා කරනවා. ඒ වුණාට ගෙදර ඉන්න අම්මා එක වචනයක් කතා කරන්නේ නෑ. සිංහලෙන් මනුස්සයෙක් කතා කළොත් උත්තර දෙන්නේම ඉංග්‍රීසියෙන්. හැබැයි ගෙදරදි අමු කුණුහරුපෙන්ම තමයි කෑ ගහන්නේ.

 

5. ගොඩේ කෙල්ල

Girl types that can be found often

Source – breitbart.com

තමන්ගෙ යාළුවො කොච්චර ලස්සනට ඇන්දත්, නානාප්‍රකාර බියුටි කචල් වැඩ කළත් ඒ එකක්වත් දැක්කෙ නෑ වගේ කුණු පෙරාගෙන ඉන්න කෙල්ලොත් ඉන්නවා. එයාලා කොල්ලො වගේ අතට අහුවුණ එකක් අඳිනවා – අමු සිංහලෙන් කතා කරනවා – බාටා දෙක දාලා ඇවිදිනවා. ආයෙ කිසිම පොෂ් පාට් එකක් නැහැ. හැබැයි එහෙමයි කියලා පොෂ් අයව ආශ්‍රය නොකර ඉන්නේවත් එයාලාට බනින්නේවත් නැහැ. මොකද එයාලට ඒකටත් කම්මැලියි, ගාණක් නැහැ. උදේට නැගිටලා කැම්පස් එකට ආවටත් පස්සේ තමයි මතක් වෙන්නේ කොණ්ඩෙ පීරුවෙ නෑ කියලා. ඉතින් අතින්ම එහෙක් මෙහෙක් කරලා හදාගෙන ෂේප් එකේ ඉන්නවා.

 

6. වැලපෙන කෙල්ල

Girl types that can be found often

Source – imgflip.com

මේ ජාතියෙ කෙල්ලො හොටු පෙරාගත්ත ගමන්මයි. පොඩි දෙයක් වුණත් අඬනවා. උදේ නැගිට්ට ගමන් හචිමක් ගියත් හෙම්බා හැදිලා, උණ හැදෙන්න යනවා කියලා බයේ රට වටේටම කෝල්ස් දාලා යාළුවන්ටත් කියලා, ෆේස්බුක් එකෙත් දාලා ඒකේ ඉන්න උන්ටත් මැසේජ් කරලා රටම ගිනි තියනවා. එකෙක් හරි රිප්ලයි කරේ නැත්නම් ඔන්න ඒකටත් අවුල් ගිහිල්ලා ඒකෙ දුක කියන්න තව 10 දෙනෙක්ට විතර මැසේජ් දානවා. ඉතින් ඇගේ දුක අහන්න මුළු රටම සැදී පැහැදී ඉන්න ඕන. ගොඩක් වෙලාවට ගෙදරින් හොයන්නෙ නැති අය තමයි මෙහෙම වෙන්නේ. ඒත් ඉතින් හෙව්වත් ගෙදරට නාහෙන් අඬ අඬ ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. හැමෝම උපතින්ම අඬාගෙන ආවට මෙයාලගෙ නම් අඬන නහරෙ ලොකු වෙනකොට ක්ෂීණ වෙලා ගිහින් නැහැ.

 
Cover Image Source – newsmobile.in
 

zvr
Your Reaction

Comments