වැඩිම වියදමක් දරා තැනූ ටෙලි මාලා 5

Tv series with highest production costs by 2017

ටෙලිවිශන් කතා මාලා කියන්නෙ ලෝකෙ ප්‍රසිද්ධ කලා මාධ්‍යයක්. ලංකාවෙ ටෙලි කතා මාලා විතරක් නෙමෙයි, ඉන්දියානු ටෙලි කතා මාලාත් ලංකාවෙ පුංචි තිරය ආක්‍රමණය කරන්න සමත් වෙලා තියෙනවා. ඒත් ලංකාවෙ තරුණ පරපුර නම් වැඩිපුර කැමති ඉංග්‍රීසි ටෙලි කතා මාලා බලන්න. අති විශාල වියදමක් දරා හදන ඉංග්‍රීසි ටෙලි කතා මාලා වල තාක්ෂණයන් ඉංග්‍රීසි චිත්‍රපටිවලට දෙවැනි නොවෙන්න භාවිතා වෙනවා. අද අපි හිතුවේ ලෝකයේ වැඩිම මුදලක් වියදම් කරලා හදන ටෙලි කතා මාලා 5 ගැන ඔබට කියන්න.

5. Game of Thrones (ගේම් ඔෆ් ත්‍රෝන්ස්)

ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකයේ ජනප්‍රිය කතා මාලා දර්ශක වල උඩින්ම තියෙන කතා මාලාවක් තමයි GoT එහෙමත් නැත්නම් Game of Thrones කියන්නෙ. මේකෙ එක කතා කොටසක් (Episode) නිර්මාණය කරන්න නිශ්පාදකයො ඩොලර් මිලියන 10 ක් සාමාන්‍යයක් ලෙස වියදම් කරන බවයි කියවෙන්නේ. මෑත කාලීන ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ට කතාංග රචකයෙක් විදිහට හැඳින්වෙන R.R මාටින් ගේ “A Song of Ice and Fire” කියන කෘතිය පාදක කරගෙන දිවයන මෙම කතා මාලාව ආරම්භ වෙන්නෙ 2011 අප්‍රේල් 17 වැනිදා. රජවරු, නයිට් වරු සහ පෙලපත් කිහිපයක සිහසුන උදෙසා ඇතිවන කුමන්ත්‍රණ, සටන් ආදියෙන් සමන්විත මෙය ප්‍රබන්ධයක්. IMDb දර්ශකයේ මෙයට ලකුණු 10 න් 9.5 ක් ලබා දී තිබෙනවා. දැන් පෙන්වන්නේ මෙහි 7 වෙනි කතා මාලාව බවත් පැවසිය යුතුමයි.

 

4. Fried (ෆ්‍රයිඩ්)

හාස්‍යමය මාලා නාටකයක් වුණු මෙය කොටස් කිහිපයකින් පමණක් සමන්විත වුණා. මෙහි එක් කොටසකට ද ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් පමණ වියදම් වී තිබෙන බව කියැවෙනවා. මුලින්ම විකාශය වී තිබෙන්නේ 2015 අගෝස්තු 25 වන අතර එම වසරේම සැප්තැම්බර් 29 වැනිදා එහි විකාශනය අවසන්ව තිබෙනවා. පවුල් ජීවිත තුල ඇතිවන ප්‍රශ්න, සංසිද්ධි හාස්‍යෝත්පාදක ස්වරූපයකින් ඉදිරිපත් කළ මේ ටෙලි කතාවට IMDb ටෙලි නාට්‍ය දර්ශකය තුල ලකුණු 10 න් 8.5 ක් ලබාදී තිබුණා.

 

3. E.R (ඊ. ආර්)

බොහෝ කාලයක් විකාශය වූ ටෙලි කතා අතර ප්‍රමුඛස්ථානයට E.R පැමිණෙන්නේ එය 1994 සිට 2009 දක්වා විකාශය වී ඇති නිසා. වසර 15 තුල කොටස් 331 ක් විකාශය වී තිබූ අතර එක් කොටසක් සඳහා වියදම සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක් වුණා. චිකාගෝ වෛද්‍යායතනයක සිදුවන කාලීන සහ මුහුණදීමට සිදුවන එදිනෙදා ගැටලු පිළිබඳ කතා කළ මේ ටෙලි නාට්‍යයේ ආරම්භක විකාශන දිනය 1994 සැප්තැම්බර් 19 වැනිදා. IMDb දර්ශකය තුල මෙයට ලකුණු 10 න් 7.7 ක් ලබා දී තිබෙනවා.

 

2. The Get Down  (ද ගෙට් ඩවුන්)

මෙය සංගීතය පාදක ටෙලි නාට්‍ය මාලාවක්. ආසන්න වශයෙන් ඩොලර් මිලියන 11.2 ක් එක් කොටසකට වියදම් කරමින් නිර්මාණය වන මෙහි පලමු විකාශනය සිදුවුණේ 2016 අගෝස්තු 12 වැනිදා. 70 දශකයේ ඇමෙරිකානු සමාජයේ සිදුවුණ පෙරලි සහ හිප් – හොප් සංගීතයේ ආගමනය ගැන විශ්ලේෂණය කරන මෙම ටෙලි කතා මාලාවට IMDb දර්ශකයේ ලකුණු 10 න් 8.4 ක් ලබාදී තිබෙනවා. ප්‍රධාන රංග කාර්යය සිදු කරන්නේ ජේඩන් ස්මිත් සහ ජස්ටිස් ස්මිත් විසින්.

 

1. The Crown (ද ක්‍රවුන්)

The Audience නම් කෘතිය පාදක කරගෙන නිර්මාණය වූ මෙම කතා මාලාව එංගලන්ත රජ පවුල පිළිබඳව කියැවෙන තවත් එක් කතා මාලාවක්. 1940 වසරේ සිට වර්තමානය දක්වා එංගලන්ත අග රැජින වන දෙවැනි එලිසබෙත් රැජිනගේ ජීවිතය මෙම කතා මාලාවට මූලිකවම පාදක කොට ගෙන තිබෙනවා. 2016 නොවැම්බර් 4 වැනිදා විකාශය ඇරඹූ මෙහි එක් කොටසක වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 13 ක් ලෙසයි සැලකෙන්නේ. IMDb දර්ශකය තුල මෙයට ලකුණු 10 න් 8.7 ක් ලබාදී තිබෙනවා. ක්ලෙයා ෆෝ, වැනීසා කර්බි ඇතුලු දක්ශ රංගධරයන් රැසක් මෙම කතා මාලාවට තම දායකත්වය සපයනවා.

ඔය තමයි මුල් 5. ඔබේ දැනුවත් වීම පිණිස 6 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා ලැයිස්තුව පහතින් දැක්වෙනවා.

6 – Rome
7 – Marco Polo
8 – Sense 8
9 – Camelot
10 – Fraiser
11 – Boardwalk Empire
12 – House of Cards
13 – Dead Word
14 – Lost
15 – Fringe

ඉතිං මේ කතා මාලා ඔබත් බලන්න. වියදම් වුණ මුදල පමණක් නෙමෙයි කතාවේ රසය, නළු නිළියන්ගේ රඟපෑම් පවා මේ කතා මාලා වල අති විශිෂ්ටයි.

 
Cover Image Source – lifie.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *