මොළේ විකාර වෙලා නැති පියවි සිහියෙන් ඉන්න මනුස්සයෙක් නම් අදටත් සින්දු අහනවා කියලා කරන්නේ පැරණි ගීත රසවිඳින එක. මොකද දැන් රසවිඳින්න තියා රටක් වශයෙන් මේන් අපේ රටේ සින්දු කියලා පෙන්නන්න තරම් දෙයක් නෑනෙ. දෙදාස් දහයෙන් පස්සේ අපි ගීත සාහිත්‍යය කියලා බදන් හිටපු සම්පත නැති වුණා. දැන් ඇහෙන්නේ එකම වචන ටික කණපිට ගහලා ආයේ කියන වස් කවි වගේ සින්දු. ඒවාට සින්දු කියන්නත් බෑ ඒත් එහෙම කියන්න වෙලා තියනවා. බලුබල්ලෙක්ට මේ සින්දු අහන්න බැරි නිසාම මියුසික් වීඩියෝ එකක් කරල තමයි සින්දුවක් එළියට දාන්නේ. එහෙම කරන්නේ පැවැත්මක් නැතිවෙයි කියන සාධාරණ බයට. මොන සවුදන් පාලි නැටුවත් ඒවාට පැවැත්මක් නැහැ තමයි. මිනිස්සුන්ට ඒවා දවසින් දෙකෙන් අමතකයි.
ඒ අතරේ වෙනසක් කරන්න උත්සාහ කරන තරුණ කලාකරුවෝ නැතුවම නෙවෙයි. සම්ප්‍රදායික “මියුසික් වීඩියෝ එකක් නැත්තම් බැරියෝ” සංකල්පයෙන් මිදිලා මිනිස්සුන්ට අහන්න පුළුවන් යමක් ගයන අයගෙන් කීප දෙනෙක්ගේ නිර්මාණ කීපයක් තමයි මේ. අනාගතේ දවසක මේවටත් මියුසික් වීඩියෝ හැදුනොත් ඒකෙන් සින්දුවට කිසිම පළුද්දක් නොවේවා කියලා පතමු. ඒ තරම් මේවා රහයි.
සනුක කියන්නේ වැඩ්ඩෙක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. උදාරි අමරතුංග ඉතාම සරල ලස්සන අකුරුවලට ප්‍රේමයත් එක්කම නැගලා යන බීට් එකකට මියුසික් කරන්නෙත් සනුක ම තමයි. ප්‍රේමවන්තයෙක් තමන් ආදරය කරන තැනැත්තියට නැත්නම් හිතේ ඉන්න දැරිවිට කරන ආදරණිය ආමන්ත්‍රණයක් ආයාචනයක් විදියට මේ සින්දුව තරුණ පරම්පරාව ආසාවෙන් වැළඳගත් ගීතයක්.
චන්ද්‍රසේන තලංගමගේ රහට හැපෙන වචනවලට රිද්ම වීරවර්ධන කියන තරුණයා කරන ගායනාව හරියට ලංකාවේ සංගීතය නැත්තටම නැති වෙලා නෑ කියලා කියන අඬහැරයක් තරම්. රිද්මගේ කටහඬට මනුස්සයෙක්ව අඬවන්න තරම් සංවේදීතාවක් තියෙනවා. මේ ගීතයට සංගීතය සපයන්නේ චරිත අත්තලගේ. රිද්ම එක්ක මේ සින්දුව කියන්නේ අපි කවුරුත් දන්නා හපන් පැදුරේ හිටපු දිනූපා කෝදාගොඩ. යූටියුබ් චැනල් එකේ තියන මේ සින්දුව VR තාක්ෂණයෙන් යුතුව විජයගේ පැමිණීම සහ කුවේණිය ව පෙන්නලා තියනවා.
කුවේණිගෙන් පස්සේ අපි කතා කරන්නේ රාවණා ගැන. ඉතිහාසය විකෘති කරලා දාපු ඉතාමත් ගුණගරුක, වීර වික්‍රමාන්විත රජෙක් තමයි රාවණා. ඉතිහාසය ඔහුව රාක්ෂයෙක් කරලා කරපු වැරැද්ද සීතා දකින විදියට ගැයෙන මේ ගීතයට බලන් ඉද්දි ඇඟේ හිරිගඩු පිපෙනවා. පුණ්‍යා සමරකෝන්ගේ අදහස්වලට පණ දෙන සීතා තමයි එරන්දි මදුෂිකා. සංගීතය පසන් තිලකවර්ධනගෙන්.
ආදරය කියන්නේ උපන්ගෙයි විනාසයක් කියලා සින්දුවලින් සමාජගත වෙන කාලෙක “ඔබ” කියන්නේ ඒ සින්දුවලට කනේ පාරක්. ලසිත් ප්‍රනාන්දු නම් තරුණ කලාකරුවා වචනයෙන් තාලයෙන් සහ හඬ පෞරුෂයෙන් ආදරයේ මිහිර සින්දුව පුරාවටම අරගෙන යනවා. මහ රෑක තනියම තමන්ගේ ආදරවන්තයා නැත්තම් ආදරවන්තිය ගැන හිත හිතා අහන්න නම් මෙන්න සින්දුව. හොඳ වෙලාවට වීඩියෝ එකක් නැත්තේ. එහෙම වුණා නම් මැවෙන්නේ ඒකෙ තියෙන ඒවානේ.
කසුන් කල්හාර නැතිව වර්තමානයේ සුභාවිත ගීත කලාවක් ගැන කතා කරන්න අමාරුයි. ඔහුගේ මෑතකාලීන නිර්මාණය මේලා. ප්‍රේමය කානිවල් එකක්ද? මේලා අහලම බලන්න. අචල සොලමන්ස්ගේ වචන එක්ක අනුක් දිල්ශාන්ගේ සංගීතය හොඳ පදමට එකතු වෙලා එන නිර්මාණය කසුන් කල්හාරගේ හඬින් අපේ ඇටමිදුළුවලට ම දැනෙනවා.
අපි සින්දු ගැන දැන් ගොඩක් දැනගන්නේ ටීවී බලලානේ. ඒ නිසා මේ වගේ ගීත ඇහෙනවා අඩුයි. මාධ්‍යවලට උනත් වගකීමක් තියෙනවා කසිකබල් නැතුව මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන්න. ඔයාලා දන්නා තවත් මේ වගේ හැංගිච්ච සින්දු කමෙන්ට් කරන් යමූ!
සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…
දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…
මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…
දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…
"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…
ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…