සුවපත් දිවියට වැදගත් ජලය නිසිලෙස පානය

Importance of drinking water

පෘථිවි ජීවයේ උල්පත ජලය වේ. ජලය යනු මිනිසාට අත්‍යාවශ්‍ය දෙයකි.  ආහාර රහිතව සතියකටත් වඩා යාන්තමින් දිවි ගෙන යා හැකි මුත් ජලය නොමැතිව දින දෙකතුනකට වඩා දිවි ගෙවිය නොහැකිය. අපගේ ශරීරයේ බරින් තුනෙන් දෙපංගුවක්ම ඇත්තේ ජලය වේ. මෙම ජල අවශ්‍යතාවයත් එය සපුරාගැන්මත් සෞඛ්‍යසම්පන්න ජීවිතයකට වැදගත් සාධකයකි. ජලය අඩුවෙන් පානය කිරීම හෙවත් සිරුරේ ජල අවශ්‍යතාවය නිසි ලෙස සම්පූර්ණ නොකිරීම ක්ෂණිකව ඇතිවන රෝගාබාධ වලට මෙන්ම කාලාන්තරයක් තිස්සේ මූලිකව වකුගඩු, මුත්‍රා පද්ධති ආදි පද්ධති වල  ව්‍යසන රැසකට හේතුවිය හැකිය.

 

ජලය අවශ්‍ය වන්නේ ?

Importance of drinking water

Source – drjulissa.wordpress.com/category/weight-managment/

  • ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලටම පාහේ අවශ්‍ය කරන පෝෂණය සැපයෙන්නේ ජලය මාර්ගයෙනි. ඔක්සිජන් සහ පෝෂක ද්‍රව්‍ය සිරුර පුරා බෙදාහැරීමට ජලය වැදගත් වේ.
  • ආහාර දිරවීමට ජලය අවශ්‍යය. සමස්ථ බහිස්‍රාවීය පද්ධතියේම ක්‍රියාකාරීත්වයට ජලය මනා පිටුවහලකි.
  • අපද්‍රව්‍ය ඉවත් කිරීමට, සිරුරෙන් ඉවත්වන මුත්‍රා, දහදිය, කෙළ වැනි බාහිර නිකුතු නිකුත් වන්නේ ජලය මාර්ගයෙනි.
  • මනුෂ්‍ය සිරුර පවත්වාගත යුතු නියමිත උෂ්ණත්වයක් පවතී. එලෙස උෂ්ණත්වය යාමනය හෙවත් නියමිත මට්ටමක පවත්වාගැනීමට විශිෂ්ඨ තාප ධාරිතාවෙන් (උෂ්ණත්වය දරා ගැනීමේ හැකියාවෙන් ) වැඩි ජලය උපකාරී වේ.
  • ඇස් කන් නාසය වැනි විවරයන් හි ආරක්ෂාවට තෙතමනය ආරක්ෂා කරගැනීමට, මොළයේ ක්‍රියාකාරීත්වයට සහ මලබද්ධය වැනි ක්‍රියා රැසකට ජලය වැදගත් සාධකයක් වේ.

 

ජලය කොපමණ අවශ්‍ය වේද ?

Importance of drinking water

Source – youtube.com

සාමාන්‍ය වැඩිහිටියකුගේ සිරුරේ බරින් තිහෙන් එකක ජලය කොටසක් දිනකට පානය කිරීම සුදුසු බව වෛද්‍ය නිර්දේශය වේ. එනම් සාමාන්‍යයෙන් කිලෝ හැටක් බර මනුෂ්‍යයෙකු දිනකට ජලය ලීටර දෙකක් පමණ පානය කළ යුතුය. පාරිසරික සාධක, වෛද්‍යමය හේතුන්, රෝගී තත්වයන්, සිරුර වෙහෙසීම ආදී කටයුතු නිසා පානය කළ යුතු ජල ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවිය හැකිය.

 

වැඩිපුර ජලය අවශ්‍ය අවස්ථා

Importance of drinking water

Source – viralwoop.com/lifestyle

  • නූතනයේ බොහෝ කාර්යාල ස්ථාන පංකා හෝ වායුසමන පද්ධති මගින් වාතය සපයනු ලැබේ. වායුසමන පද්ධතියේන නිකුත්වන වාතය සාමාන්‍ය වාතයට වඩා ජලවාශ්ප  වලින් හිගය. විදුලි පංකා වල එන සුළඟින් අපේ සිරුරේ දහදිය ඉක්මනින්ම සිදී යයි. එබැවින් වායුසමන හෝ පංකා සවිකළ පරිසරයක සිටින විට පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩිය.
  • උණුසුම වැඩි දිනවලදී සහ එළිමහනේ අව්වට නිරාවරණය වෙමින් සිටින විට පානය කළ යුතු ජලය ප්‍රමාණය වැඩිය. එවිට දහදිය ලෙස සිරුරෙන් ජලය ඉවත්වීම ඉක්මණින් සිදුවේ.
  • ව්‍යායාම වල නිරත වන විටදී සහ සිරුර වෙහෙසා වැඩ කරන අවස්ථාවලදී අප සිරුරෙන් නිකුත්වන ජලය ප්‍රමාණය වැඩිය. එවන් අවස්ථාවලදීද සාමාන්‍ය පාවිච්චියට වඩා ජල ප්‍රමාණයක් සිරුරට ලබාදිය යුතුය.
  • ඩෙංගු උණ, පාචනය වැනි රෝගාබාධ වලදී ජලය පානය කරන්නැයි වෛද්‍ය උපදෙස් ලබාදෙනු ලැබේ. එවන් අවස්ථාවලදීද නිර්දේශ පමණට වැඩිපුර ජලය පානය කළ යුතුය.
  • ඇඟ මහන්සි වී එළිමහනේ කරන ක්‍රීඩාවකදී හෝ වැඩකදී වැඩ කරන්නට ප්‍රථමයෙන් ජලය මිලි ලීටර 500ක් පානය කිරීමත් ඉන් පසු හැකි පමණ මිනිත්තු 15කට වතාවක් වත් ජලය මිලි ලීටර 250ක් පානය කිරීමත් කළ යුතුය. එවිට සිරුර විජලනයට ඉඩක් ලැබෙන්නේ නැත.

 

ජලය යනු ජලය මිස බීම නොවේ

Importance of drinking water

Source – shutterstock.com

ජලය පානය කරන්නට අවශ්‍ය විට විවිධ ආකාරයේ පැණි බිම වර්ග පානයට වර්ථමානයේ පිරිස් උනන්දු වි තිබේ. ඒ අතර ශක්තිජනක පානයෝද වෙති. ශක්තිජනය  පානයන් යනු ජලය අඩංගු සීනි සහ වෙනත් රසායන අඩංගු ද්‍රාවනයකි. විසිතුරු පැණි බීම රසායනික අඩංගු ශක්තිජනක නිතර පානයට හුරුවීමෙන් කැලරි අධික, සීනි අධික, කෘත්‍රීම රසායන සිරුරට ඇතුලුවීම නිසා වෙනත් රෝග ඇතිවීමේ අවධානමද ඉහල යා හැකිය. එබැවින් හැකි සෑම විටම ජලයත්; ජලයට ආසන්න සමාන තැඹිලි වතුර කුරුම්බා වතුර වැනි ස්වාභාවික බීමකට යොමුවීම වැදගත්ය.

 

ජල බෝතල

Importance of drinking water

Source – warosu.org

ප්ලාස්ටික් බෝතල් වල ගබඩාකොට තිබෙන ජලය බෝතලයේ ලූ පමණින්ම සුදුසුයැයි පූර්ව නිගමනයට එළැඹිය නොහැක. නිසියාකාරව ඒවා ප්‍රමිතිසහතික ලබා ඇතිදැයි බලා ජල බෝතල මිලදී ගැනීම මනාය.

වර්තමානයේ මෙම ප්ලාස්ටික් ජල බෝතල් විටක සෞඛ්‍ය තර්ජනයක් ඇතිකරනවා සේම එම ජලය බී හමාර කළ ජල බෝතල් දැඩි පාරිසරික හානියකි. එබැවින් මීට දශකයකට දෙකකට එපිට අපි හුරුව සිටි පරිද්දෙන් නිවසෙන් එලියට බහින විට නටවා නිවාගත් ජල බෝතලයක් මල්ලේ රුවා රැගෙන යෑමට පුරුදු වීම හොඳ පුරුද්දකි. එවිට අපි නිවසින්ම රැගෙන යන බෝතලය නිසා රසේ වෙනසක් නැතිව විශ්වාසයෙන් ජලය පානය කළ හැකිය. රූපවාහිනි සහ පරිගණකය භාවිතා කරන විටද විටින් විට ජලය පානය කිරීමට බෝතලයක් හෝ ජල බඳුනක් භාවිත කිරීම හොද පුරුද්දකි.

විකිණීමට ඇති මිනරල් ජල බෝතල අඩු මිල ප්ලාස්ටික් වර්ගවලින් නිමවන අතර එම ජල බෝතල බොහොමයක් නැවත පුරවා භාවිතයට ගැනීම සුදුසු නොවේ. බොන වතුර යන්ත්‍රවලට සවිකරන විශාල ගැලුම් නම් නැවත පිරවිය හැකි මුත් සාමාන්‍ය ජල බෝතල බොහෝ විට නැවත ජලය පුරවා භාවිතයට ගැනීමට සුදුසු නැත. කාර්යාලයක වැනි පරිසරයකදී නම් ජලය පානය කිරීමට වීදුරු ජල බෝතලයක් තබාගත හැකිය. දරුවන්ට සහ ගමනේ යෙදෙන විට පාවිච්චිය පිණිස අලංකාර මඳක් විශාල ප්ලාස්ටික් බෝතල සහ ඇලුමීනියම් බෝතල වෙළදපොලේ තිබේ. එවැන්නකට හුරු වීම ජලය පානයට හුරුවීමේ යහපත් සෞඛ්‍ය පුරුද්දක ඇරඹුමක් මෙන්ම අතරමග ජලය පිණිස වියදම් වන අනවශ්‍ය මුදල් ටිකක්ද ඉතිරි කරගත හැකි මගකි.

 

ජලය අඩංගු ආහාර පාන

Importance of drinking water

Source – pregnancytoparenting.ca

කොමඩු ගස්ලබු වැනි පළතුරු ජලය සහිත පළතුරු වේ. කුරුම්බා වතුර සහ ඖෂධීය පානයන් වර්ග පානය කිරීමෙන් ජල අවශ්‍යතාවය යම්තරමකින් සම්පූර්ණ කරගත හැකිය. ජලය අඩංගු වුවද සීනි කැලරි වැනි අහිතකර සංඝටකයෝ අඩු බෙලිමල්, රණවරා, පොල්පලා, එරමුසු වැනි පානයෝද කැඳ වර්ගද සෞඛ්‍යයට හිතකර වේ.

 

සෞඛ්‍යය සහ ජලය

Importance of drinking water

Source – www.fitgirlcode.com

එදිනෙදා ජීවිතයේ කාර්යබහුලතාවය නිසා  අප සිරුරට අවශ්‍යය ජලය ලබාගැනීමට මැලි වන අවස්ථා වේ. ඇතැම්විටක කාන්තාවන් නම් මග තොට අතරමග මුත්‍රා කරන්නට සිදුවේයැ යන ලැජ්ජාවෙන් නිසි අයුරින් ජලය පානය කිරිම කල්දමන අවස්ථාද වෙති. මුත්‍රා කිරීම යනු සිරුරේ අවශ්‍යතාවයකි. එබැවින් එවැනි දේට ලැජ්ජා වී සිරුරට අවශ්‍ය ජල සැපයුම ලබා නොදී කල්දැමීම නිවැරදි ක්‍රියාවක් නොවේ. ජලය පානය ගැන අවබෝධයෙන් වැඩිපුර ජලය භාවිතයට ගත යුතු අවස්ථා ගැන අවධියෙන් ජලය පානය කිරීම සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මූලික පියවරක්ද වේ.

 
Cover Image Source – forbes.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *