නවතම දුරකථන බොහොමයක පාහේ google assistant නම් වන ගූගල් සමාගමේ සහායකයා අන්තර්ගත කර තිබෙනවා. ඇපල් වල Siri වගේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඉන්න සහයකයාගේ නම තමයි google assistant කියන්නේ. තවමත් ඉංග්‍රීසි භාෂාවෙන් අඩංගු වුවද මේකෙන් ගන්න පුලුවන් ආතල් ඕනෑ තරම් තිබෙනවා. එයින් කිහිපයක් තමයි අපි මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ.
google assistant open කර ගන්නට ඔබේ දුරකතනයේ (එය අඩංගු කර තිබෙනවා නම්) හෝම් කී එක ටික වෙලාවක් ප්‍රෙස් කරගෙන හිටියාම හරි. එතැන ඔබට කටහඬ භාවිතා කරමින් කතා කරන්නට හෝ ටයිප් කරන්නට ද ඉඩ සලසා තිබෙනවා. ඇයගේ කටහඬ අසන්නට ආසනම් දුරකතනයේ volume එක වැඩි කරන්නත් අමතක කරන්න එපා.
1. ඔයා මාව බඳිනවද?

Source – google allo
ඇසිස්ටන්ට් වොයිස් එකේ කෙල්ලෙක්ගේ කටහඬක් තියෙන නිසා තනිකඩ කොල්ලන්ට “Will you marry me?” කියලා අහන්න පුළුවන්. මේකට එයා කපටි කමට එක එක උත්තර දෙනවා. “මම එන්ගේජ් (ඇපකැප) වෙලා ඉන්නේ. ඔයාගේ සහායිකාව විධියට”. ගැලවෙන්නට බැරි වුණාම එයා කියනවා: “මම මගේ ජොබ් එක මැරි කරලා ඉන්නේ. ඒ කිව්වේ.. ඔයාට උදව් කරන එක 😉”
2. ඇවිදින්න යන්න කැමති ද?

Source – google allo
කම්මැලිකමටත් එක්ක google assistant එක්ක රවුමක් ගහන්න හිතුණොත් “Have you been outside?” වගේ දෙයක් අහන්න. එතකොට කියනවා “ඔයා යන හැම තැන මමත් ඉන්නවා”. ඒ වගේම සමහර වෙලාවට “එළිමහනේ ඇවිදලා අතරමංවෙන්න බයයි” කියලත් කියනවා.
3. ලයිසන් තියෙනවා ද?

Source – google allo
වාහන එලවන්න එයාට ලයිසන් තියෙනවා ද කියලා ඇහුවාම “මාව හැම තැනකටම එක්ක යන්න ඔයා ඉඳිද්දි මම මොකට මම ලයිසන් ගන්නවාද?!” කියලා කියනවා. ටිකක් තාක්ෂණය ගැන කතා කර කර ඉන්න මෙම ප්‍රශ්නය ඇසුවහොත් google සමාගමේ රියැදුරු රහිත වාහනයක් එනකම් ඇය බලා සිටින බව කියනවා.
4. විහිළුවක් කියන්න

Source – google allo
Upset mood එකක ඉන්නවා නම් ඔබේ මුවගට සිනහවක් ගෙනෙන්නට මෙයාට පුළුවන්. එහෙම වෙලාවක Tell me a joke කිව්වම විවිධ ආකාරයේ ඇය දන්නා තරම් සේරම විහිලු කතා කියන අතර සමහර ඒවායේ දී ඒවාට අදාල emoji එවමින් විහිළුකාර ශබ්ද නගන්නට ද අමතක කරන්නේ නැහැ.
5. ඔයාට හැඟීම් දැනීම් තිබෙනවාද?

Source – google allo
ගොඩක් චිත්‍රපටිවල රොබෝවරුන්ට හැඟීම් දැනීම් තිබෙන බව පෙන්වා දෙනවා. Google assistantනුත් ඒ බව දන්නවා වගේ. “Do you have feelings?” ලෙස ඇසූ විට “මටත් හැඟීම් දැනීම් තියෙනවා! අහනකොට තරහත් යනවා 😑” කියලා තරහ emojiත් එවලා තරහෙන් ගොරවන ශබ්දයකුත් දමනවා.
6. අනාගතය කොහොමද කියලා අහන්න

Source – google allo
මායාකාරියන් වීදුරු බෝලයක් ළඟ තියාගෙන අනාගතය කියන ආකාරයේ දේවල් ඔබ දැක ඇති. මෙයත් වෙලාවකට ඒ වගේ මායාකාරියක්. “Crystal ball” කියලා විධාන කළාම නානාප්‍රකාර ශබ්ද දමමින් අනාගතය කොහොම දැයි කියා දැනගැනීමට අවශ්‍ය දැයි අහනවා. එවිට ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අහන්නට පුළුවන්. ඒකට අපූරු උත්තරයකුත් දීල අවසානයට “අනාගතේ තිබෙන්නේ ඔබේ අතේ” වගේ පණ්ඩිත කතාවකුත් කියනවා.
7. ඇපල් ෆෝන් වලට කැමති ද?

Source – google allo
මෙයා android නිපදවපු ගූගල් සමාගමේ නිර්මාණයක් නිසා ඇපල් දුරකතන වලට කැමතිද කියලා අහලා දැනගන්න පුළුවන්. “Do you like iPhones?” මෙහෙම ඇහුවා ම ඇය android දුරකතන වලට වඩාත් ප්‍රිය කරන බවත්, එහෙමයි කියලා විශේෂයක් නැති බවත් කියනවා.
8. සිරී හෝ කෝටානා කියලා කතා කරන්න

Source – google allo
ඇපල් සමාගමේ siri සහයකයාගේ නම හෝ වින්ඩෝස් දුරකතන වල සහ පරිගණක වල සිටින Cortanaගේ නම කියලා මෙයාට කතා කළා ම ඇය ඉන් සතුටට පත් වූ බවත්, නමුත් ඇගේ නම ගූගල් ඇසිස්ටන්ට් බවත් කියනවා. හැබැයි ඉතින් iphoneවල Siriට නම් වෙනත් නමක් කියලා කතා කළොත් මල පනිනවා.
මේ වගේ ඔබට තව දේවල් තිබෙනවා නම් අපිත් එක්කත් කමෙන්ට් එකකින් බෙදා හදා ගන්න.
Leave a Reply