දැක්කනෙ පහුගිය දවසක දිවයිනේ ප්රමුඛ අන්තර්ජාල සේවාවක් රෙදි ගැලවෙන්න පාරිභෝගිකයොන්ගෙන් බැනුම් ඇහුවා. ඒ විදියට බැණුම් ඇහුවෙ වෙන මොකුත් නිසා නෙමෙයි. පැය කීපෙකට මොබයිල් සිග්නල් ඩවුන් වෙච්ච නිසායි. ඇත්තටම අද කාලෙ පැය තුනක් බොන්න වතුර නැතුව ඉන්න පුළුවන් වුනාට සිග්නල්(ටූත් පේස්ට් නෙමෙයි) නැතුව පැයක් ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. මේ කියන්න යන්නෙ ඒ විදියට ඉන්න බැරි වෙන සිග්නල් ඩවුන් අවස්ථාවක් උද්ගත වෙන්න පුළුවන් හේතු ටිකක් ගැන කතාවක්.
1. පට්ට ට්‍රැෆික්

Source – www.carritech.com
මේ කියන්නෙ බස් ලේන් එකකුත් දැම්මට පස්සෙ මේ දිනවල අත්දකින වාහන ට්‍රැෆික් එක ගැන නෙමෙයි. මේ කියන්නෙ වෙනම ට්‍රැෆික් එකක් ගැන. හැබැයි මේකත් බස්ට්රැෆික් වගේම තමයි. හැමෝම ඉන්නෙ ෆෝන්වල. බරදාගෙන ෆේස්බුක් ලෝඩ් කරන ගමන්. හැමෝගෙම ඩේටා ලෝඩ් කරලා දෙන්න කියලා ලඟම තියෙන සිග්නල් කුළුණට සිටි සිටි ගාලා රික්වෙස්ට් යනවා. කොහොමහරි කුළුණට ඔයාගෙ රික්වෙස්ට් එක කනෙක්ට් වුනොත් අනිත් රික්වෙස්ට් හමුවේ ඔයාගෙ සිග්නල් එක එන්න එන්න ලෙඩ ගාණට වැටුනත්, ලොස්ට් වෙන්න නං තියෙන්නෙ අඩු ඉඩක්. හැබැයි පුතෝ ඔයාගෙ රික්වෙස්ට් එක දැනටමත් රික්වෙස්ට් වලින් ෆුල් වෙලා තියෙන ටවර් එකකට ගියොත් ඔන්න ඉතිං කෝල් එකක් වුනත් ඩ්‍රොප් වෙන්න තියෙන ඉඩ වැඩියි.
2. යකඩ කඩේ

Source – venneberginsurance.com
අපි ඉන්නෙ ඉතිං යකඩ පිරිච්ච ලෝකෙකනෙ. කාර් යකඩ, බිල්ඩිං කනු ටික යකඩ වගේ හිතල බැලුවම අපි ඉන්නෙ යකඩෙම තමයි. ඒක ලොකු අවුලක්. මොකද දන්නවද? යකඩ කියන්නෙ ඔය ජංගම දුරකතන සංඥාවලට නිකං නයාට අඳුකොල වගේ දෙයක්. ඒවට ඒ හරහා යන්න බැහැ. නිකමට මේ දේවල් චෙක් කරල බලන්න. ගේ ඇතුළෙ ඇවිද ඇවිද කෝල් ගනිද්දි සිග්නල් අවුල් යන ගතියක් තියෙනවද? ජනේලයක් ගාව හිටගෙන ඉඳිද්දි සිග්නල් වැඩිවෙන ගතියක් දැනෙනවද? එහෙනං පුතෝ යකඩ තමයි කේස් එක.
3. ඉර ගම කනවා

Source – www.nasa.gov
ඉර ඉතිං අපිට හරිම ප්‍රයෝජනවත් තමයි. අපිට හැම දේකින්ම වගේ උදවු වෙනව තමයි. ඉර නැත්තං අපිට පැවැත්මකුත් නෑ තමයි. හැබැයි ඉරෙන් අපිට මේ දවස්වල දැඩිව දැනෙන ඩේටා බඩගින්නට නං පොඩි පොඩි නෝටි බලපෑම් කරනවා. විශ්වය පුදුමාකාරයි. මිනිස්සු විවිධාකරයි නෙ. ඔය ඉරේ තියෙනව නොයෙක් නොයෙක් පිපිරීම්. ඒ වගේ ඩෝං ගාලා වෙන ලාවාමය පිපිරීම් එක්ක අවට පරිසරේට ගෑස්වර්ග නිකුත් කරනවා. ඉතිං මේ ගෑස් විශ්වෙ වටේ යනව. ඉතිං අපේ ලෝකෙටත් බලපානවා. ඒ නිසා ඒවා අපේ පොලොවේ චුම්භක ක්ෂේත්රයට බළපෑම් ඇති කරලා එතනින් සැටලයිට්වලින් දෙන සිග්නල්වලට නරක විපත්ති කරන්න ඉඩ තියෙනවා.
4. ඔයාගෙ වැරදි

Source – www.myrandomwanderings.com
ඔයාගෙ වැරදි හින්දත් වැඩේ ලෙඩේ වෙන්න පුළුවන්. ඔයාට ඕන වෙන්නෙ හොඳට නිදහසේ ෆෝන් එකෙන් වැඩ ගන්න නං, ඒකට ෆෝන් එකටත් හොඳට සළකන්න. ඒක හරි සරළයි. ඔයා ෆෝන් එක චාජ් නොකර ෆෝන් එක අන්තිම බැරි බලයෙන් වැඩකරද්දිත් ඒකෙන් පරණ පුරුදු නිදහස් සිග්නල් ගලා ඒමම පතන්න බෑ. මොකද ඒකට නිදහසේ වැය කරන්න තරං ශක්තිය ෆෝන් එකට නෑ. සෙලියුලර් ටවර් එකත් එක්ක කනෙක්ට් වෙන්න ෆෝන් එක ලොකු කට්ටක් කනවා.
5. කාලගුණේ

Source – onewedge.com
ඔවු ඉතිං කාලගුණෙත් ලොකු බලපෑමක් කරන්න පුළුවන් මේ කේස් එකේදි. ඉලෙක්ට්රෝ මැග්නටික් තරංග හරහා තමයි ෆෝන් සිග්නල් යන්නෙ. ඉතිං කුණාටු කාරි තත්ත්ව තියෙද්දි සිග්නල් වැඩේ චුට්ටක් විතර ඩිස්මිස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පරිසරේ ආර්ද්‍රතාවය නොහොත් තෙතමනය ටිකක් වැඩියි නං, ලොකුවටම වළාකුළුවලින් අහස කවර් වෙලානං, අහස ගොරවනවනං, විදුලි කොටනවනං, ලොකුවට හුළං හෝ ධාරාණිපාත වැහි තියෙනවනං, හිම වැටෙනවනං වැඩේ කෙළවීමට ඇති ඉඩ වැඩියි.
6. අත් කතා කරනවා

Source – www.topicsupply.com
සමහරු ෆෝන් එක අල්ලන්නෙ එක එක විදියට. නිහාල් නෙල්සන් මයික් එක අල්ලනව වගේ එක එක විදියට ෆෝන් එක අල්ලන්න ගියාමත් සිග්නල්වලට කෙලවෙන්න පොඩි ඉඩක් තියෙනවා. ඒ තමයි ෆෝන් එක ඇතුළෙ තියෙන සිග්නල් කණුවට(ඔවු ඔවු ඉස්සර ගඩොල් බාගවල එළියෙන් තිබ්බ එක දැන් තියෙන්නෙ ඇතුළෙන්) එන සිග්නල් බාධා වෙන විදියට අත කවර් වීම. ඒක ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්. ඉස්සර ඉතිං ඒක වුණේ නැහැනෙ.
7. ස්වභාවධර්මය

Source – pinterest.com
ඇත්තටම මේ කාරණාවට ස්වභාවධර්මයත් බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. නිකමට හිතන්නකො මෙහෙම. ඔන්න යනව හොඳට ගස් කොළන් වැවිලා හෙවණ තියෙන තුරු වියනක් යටට මලක් කඩන්න කියලා. ඔය තුරු වියන සිග්නල්වලට බාධාවක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට සිග්නල් එන්නෙ කන්දෙන් එහා පැත්තෙන් නං කන්දෙන් මහා පැත්තෙ ඉඳිද්දි අවුල් වියවුල් තත්ත්ව ඇති වෙන්නත් ඉඩ තියෙනවා.
Cover Image Source – mywikispace.com
Leave a Reply