යාලුවො ඉස්සරහ පොර වෙන්න කොල්ලො කියන බොරු හයක්

Pora talks by Boys

කොල්ලො ඉතිං ගොඩක් වෙලාවට පොෂ් සීන් පෙන්නන්න බොරු කියන්නෙ නැහැ. මොකද ඔහොම එකක් කිවුවොත් අවුරුදු ගාණකට පොරව බයිට් වෙන්න ඒකම ඇතිනෙ. ඉතිං කොල්ලෙක් තමංගෙ අනිත් යාළුවොන්ට කියන්නෙ තමුන් හොඳ පොර, හෙන ජෙනරස් බුවා, ගමේම පොර වගේ පේන බොරු තමයි. මේව කියෙවුවම මේව කියපු සමහර කොල්ලොන්ට හිනා යන්නත් පුළුවන් තමුං කියපුව මතක් වෙලා.

 

1. සිරිමත් මගෙ සකි

Pora talks by Boys

Source – robots.ox.ac.uk / pxleyes.com

උදේම ඇහැරුණා, බුදුන් වැන්දා, මිදුල අතුගෑවා, අම්මට උයන්න උදවු කළා, ඔෆිස් ආවා වගේ බොරු කියන ඩයල් ඉන්නව. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ වගේ සීන් කියවන්නෙ එහෙම නොකරන එවුන්. අඳින ඇඳුමත් අම්මටම හෝදන්න දෙන පුතාලා තමයි තැන තැන ඔය වගේ ටෝක් ඉෂූ කරන්නෙ.

 

2. සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ

Pora talks by Boys

Source – galoremag.com

ඊයෙ බිව්ව බිවිල්ලක් දෙල් දොදොල් වෙන්න. මුලින්ම විස්කි. ඒ අස්සෙ බියර්වලට ආස හිතිලා බියර් අඩියක් ගගහා ඉන්නකොට ටෙකීලා බොන්න වුණානෙ. මෙන්න මේ වගේ බොරු කියන්නෙ වැඩිය බොන්න බැරි බුවාලා. ඇත්තටම මිනිහෙක් බොන ප්‍රමාණෙන් ඒ මනුස්සයව මනින එක තරම් ගොන් පාට් එකක් තුන් ලෝකෙම නැතුව ඇති. හැබැයි ඒකට හරියන්න තමුන් හෙනට බොනවය ඒ නිසා තමුනුත් හෙන පොරක්ය කියල හිතන එක හතරවරං ගොන් කමක්.

 

3. මචං ඊයෙ එකෙක් අපේ බල්ලට කින්ඩියට ඤාවු ඤාවු ගාලනෙ. මං දුන්නා ඌට හොයලා

Pora talks by Boys

Source – deviantart.com/ redbubble.com

ඔන්න පුතෝ ඊලඟ එක. හෙන චණ්ඩියා කියල පෙන්නනව. දන්නවනෙ ඉස්කෝලෙ කාලෙත් ඉස්සරහින්ම ගිහිල්ලා කෑගහලා වලිය ෆෝම් කරල ගන්න ඩයල් එක තමයි පාරවල් දෙකක් කෑව ගමන් පස් කාගෙන එන්නෙ කියල. ඉතිං ඇත්ත චණ්ඩි කියවන්නෙ නෑ කියන එක මේ අය තේරුම් ගන්නෙ නෑ. ඒ නිසා ඉතිං අපරාදේ ජීවිත හානී වේ!

 

4. රිතූගෙන් හෙන වදේ බං. ඒත් මං කොහොමද බං මගෙ ලවු එකට පිටුපාන්නෙ

Pora talks by Boys

Source – lovepanky.com

ටුස් ගාලා කෙල්ලො සෙට්වෙන කොල්ලො ඉන්නව. ඒ වගේම ටූස් ගගා අවුරුදු ගාණක් හිටියත් කෙල්ලො සෙට් වෙන්නෙ නැති කොල්ලො බහුලව ඉන්නව. ඔය විදියට කෙල්ලො සෙට් වෙන එකා කවදාවත් ඒ ගැන තැන තැන කියවන්නෙ නෑ. හැබැයි පුතේ නැති එකා දෙනව අල්ලෙ පැලවෙන ටෝක්. ඇත්තටම උන්ට සමහරවිට එක කෙල්ලෙක්වත් නැති වෙන්නත් පුළුවන්. හැබැයි තුනක් හතරක් හැන්ඩ්ල් කරන ගානට තමයි කතාව යන්නෙ.

 

5. ආපෝ අදනං බොන්න බෑ බං හො‍‍ඳේ. මං ආයෙ බොන්නෙ නෑ කියල හිතාගත්තා

Pora talks by Boys

Source – hometimes.co.za/ babycenter.com

තමුන් හෙනට බොන එකා කියල අනුන්ගෙ කටින් කියවන්න හදන මිනිස්සු දාන බොරුවක් විදියටත් මේක දක්වන්න පුළුවන්. ඒ වගේම වෙනිං අංජබජල් හේතුවක් හින්දා බොන එක නවත්තන්න වෙලා අමුතු දාර්ෂණික ටෝකක් පිටින් ඒක දමල ගැහුව වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ඉතිං අනේ තොපිට එපා නං එක් වාරයක් අපා.. අපට එපා පන්සිය වාරයක් තොපා …කියල බොන එවුන් ටිකත් එක්ක සෙට් වෙන්නයි තියෙන්නෙ.

 

6. ඔෆිස් එකේ වැඩ කන්දයි මචං. ලොක්කා හැම දේම කියන්නෙ මට

Pora talks by Boys

Source – dailydot.com

ඔෆිස් එකේ බොස්ගෙ හිතගත්තු සිරා වැඩකරු තමුන් කියල පෙන්වන්න කෙල්ලො එච්චර කැමති නෑ.  මොකද ඊටපස්සෙ බොස් එක්ක ඇඳලා නමක් හැදෙනවනෙ. හැබැයි සමහර කොල්ලොනං ඒක අනිත් එවුන්ට පෙන්නන්න හෙනට දඟලන තත්තවයක්. ඉතිං උන් ඉන්නෙ බොසා හිටියත් උන් තමයි සම්පූර්ණ බර කරට අරන් වගකීම ඉෂ්ඨ කරගෙන යන්නෙ කියල.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *