ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක සිද්ධ වෙන කතන්දර නිසා කොල්ලො නිරුත්තර වෙන අවස්ථා

Trouble Moments with Girlfriend

කොල්ලො හරි ආසයි ලවු කර කර සැපේ ඉන්න. හැබැයි කොල්ලොන්ට ලවු කරන එක එපා වෙන්නෙ කෙල්ලො අහන සමහර ප්‍රශ්නවලට දෙන්න උත්තරයක් නැති වෙන හින්දයි. අපි අහන සමහර ප්‍රශ්නවලට එයාලා දෙන උත්තර හින්දයි. මොකද ඉතිං එවුව කොයි දේ කිවුවත් ඔෆෙන්ඩ් වෙන්න පුළුවන් විදියෙ කතන්දර. එහෙමත් නැත්තං කියාගන්න උත්තරයක් හිතාගන්න බැරි.. පතාගෙනත් බැරි හින්දා ඔතාගෙන යන්න වෙන විදියෙ ප්‍රශ්නකාරී අවස්ථා.

 

1. කෑම

Trouble Moments with Girlfriend

Source – sherpakitchen.com.au/ shutterstock.com

කො – මොනවද කන්නෙ?

කෙ – ඔයා කැමති දෙයක්

කො – එහෙනං තෝසෙ?

කෙ – අපෝ ඊයෙත් තෝසෙනෙ

කො – එහෙනං කොත්තු?

කෙ – මටනං බෑ ටොයිලට් එකේ ඉන්න දවසම

කො – එහෙනං බත්?

කෙ – මොනවද අනේ මෙච්චර එළියට ඇවිල්ලත් බත්ද කන්නෙ?

කො – එහෙනං මොනවද?

කෙ – ඔයා කැමති දෙයක්

 

2. ළමයි

Trouble Moments with Girlfriend

Source -youyube.com

කෙ – අපි බැඳලා ළමයින්ට දාන නම් මොනවද?

කො – තාම අපි බැඳලවත් නැහැනෙ

කෙ – ඉතිං එහෙම හිතන්නකො

කො – කොහොමද එහෙම හිතන්නෙ?

කෙ – ආ… ඔයා මාව බඳින්න නෙමෙයි නේද හිතං ඉන්නෙ?

කො – මොනවද මේ කියන්නෙ? පිස්සුද?

කෙ – ඔවු මට පිස්සුනෙ. ඒකනෙ මාව අතාරින්න හදන්නෙ.

 

3. යාළුවා

Trouble Moments with Girlfriend

Source – shutterstock.com/ deviantart.com

කෙ – ඔයා මගේ යාළුවා, යුරේනි ගැන මොකද හිතන්නෙ?

කො – කවුද? මං දන්නෙ නෑ එයාව

කෙ – ඇයි අනේ ඊයෙත් හම්බුනෙ. අපෙ ඔෆිස් එක ගාවදි

කො – ආ.. හොඳයි එයා. ලස්සනයි

කෙ – මං හිතුව අහපු ගමන් ඕක කියයි කියල. ඔවු ඉතිං පිම්බිලා තියෙනවනෙ

කො – එහෙනං ඉතිං ඇහුවෙ?

කෙ – මං ඇහුවෙ ගතිගුණ ගැන?

කො – මං කොහොමද දෙයියනේ ගතිගුණ දන්නෙ? නම දන්නෙත් දැන්.

කෙ – ඔවු ඉතිං පිම්බිලා තියෙනවනං එච්චරයිනෙ. වෙන මොකුත් ඕන නෑ

 

4. ගෙදරින්

Trouble Moments with Girlfriend

Source – 123rf.com

කෙ – අපේ තාත්තා ඔයා ගැන අහනවා

කො – ඉතිං මං දැන් මොකද කරන්න ඕනෙ පැටි‍යො?

කෙ – ඒකත් මගෙන්ද අහන්නෙ?

කො – නැතුව එයා ඔයාගෙ තාත්තනෙ?

කෙ – ඇයි එයා ඔයාගෙත් තාත්තා නෙමෙයිද?

කො – එයා කොහොමද මගෙ තාත්තා වෙන්නෙ. මගෙ මාමණ්ඩි නෙ.

කෙ – මං ඔයාගෙ තාත්තට මගේම තාත්තා ගැන හිතනව වගෙයි හිතුවෙ. ඇයි ඔයා මෙහෙම කළේ?

 

5. බීම

Trouble Moments with Girlfriend

Source – hangover movie / alamy.com

කෙ – ඔයාගෙ අර යාළුවා, ප්‍රනීත් බොනවද?

කො – ඔව් ඌ බොනවා

කෙ – ආපෝ.. ඔක්කොම බේබදු යාළුවොනෙ ඉන්නෙ?

කො – බොන එවුන් ඔක්කොම බේබද්දොයැ.

කෙ – නැතුව

කො – දැන් ඔයාට මොකටද ප්‍රනීත්ගෙ බිවිල්ල

කෙ – මට නෙමෙයි මගේ යාළුවෙක් අහන්න කිවුවෙ?

කො – මොනවද?

කෙ – ප්‍රනීත් හොඳයිද කියල

කො – ඉතිං?

කෙ – ඉතිං හොඳ නැහැනෙ. දැන් ඔයා කිවුවෙ

කො – මං කිවුවද හොඳ නෑ කියල. මං කිවුවෙ බොනව කියල. ඔය මාත් බොන්නෙ

කෙ – ඔයා හොඳ වුණාට අනිත් බොන හැම එකාම හොඳ නෑ

 

6. හාට්

Trouble Moments with Girlfriend

Source – Instagram.com/ youtube.com

කෙ – කාටද ඔයා අර ඉන්ස්ටග්‍රම් එකේ හාට් දාන්නෙ?

කො – හැමෝටම ඉතිං ඉන්ස්ටග්‍රම් එකේ හාට් තමයි වැටෙන්නෙ?

කෙ – මං අහන ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙන්න. පැනල යන්නෙපා

කො – කෙලින් තමයි උත්තරේ දුන්නෙ

කෙ – මං අහන්නෙ ඒ කෙල්ල කවුද?

කො – මං කොහොමද දන්නෙ? කෙල්ලො කීයක් ඉන්නවද ඒකෙ?

කෙ – දෙයියනේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *