සමාජය හොඳට අඳුරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහන සේවයක ගිහින් තියෙන්නෙ ඕනේ. කෝචිචිය, බස් එක නේ ඉතින් අපේ රටේ තියෙන ප්‍රසිද්ධම සහ වැඩිපුරම විවිධ තරාතිරම්වල, මනස් මට්ටම්වල මිනිස්සු ප්‍රමාණයක් දැකගන්න තියෙන්නේ. මේ ලිපියෙන් අද බලමු බස් වල යන අය මොන වගේද කියලා.
1. ටිකට් නොගෙන හොරෙන් යන අය

Source – youtube.com
කෝච්චිවලත් ඉතින් මෙහෙම යන අය නැතුවාම නෙවෙයි. මේක සමහරු හොඳ පුරුද්දෙන්, ගාණටම කරනවා. කොන්දා ඇවිත් “ටිකට් ගන්න” කිව්වාම 5000 කොළයක් දීලා මාරු නෑ, බහින්නේ ගමනාන්තයේ කියනවා. කොන්දා කපටි නම් ඉතින් ඒක අරගෙන පස්සේ සල්ලි දෙන්නම් කියනවා. හැබැයි බොහොම අය “ඕක තියාගන්න; බහිද්දි දෙන්න කියනවා” හැබැයි දෙවෙනි සැරේ කොන්දා ඌව හොයද්දි එහෙම එකෙක් නෑ.
අනිත් ක්‍රමේ තමයි කොන්දාගෙ ජොබ් එක උස්සන එක. ෆුට්බෝඩ් එකේ ඉඳගෙන කොන්දාට වැඩිය හයියෙන් කෑ ගගහා ඌ සෙනග අද්දනවා, මැදට යන්න කියනවා, කට්ටියගෙ බෑග් අරගෙන එන්ජිම උඩින් තියනවා.. අම්මෝ වැඩ ගොඩයි!
2. සීට් නොදෙන අය

Source – youtube.com
මාලනී බුලත්සිංහල මහත්මියගේ “දකින විට පන්සලක්, පිළිමයක්, බෝධියක්” සිංදුවේ එහෙම් පිටින්ම තියෙන්නෙත් මේ සීන් එක ගැන තමයි. බස් එකට නගින පූජ්‍ය පක්ෂය, ගැබිණි මව්වරු, වයසක අය, ආබාධිත අයට සීට් ලැබෙන්න නම් කොන්දා කෑ ගහන්නම ඕන නෝන්ඩි වෙන්න. හැබැයි ඉතින් හිත හොඳ කමට දුන්නා කියමුකො. අපි එයාලටත් වඩා දුර යනවා නම් එයාලා බහිද්දි ආයෙ අපිට සීට් එක දීලා බහින්නේ නෑ. එතකොට ඉතින් ඉඳහංකො හිටගෙන බඩ වෙනකං! ඒ හින්දා මේකෙදි දෙපාර්ශවයටම යුතුකමක් තියෙනවා. හැබැයි, පූජ්‍ය පක්ෂයෙන් නම් එහෙම බලාපොරොත්තු වෙන එක හොඳ නැහැ.
3. සීට් එකේ බාගයකටත් වඩා වාඩි වෙන අය

Source – getty images
යාල වනෝද්‍යානයේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විධියට කටයුතු කරන පත ඇන්ටිලා සහ බඩ අංකල්ලා හරි කියමුකො; සමහර අය ඉන්නවා හාල්මැස්සා වගේ. ඒ වුණාට කකුල් දෙකත් පළල් කරගෙන, බඩු ටිකත් සීට් එකේ තියාගෙන නිකං බස් එක උගේ වගේ ඉන්නවා. ඉතින් අනිත් උන් හිටගෙන ඉන්න ඕන.
4. බහින තැන අමතක වෙන අය

Source – arlingtontransit.com
බස් එකට නැග්ග ගමන් නින්දක් ගහන්න ම සෙට් වෙච්ච උන් ඉන්නවා. කරුමේ කියන්නේ මුන්ට බහින තැන පහුවෙලාම තමයි ඇහැරෙන්නෙත්. ඊට පස්සේ කෑ ගහගෙන බෙල් එකත් හතර පස් පාරක් ගහලා, ඩ්‍රයිවර්ටත් බැනලා, කොන්දාගෙන් බැණුනුත් අහලා තමයි බස් එකෙන් පැන ගන්නේ.
5. පෙම් මුල්ල සහ ජෝඩු

Source – austinstrongrbc.com
බස් එකේ ඉතින් නොවරදින කොට්ඨාශයක් තමයි බස් එකේ පිටිපස්සෙම සීට් එකේ එහා කොන් දෙක. සීට් උස ඒවායෙ යන්නත් කොල්ලො කෙල්ලො හරි කැමතියි. එතකොට නිදහස ලැබෙනවානේ. එහෙම ඒවායෙ නම් සමහර වෙලාවට පිටිපස්සෙ සීට් එක වෙන උන් ඩබලක් බුක් කරලා නම් මැදින් හරි වාඩි වෙලා නානාප්‍රකාර විකාර කරකර යනවා. අනිත් වයසක උදවියටයි, පවුලක් පන්සලක් නොවෙච්ච උන්ටයි මෙව්වා මැජික්.
6. ඇඟට හේත්තු වන අය

Source – independent.co.uk
බස්වල සෙනඟ වැඩි වුණාම එකිනෙකා තෙරපෙන එක කොහොමත් වෙනවා. ඒත් සමහර පිරිමි විතරක් නෙවෙයි ගෑණු අයත් ඉන්නවා කොහොම හරි සෙනඟ වැඩි බස් එකක්ම හොයාගෙන ගෑණු-ගෑණු, ගෑණු-පිරිමි, පිරිමි-ගෑණු විධියට තුරුළු වෙලා ඉන්න අය. කොන්දා “හිරවෙලා ඉන්නැතුව පිටිපස්සට යන්න” කිව්වාමත් ඔරවනවා. හැබැයි මුන් බස් එකෙන් බහින්නේ සුද්දාගේ නයිට් ලයිෆ්වලට තිත්ත කුණුහරුපෙන් බැණ බැණ. එහෙව් පත්තිනි අම්මලා.
7. රියදුරා සමඟ දොඩමින් යන අය

Source – sjcdeptcomm.wordpress.com
අර කලින් කිව්වා වගේ ටිකට් ගන්නේ නැතුව යන අය විතරක්ම නෙවෙයි, කොන්දාගේ හරි ඩ්‍රයිවර්ගෙ හරි බොක්කක් වුණු එවුන් ඉස්සරහින්ම ෆුට්බෝඩ් එකේ උඩ පඩියෙ හිටගෙන ඩ්‍රයිවර් එක්ක කයියක් ගහගෙන යනවා. සමහර වෙලාවට ඩ්‍රයිවර්ලාට වාත වුණාම “හ්ම්” කියනවා විතරයි. ඒත් අර යකාට ඒත් ගාණක් නෑ. ඌ පිස්සුවෙන් වගේ කියවනවා – කියවනවා!
8. ෆුට් බෝඩ් යන අය

Source – katarnaknews.com
ගොඩක් කොල්ලන්ට ෆුට් බෝඩ් එකේ ගියේ නැත්නම් කෑවේ නෑ වගේ. ගොඩක් අය නම් ෆුට් බෝඩ් යන්නේ කොල්ලොන්ට වැඩ පෙන්නන්නයි, පාරෙ සහ හෝල්ට්වල ඉන්න කෙල්ලන්නට කොචෝක් කරන්නත් හිතාගෙනමයි. දවස් තුන හතරක් ඇම දාලා සෙට් වෙන උන් නැතුවමත් නෙවෙයි. හැබැයි මේ මොනවත් බලාපොරොත්තුවක් නැතුව හුදෙක් වඳුරු ආතල් එක වෙනුවෙන් ම බස් එකේ කවුරුවත්ම නැතත් ෆුට් බෝඩ් යන ඩෑල් ඉන්නවා.
Cover Image Source – youtube.com
Leave a Reply