දැන් මේ කියන්න යන්නෙ අම්මට එස්එම්එස් එකක් ගහන්න කියල දීලා හෙන ලොකු පොරක් කියල හිතං ඉන්න මල්ලිලා නංගිලාට නෙමෙයි. ඒ කට්ටිය මුලින්ම මතක තියාගන්න හලාගන්නෙ නැතුව කන්න ඉගැන්නුවෙ අම්මා විත්තිය. මේ කතාව කියන්නෙ තාක්ෂණේ එක්ක ඉස්සරහට යන්න ආස කරන, අලුත් අලුත් දේ අත්හදා බලන්න ආස කරන කට්ටියට සෙට් වෙලා ඉන්න හොඳ ටෙක් යූ ටියුබ් චැනල් ටිකක්. ඇත්තටම තාක්ෂණය ගැන උනන්දුවක් නැත්තං මේ යූ ටියුබ් චැනල් මග ඇරලා හිටියත් කමක් නැහැ.
1. Unbox Therapy

Source – flippish.com
අන්බොක්ස් තෙරපි කියන්නෙ ටෙක්නොලොජි ගැන කතා කරද්දි මුලින්ම කියවෙන නමක්. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. පොර නමේ තියෙනව වගේම අන්බොක්ස් කරනවා. අන්න ඒ නිසා තාක්ෂණික උපාංගයක මූලික අවස්ථාවේ ඉඳන්ම තියෙන අත්දැකීම ඔහුගේ චැනල් එක හරහා අත්විඳින්න පුළුවන් වෙනවා. ලක්ෂ අසූපහකට එහා පැත්තෙ සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නව කියන්නෙම ඉතිං පුදුමයක් නෙමෙයිනෙ. පොරගෙ වැඩ කොලිටි වගේම සල්ලිවලට යට නැති රිවීවු දකින්න පුළුවන්. බොහෝ වෙලාවට රිවීව් වෙන්නෙ ජංගම උපාංග තමයි. ඒවගේම ඔහු ඒ යටතේ අඩු ගාණට ගන්න පුළුවන් වැඩි වැඩ, නොයෙක් උපාංගවල අවාසි, වාසි, ඇක්සසරීස්, වගේම ගොඩක් අතරින් හොඳම දේ තෝරගන්න විදිය ගැනත් කියනවා.
2. Linus Tech Tips

Source – designbyhumans.com
ලක්ෂ හතලිස්පහක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න ටෙක් චැනල් එකක් වෙච්චි ලයිනස්ටෙක් ටිප්ස් චැනල් එකෙන් ලැබෙන්නෙ ආතල් නෙමෙයි. ඌහ් ඕහ් කියවෙන පුදුමයක් ඒකෙන් අත්විඳින්න ලැබෙන්නෙ නැහැ. හැබැයි තාක්ෂණේ ගැන දැනුම ලබාගන්න, සියුම් ගැටළු ලිහාගන්න ඒ තරං හොඳ යූටියුබ් චැනල් එකක් ආයෙ ලැබෙන්නෙ නැතිවෙයි. ටෙක් රිවීව් තියෙනව තමයි. හැබැයි තමුන් නොදන්න සේවාවක් වැඩ කරන්නෙ කොහොමද කියල දැනගන්න, සාමාන්‍ය මිනිස්සු යම් දෙයක් ඉෂ්ඨ කරගන්න පාවිච්චි කරන සුලබම ක්‍රමවේද සහ ඒ ඇයි කියන එක ගැන වගේ අපි නොහිතන පැතිවල ටෙක් රිවීව් ඒකෙ තියෙනවා. ඒ වගේම අඩු ගාණට හොයාගන්න පුළුවන් අන්තර්ජාල ඇනවුම්, එකම කාර්ය කරගන්න පුළුවන් නොයෙක් විදි වගේ ආකර්ෂණීය දේත් මෙහි අඩංගුයි.
3. Locker Gnome

Source – advertisewithin.com/facebook.com
මේක ටිකක් වෙනස් කතාවක්. මේ චැනල් එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නෙ ලක්ෂ තුනහමාරක් විතර. හැබැයි අපි මේක හොඳම ටෙක් චැනල් එකක් විදියට දානව. ඒ ඇයි කියල කියනවනං ඇත්තටම ටෙක් එක්ක බැඳිලා ඉන්න ගීක් කෙනෙකුගෙ ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද කියල මේ චැනල් එකෙන් බලාගන්න පුළුවන්. මොහු දිනපතා අප්ලෝඩ් කරන ව්ලොග්ස් ඇතුළෙ තාක්ෂණය කියල දෙයක් කෙලින්ම අන්තර්ගත නොවුනට ඒ ඇතුළෙ තියෙනව තාක්ෂණික ලෝලියෙකුගෙ ජීවිතය ගෙවෙන විදිය. ඒ ගැනබලන්න ලොකර් නෝම්වලට සෙට් වෙන එක වටිනවා.
4. Marques Brownlee

Source – mkbhd.com/uplabs.com
MKBHD කියන්නෙ මාකස් බ්‍රවුන්ලී හයි ඩෙෆිනිෂන් කියන එක කෙටියෙන්. ලක්ෂ පනහකට කිට්ටු ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න මේ චැනල් එකේ යටටම ගියොත් මාකස් ජුන්ඩා කාලෙ ඉඳන් යූටියුබ් වීඩියෝ කරපු පොරක් බව දකින්න පුළුවන්. මාකස් වර්තමානයේ යූටියුබ්වලින් සැළකිය යුතු ඉහළ ආදායමක් හොයනවා වගේම විශ්වාසවන්ත නමක් ගොඩනාගෙන තියෙනවා. උදාහරණෙකට ඉලන් මස්ක් එයාගෙ අලුත්ම ටෙස්ලා කාර් එක මාකස්ට ටෙස්ට් කරන්න දෙනවා. රෙඩ් සමාගම තමන්ගෙ කුළුඳුල් ස්මාට්ෆෝනය තවමත් මෙලොව තාක්ෂණික ක්‍රියාකාරීන්ගෙන් අල්ලන්න දීලා තියෙන්නෙ මකෙස්ට විතරයි. ඒව තමයි ඉතිං වැඩ. තාම පොඩි කොල්ල වුනාට මොකද ගූග්ල්, ඇපල්, ටෙස්ලා, රෙඩ්, ඕනම ඉවෙන්ට් එකක ඉස්සරහම පුටුවක් ඔහුට වෙන්වෙනවා. ඔහුගේ චැනල් එකේ වැඩි පුරම කතාකෙරෙන්නෙ ටෙස්ලා කාර් ඇරෙන්න තාක්ෂණික උපාංග ගැන තමයි. ඒකත් අවධි කිහිපයකින් අත්දකින්න පුළුවන්. පැකට් කඩපු ගමන් හැඟීම. මුල්ම පාවිච්චියෙදි හිතට එන දේවල්. වගේම ෆුල් රිවීවු එකක්. මේ ඔක්කොම අතරෙ ඉතාමත් ආකරෂණීය වැඩ වලින් ඒ චැනල් එක පිරිලා. ඔයා ටෙකී කෙනෙක් නං අනිවාර්යෙන්ම ඔහුට ඊරෂ්‍යා කරාවි.
5. The Verge

Source – anand-prakash.net
ලක්ෂ පහලොවක් විතර සෙනඟ ඉන්න මේ චැනල් එකේ තාක්ෂණය ගැන නැති දෙයක් නැහැ. ඇත්තටම මෙතන තියෙන දේවල් අතරෙ වෙනිං චැනල්වල කතා නොකෙරෙන අධි තාක්ෂණික කාරණාත් තියෙනවා. ඒවානම් හොඳ ඉතිං දැනුමට විතරයි. මොකද අභ්‍යවකාශ ගමන් වගේ දේවල් ගැන දැනුම අපිට නිතර ඕන වෙන්නෙ නැහැනෙ. අනාගතේ ගෙවල් මොනවගේ වෙයිද? සැම්සන්ග් ගැලක්සි නෝට් එයිට් එක විශේෂ වෙන්නෙ ඇයි? ගුරුත්වය බින්දුව උනාම වමනෙ(ඕක්) නොදා ඉන්නෙ කොහොමද? 4K කොලිටියෙන් ගේම් එකක් ගහද්දි මොන වගේද? මේ ෆෝන් දෙකෙන් හොඳම ෆෝන් එක මොකද්ද? වගේ හැම පැත්තකම කතා මෙතන තියෙනවා.
6. Android Authority

Source – mobilefun.co.uk
නමේම තියෙනවනෙ. මේකෙ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ගැන. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්, ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකේ අලුත් දේ, ඇන්ඩ්‍රොයිඩ් හැක්ස්, ඇන්ඩ්‍රොයිඩ්වල අනාගතය, ඇන්ඩ්‍රොයිඩ් අවශ්‍යතා, හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්, මේ සතියෙ ඇන්ඩ්‍රොයිඩ් කතා වගේ ගොඩක් දේ මේ චැනල් එකේ තියෙනවා. ලක්ෂ විසිහතක විතර සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න මේ චැනල් එක දැනටත් නියමෙට නැගලා යන ප්‍රධානම හේතුව තමයි මේක ඉදිරිපත් කරන ආකර්ෂණීය බව. අතරින් පතර අවුල් ප්‍රසන්ටර්ලා හිටියත් ඒ හැමෝටම හොඳ දැනුමක් තියෙන බව නම් දැක්කාම කියන්න පුළුවන්.
7. Tech Crunch

Source – incorta.com
ටෙක් ක්‍රන්ච් කියන්නෙ වෙබ් අඩවියක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ නිසා ඒ අයගෙ වීඩියෝ වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්නෙ කියවන්න කම්මැලි යූසර්ස්ලාට අහගෙන ඉන්න. ඒ වගේම හැම දෙයක් ගැනම ඉන් ඩීටේල් සිද්ධ කරන දැනුවත් කිරීම් හින්දා ටෙක් ක්‍රන්ච් කියන්නෙ තාක්ෂණික දැනුම හොයන මිනිස්සු නිතර යන එන තැනක්. එයාලා ෆෝන් ගැන, ගේම් ගැන වගේම අන්තර්ජාලෙ උණුසුම් පුවත් ගැනත් පට්ට ඉදිරිපත් කිරීම් කරනවා. ඒ විතරක් නෙමෙයි යාන වාහන , රොබෝ කතා, අභ්‍යවකාශ කතා වගේම අලුත් අලුත් ටෙක් බිස්නස් ගැනත් එයාලගෙ අදහස් තියෙනවා. ඒ නිසා තාක්ෂණය පැත්තෙන් උනන්දු, හැදෑරීමට කැමති, වෘත්තීය අදහස් අවශ්‍ය ඕන කෙකෙුට ටෙක් ක්‍රන්ච් කියන්නෙ හොඳ තෝතැන්නක්.
Cover Image Source – lifie.lk
Leave a Reply