කොල්ලෝ සෙට් එකක ඉන්න ප්‍රධාන සාමාජිකයෝ

boy types in a gang

1. වෘත්තීය උපදේශක

boy types in a gang

Source – pottermore.com

විශ්වය අතැඹුලක් විදියට තමාට දකින්න පුළුවන් හෙන පණ්ඩිතයෙක් කියලා හිතාගෙන හතර අතට පාණ්ඩිත්‍යය විදහා පාන්නේ මෙයා. යාළුවෙක්ට ආදරේ සම්බන්ධ හුටපටයක් වුණාම ලව් ගුරු වෙනවා. එහෙම වුණාට මොන්ටිසෝරියේදී කෙල්ලෙක්ගෙ අතින් ඇල්ලුවට පස්සේ කෙල්ලෙක් ළඟ වාඩිවෙලාවත් නැහැ. ක්‍රිකට් මැච් එකක් බලන වෙලාවක ළඟ ඉන්න බෑ ටෝනි ග්‍රේග් වෙන්න හදනවා. ඒත් ඇත්තට ම විකට් පොල්ලක් හිටවන්නවත් දන්නේ නැහැ. රට යන්න ඕනි මෙහෙමය අරහෙමය කියලා දේශපාලනික ටෝක්ස් දුන්නට ජනාධිපති කවුද කියන්නවත් දන්නේ නැහැ. ඇත්තම කිව්වොත් එයත් දන්න මගුලක් නෑ.

2. ෆෝන්සේකාවා

boy types in a gang

Source – pintarest.com

කොයි වෙලෙත් ෆෝන් එකත් එක්ක ජීවත් වෙන මේ අයියට ෆෝන් එක තමන්ගේද අනුන්ගේද කියන එක වගේ වගක් නෑ. ෆෝන් එක යාලුවෙක්ගෙ නම් ඒකෙ තියෙන හැම රෙද්දම බ්ලුටුත් කරගන්නවා. කොල්ලෝ එකතුවෙලා කයියකට සමවැදිලා ඉන්න වෙලාවටත් එලෝ මෙලො නැතුව ගෑණු ළමයා එක්ක මල් කඩනවා. හැබැයි අපරාදේ කියන්න බෑ හදිස්සියකට ෆෝන් එකට මැසේජ් එකක් දැම්මොත් ඒකට රිප්ලයි කරන්නේ දවස් කීපෙකට පස්සේ. විසිහතර පැයම ඔන්ලයින් ඉඳන් කොම්පැණි පොහොසත් කරන්න ම (අම්මා දෙන සල්ලිවලින් ඩේටා කාඩ් අරන්) ඉපදුනු කොල්ලෙක්. කොතෙන්ට ගියත් නමෝ විත්තියෙන් සෙල්ෆි එකක් ගහලා වැඩ පටන් ගන්නෙත් මෙයා තමයි.

 

3. පැණියා

boy types in a gang

Source – thebrunettediaries.com

කෙල්ලෙක් වෙනුවෙන් විලිලජ්ජා නැතුව අන්තිම පහත් තත්වයට වැටෙන්න පුදුම දක්ෂතාවක් තියන කොල්ලෙක්. කෙල්ලෙක් ප්‍රයිවට් බස් එකකට බෙල්ල තියන්න කිව්වොත් ඒකත් කරයි. හායි ඩියර්, නයිස් ඩියර් වගේ පාරිභාෂික වචන සෙට් එකක හිමිකාරයෙක්. ඕනි දෙයක් කරයි හැබැයි යකෙක්ව බැඳගත්තා වගේ දුම්මල ගැහුවත් යන්නේ නැහැ. බල්ලෝ මස්කටු දිහා බලනවට වඩා මල මුස්පේන්තු විදියට කෙල්ලෝ දිහා බලන නිසා කෙල්ලොන්ගේ අයියලාගෙන් ගුටි කාලා හොඳ පන්නරයක් තියෙනවා. හැබැයි ඉතින් තනිකඩයා.

 

4. බෙබා

boy types in a gang

Source – nypost.com

පුංචි කාලේ කිරි බෝතලේ වෙනුවට වෙන බෝතලයක් බිව්ව උපන්ගෙයි සුරා සොඬා. වෙරි වුණ ගාණටත් වඩා වෙරි පාට් දාලා චරිතය පජාත කරගන්න ලෙඩක් තියෙන හිත හොඳ කොල්ලෙක්. මෙයා තේ හැන්දක් තරම් බිව්වට පස්සේ මරියානා ආගාධේ වැලිතලප ගවේෂණය කිරීමේ ඉඳන් අභ්‍යවකාශයේ වාපි සංස්කෘතිය දක්වා දැනුම් පරාසයක් ගැන ඔහේ කියවන්න පටන් ගන්නවා. පාන් භාගයක් ගන්න සල්ලි නෑ හැබැයි බොන්න නම් තියනවා.

 

5. කුණා

boy types in a gang

Source – kotaku.com

මහා සාගරේ තරම් ධනස්කන්ධයක් තිබුණත් කොල්ලෙක් වෙනුවෙන් කොස් ඇටයක්වත් අරන් නොදෙන අදින්න පුබ්බකයා තමයි මේ. කොයි වෙලේ ඇහුවත් එයා ළඟ සල්ලි නැහැ. පර්ස් එක ඇදලා බලාවි කියලා පුළුවන්නම් ඒක හිස් කරලා අහුමුල්ලක ගහගන්න තරම් හපනා. කෝල් එකක් ගන්න ඕනි වුණාම විලිලැජ්ජා නැතුව මිස්ඩ් කෝල් ගහනවා. කට්ටිය සල්ලි එකතු කරලා කද්දී රුපියල් දහයක් පහළොවකින් සම්මාදම් වෙලා පන්සියයක දාහක තරම් කනවා.

 

6. රත්තරන් මනුස්සයා

boy types in a gang

Source – adweek.com

යාළුවෙක්ට කන්න අරන් දෙන්න, ණයක් දෙන්න බැරි නම් යාළුකමට ඕනි දෙයක් කරන එක තමයි මෙයාගේ එකම සතුට. ඒත් ඇත්තටම එයා ගාවත් සල්ලි නැහැ. බස් එකේ යද්දී ඔක්කොටම ටිකට්ගන්න, ෆෝන්වලට රීලෝඩ් දාන්න, ඉල්ලන හැමවෙලේම බයික් එකයි දෙන්න තරම් මහබැංකු මානසිකත්වයක් තියෙන නිසා හදිසිකයට ඇඳන් ඉන්න ඇඳුම වුණත් ගලවලා දෙන්න බැරි කමක් නැහැ.

 

7. චණ්ඩියා

boy types in a gang

Source – gangnations.wikia.com

එකම නමින් අඳුනන දෙන්නෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි ‘ව’ අකුර කිව්ව ගමන් වලියට එන්ටර් වෙන්නේ. ගහන්නේ කාටද මොකක් නිසාද කියන්න දන්නේ නෑ වැඩේ කොහොමහරි සිද්ධ වෙන්නයි ඕනි. දෙවෙනියා තමයි වලියේ ඔක්කොම මාස්ටර් ප්ලෑන් එක ගහන්නේ හැබැයි වලිය දවසට නැහැ. ඒ ආවත් ගස් දෙබලකට මුවා වෙලා ඉන්නවා වලිය ඉවර වෙනකන්. වලියෙන් දිනුවොත් ජීවිතාන්තය දක්වා ඒක ගැන කියව කියවා ඉඳීවි.

 

8. කෑමදාස

boy types in a gang

Source – videoblocks.com

කෑම දැක්කම ඔක්කොම අමතකයි. බෙදාගෙන කන්න වෙන අවස්ථාවල දිවි පරදුවට තියලා ගෙනාපු ටිපිටිප් පැකට් එකේ අඩිය හූරගෙන කයි. සෙට් එකේ ඉන්න තඩියාටත් වඩා ඉඳිකටු පැන්චා තමයි බඩජාරියා. බත් එකේ බිත්තරේ උස්සන්නෙත් එයා. ගෙදරකට එක්කන් යන්න බැරි හැලි වලං උනත් ලෙව කාලා යන්න තරම් ප්‍රේත වස්තුවක් නිසා.

 
Cover Image Source – wwe.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *