අපි මේ කතා කරන්න යන්නෙ කීබෝඩ් ගැන. සාමාන්‍යයෙන් නං ෆෝන් එකකට කීබෝඩ් ඇප්ස් දෙක තුනක් පාවිච්චි නොකරන නිසා කට්ටිය ගොඩක් වෙලාවට දන්නෙ එකක් ගැන විතරයි වෙන්න පුළුවන්. හැබැයි මේ කීබෝඩ් ගැනත් දැනගෙන ඉන්න එක හොඳයි. මොකද එතකොට ඕනම වෙලාවක මාරු වෙන්න පුළුවන්නෙ. ඉතිං අපි මේ කියන්න යන්නෙ ලංකාවෙ අපිට අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කී බෝඩ් වර්ග හතක් ගැනයි.
1. හෙළකුරු

Source – i.ytimg.com
ලඟදිම ගූග්ල් දීපු සිංහල වොයිස් ටයිපින් පහසුකමත් එකතු කරපු හෙලකුරු කීබෝඩ් එක භාෂා ලංකා නිපැයුමක්. භාගතකිරීම් මිලියන තුනක් පන්නපු මේ ඇප් එක සිංහල ටයිප් කරන්න වගේම කීබෝඩ් එක අපිට කැමති විදියට හදාගන්නත් ලොකු උදවුවක් වේවි. ඉමෝජි පහසුකම් වගේම කස්ටමයිසබල් තීම්ස් නිසා වැඩේ ලේසියි. වොයිස් ටයිපින් හින්දා කී බෝඩ් එකක් ඕනෙත් නැති ගානයි. හෙළකුරු සම්මාන කන්දකුත් දිනලා තියෙනවා.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. – Android / iOS
මෙන්න වෙබ් එක – හෙලකුරු
2. Fleksy

Source – res.cloudinary.com
ලෝකෙ තියෙන වේගෙන්ම ටයිප් කරන්න පුළුවන් ස්මාට්ෆෝන් කීබෝඩ් එකක් විදියට ෆ්ලෙක්සි ප්‍රසිද්ධයි. මල් කඩන කොල්ලො පාවිච්චි කරන්නෙ ෆ්ලෙක්සි තමයි. කිසිම ඇඩ් එකක් නෑ වගේම නොමිලේ හම්බෙන ඇප් එකක්. නියම ඔටෝ කරෙක්ට් සිස්ටම් එකක් වැඩකරනවා. ඩිලීට් කරන වගේ දේවල් හෑන්ඩ් ජෙස්චර්ස්වලින් කරන්න පුළුවන්. කී බෝඩ් එකේ ප්‍රමාණෙ ඉඳන් වැඩකිඩ වෙනකං සියල්ල කස්ටමයිස් කරගන්න පුළුවන්.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. – Android / iOS
3. SwiftKey

Source – swiftkey.com
ඇපල්ද ඇන්ඩ්‍රොයිඩ්ද වෙනසක් නැතුව මුල ඉඳන්ම ඕනෑම භාෂාවක් ටයිප් කරන්න ඉඩ දීපු නියමෙටම ස්ටේබල් කීබෝඩ් ඇප් එකක් තමයි මේ. නියමෙටම ටෙක්ස්ට් සජෙස්ට් වැඩ කරනවා. කී බෝඩ් සරලයි. ඒ නිසා වරදින්නෙ නැතුව ටයිප් කරන්න පුළුවන්. භාෂාවන් අතරෙ මාරුවෙන්න හරිම ලේසියි. පාස්වර්ඩ් වගේම ගිණුම් අංක මතක තියාගන්නේ නැතුව ටයිප් කරන අනිත් දේවල් අකුරටම හිතේ තියාගෙන ඕන වෙලාවෙදි ළඟට දෙන්න මෙයා දන්නවා.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. – Android / iOS
4. Google Keyboard

Source – cdn.dribbble.com
මේකෙත් ස්වයිප් කරන වැඩ කෑලි ඔක්කොම එක්ක අලුතෙන් එකතු වෙච්ච ගූග්ල් වොයිස් ටයිපින් වැඩෙත් තියෙනවා. හැබැයි පුතෝ සිංහල කී බෝඩ් එකට හුරු වෙන්න නං දවස් දෙකක් විතර යනවා. දවස් දෙකක් ගියාට පස්සෙ මේක හොඳම සිංහල කීබෝඩ් එක කියලා හිතෙන්නත් පුළුවන්. ඒ වෙනස අපිට ටයිප් කරන එක පහසු කරවනවා. ස්පේස්බාර් එකෙන් ඇවිද ඇවිද අකුරු අතර යන්න පුළුවන් නිසාත් මේ ඇප් එකේ පාවිච්චිය ලේසි වෙලා තියෙනවා. අනික ඉතිං මොනවා වුනත් ගූග්ල්නෙ කියලා හිත හදාගන්නත් පුළුවන්. ඒ වගේමයි අඩු වැඩි කරන කස්ටමයිසබල් වැඩ කෝටියයි.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. – Android / iOS
5. Swype

Source – http://www.androidguys.com
තනි වචනයක් ඇඟිල්ල උස්සන්නෙ නැතුව ටයිප් කරා නං ඒ ස්වයිප් පිහිටෙන් වෙන්න ඕන. දැනට අවුරුදු ගානකට කලින් තමයි ස්වයිප් ඔය වචන අඳින වැඩේ පටන්ගත්තෙ. ඒ කියන්නෙ අවුරුදු පහකටත් වැඩියි. නොමිලේත් දෙනවා. සල්ලිවලටත් එඩිෂන් එකක් ගන්න පුළුවන්. භාෂා සහය, ඕඩියෝ රෙස්පොන්ස්, වගේම ඇඟිල්ල වැඩ කරන විදිහ සහ ගෙස්චර්ස් හොඳටම අඳුරන ඇප් එකක් විදියට නම් කරන්න පුළුවන්.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. – Android / iOS
6. TouchPal

Source – null48.com
අවුරුදු දහයක් විතර තිස්සෙ ඉඳන් තියෙන මේ කීබෝඩ් එක වැඩියෙන්ම ප්‍රසිද්ධ එයාලගේ දත්ත ආරක්ෂාවට තමයි. ගොඩක් කීබෝඩ් පරිශීලකයාගේ පෞද්ගලිකත්වයට හානිකර ලෙසින් ක්‍රියාකරත් ටච්පැල් එහෙම නෑ. ස්ටිකර්, ඉමෝජි, ඇඟිල්ල උස්සන්නෙ නැතුව ටයිප් කිරිලි වගේම අනිත් කීබෝඩ්වල තියෙන වැඩ කෑලි මේකෙත් තියෙනවා. නොමිලේ දෙන එකේ ඇඩ් ටිකක් තිබුණාට මුළු අවුරුද්දට ම ඩොලර් පහක් ගෙවුවනං කිසි කරදරයක් නැතුව බබා වගේ වැඩ.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. – Android / iOS
7. Minuum

Source – 2.bp.blogspot.com
සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කීබෝඩ් එකෙන් වෙනිං ඇප් වසා ගැනීම. අන්න ඒ අයට ප්‍රධාන අරමුණ ටයිපින් නොවන ඇප්ස් පාවිච්චියෙදි මේක හොඳ විකල්පයක් වේවි. මොකද මේ කීබෝඩ් ඇප් එකේ විශේෂත්වය තමයි ඒක පුංචි වීම. පොඩි ස්මාට්ෆෝන් තියෙන අයට මේක වටිනවා. ඒ වගේම පොඩි ඇඟිලි තියෙන අයටත් ෂෝක්. කීබෝඩ් එකේ සයිස් එක තමුන්ට ඕන ගානට හදාගෙන නිදහසේ වැඩ කරන්නයි තියෙන්නේ. හැබැයි නොමිලේ නං නෙමෙයි.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. – Android / iOS
Leave a Reply