අපි ඉගෙනගන්නෙ මොකටද? රස්සාවක් හොයාගන්න. රස්සාවක් ඕන වෙන්නෙ කන්න බොන්න. කන්නෙ බොන්නෙ ජීවත් වෙන්න. කොහොමවුණත් මෙතනින් ඉස්සරහට ගත යුතුම කෑලි දෙක තමයි රස්සාව සහ ජීවත්වීම. ඉතිං රස්සාවක් හෝ මුදල් සොයන පසුබිමක් තිබීම මේ ලෝකෙ ජීවත් වෙන ඕනම ජීවියෙකුට අදාළයි. දැන් අපේ කොල්ලො කෙල්ලො ජොබක් ගැන කිවුවම මුලින්ම බය වෙන්නෙ මොකටද? ඉන්ටවිවු එකට. අන්න ඒ නිසා අපි අද කියන්නෙ ඉන්ටවිවු එකට අවුලක් නැතුව ෆේස් කරන්න ඕන කරන දේවල් ටිකක් ගැනයි.
1. රිහර්සල් එපා

Source – youtube.com
ගොඩක් අය ඉන්ටවිවු එකකට කලින් කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා පොඩි පෙර පුහුණුවක් කරනවා. ඕක කරන එකෙන් වෙන්න පුළුවන් නරක දේවල් බොහෝමයක් තියෙනවා. මුල්ම දේ තමයි අපිට කන්නාඩියෙන් පේන්නෙ අපිව වුනාට ඉන්ටවිවු බෝඩ් එක අපිට වඩා වෙනස් වීම. අන්න ඒ නිසා ඉන්ටවිවු බෝඩ් එක ඉස්සරහදි අනපේක්ෂිත මානසික කඩා වැටීමක් සිද්ධ වෙන්නට පුළුවන්. අනිත් කාරණය තමයි අපේ පෙරපුහුණුව කණ්නාඩිය ඉස්සරහදි අප්සට් ගියොත් අපිව මානසිකව වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම දෙතුන්වතාව පෙර පුහුණුවීම් කරද්දි අපිට අපේ කතාව තව වෙනස් කරලා හැඩ කරන්න හිතෙනවා. ඒකෙන් නොහිතන වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔලුව ඇතුළෙ චිත්‍රයක් මවාගත්තට, ඒක පෙරපුහුණුවක් වෙනතෙක් ගෙනියන්නට එපා.
2. ස්ට්‍රෙස් බස්සගන්න

Source – uhhospitals.org
ඉන්ටවිවු එක ලංවෙද්දි මං මේ ඉන්ටවිවු එක ෆේල් වේවිද? ඊටපස්සෙ යාළුවොන්ට මුහුණ දෙන්නෙ කොහොමද? ගෙදරට කන්න දෙන්නෙ කොහොමද? කියල හිතිලා ඔයාව මානසික ව්‍යාකූලත්වෙකට පත්වෙන්නට තියෙන ඉඩ වැඩියි. ඉතිං ඔය ව්‍යාකූලත්වය නිසාම ඔයාව ෆේල් වෙන්නට පුළුවන්. ඒ නිසා හැම තිස්සෙම සුබවාදී හිතක් තියාගෙන වැඩේට සෙට් වෙන්න. ඒ වගේම මේක ෆේල් වුනත් තමුන්ට කරන්න පුළුවන් විකල්ප දේවල් ගැන හිතන්න. ආසාවත් කැපවීමත් තියෙනවනං මේ ලෝකෙ සල්ලි හොයන්න ඕනතරං ක්‍රම තියෙන බව මතක තියාගන්න.
3. සැමට හොඳින් සලකන්න

Source – advocatenkantooramsterdam.eu
ඔන්න මේක වැදගත්. දොර ගාව හිටගෙන ඉන්න සිකියුරිටි මහත්තයා වගේම අනෙත් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න ආපු අයටත් හොඳ හිනාවක් දාලා සන්තෝසෙන් ඉන්න. ඒක මූනිච්ඡාවට දාන හිනාවක් නොවී අවංකව සිනහවකින් සංග්‍රහ කරන්න වගබලාගන්න. ඒක ඔයාටම හොඳක් විදියට කැරකිලා එන්න පුළුවන්. ඒ නැතත් තවත් කෙනෙකුට හිනාවුනා කියල අවුලක් වෙන්නෙ නැහැනෙ.
4. පමණ දැන යන්න

Source – linkedin.com
අනිවාර්යයෙන්ම මෙන්න මේ දේ වැදගත්. තමන්ගේ පමණ දැනගෙන සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්න. තමුන් දන්නේ මොනවාද සහ නොදන්නේ මොනවාද යන්න ගැන හොඳින් දැනගෙන යන්න. අදාළ මාතෘකාව සම්බන්ධයෙන් දන්නා දේ තවත් වරක් පැහැදිලිව සිහි තබාගෙන යන්න. ඉදිරිපත් කරන්නට අවශ්‍ය සහතික නිවැරදිව අසුරා ගන්න. කිසිම මොහොතක නොකරපු බොරු දේවල් කියන්න එපා.
5. බය නැති කරගන්න

Source – ukgossip.mb4uli.com
මේකත් අර මුලින් කිවුව ව්‍යාකූල වීමටම සම්බන්ධයි. කඩ්ඩෙන් කිවුවොත් මේ කියන්නෙ බොඩි ලැන්වේජ් එක ගැන. බය ගුල්ලෙක් වගේ ගුලි ගැහිලා ඉන්නෙ නැතුව, සද්දෙ අඩුවෙන් හොරෙක් වගේ කතා කරන්නෙ නැතුව, ඉංග්‍රීසි හොඳට පුළුවන් කියලා පෙන්නන්න හිතාගෙන වේගෙන් කියවන්න යන්නෙ නැතුව පැහැදිලි අරමුණක් තියෙන මනුස්සයෙක් වගේ ඉන්ටවිවු එකට මුහුණ දෙන්න. තමන්ගේ කතාවට අත් වගේම මුහුණේ ඉරියව් යොදාගන්න.
6. ෆේස්බුක් එපා

Source – tenor.com
තරමක් වේලාසනින් අදාළ ස්ථානයට යන්න. නමුත් නියමිත වෙලාවට පමණක් ඇතුළට යන්න. ඒ අතරතුර කිසිම මොහොතක ෆේස්බුක් යන්න වගේ දේවල් කරන්න එපා. ඒකෙන් ඔබේ මනස වෙනත් අතකට යන්නට පුළුවන්. බැරිවෙලාවත් ඔබ මනසින් ඇද වැටෙන දෙයක් දුටුවහොත් එයින් වෙන හානිය සුළුපටු නැහැ. ඔබේ මනස එවැනි සිදුවීම්වලින් පහතට වැටෙන්නේ නැති බවට විශ්වාසයක් හෝ අධි තක්සේරුවක් ඔබ තුළ තිබිය හැකියි. නමුත් ඒ වාසනාව උරගා බලන්නට එපා.
7. සතුටු හිතෙන දේවල් හිතන්න

Source – elearningindustry.fr
ඔබ කැමතිම ගැහැනු ළමයා, ජීවිතේ ගෙවපු සුන්දරම මොහොත වගේ දෙයක් ගැන හිතන එක මෙහෙම අවස්ථාවක වැදගත්. ඉන්ටවිවු එකෙන් පස්සෙ තමන් කෑම ගන්න කැමතිම කඩෙන් දවල්ට කෑම ගන්න හිතාගන්න. එය මතුපිටින් සුළු දෙයක් වගේ ඔබට පෙණුනත් එය සම්මුඛ සාකච්ඡාව මොහොතේදී අති සාර්ථකව වැඩකරාවි.
Cover Image Source – stafffinders.co.uk
Leave a Reply