බොන්න කලින් දීලා බිවුවට පස්සෙ වෙනස් වෙන කොල්ලන්ගේ ටෝක්ස්

how drunken talk vs when they are not

 

ඔය විහිළුවට මොකා මොන කතා කිවුවත් අපි මේ කියන්න යන කතාව නම් ගොඩක් දෙනෙකුට අනුව විහිළුවක් නෙමෙයි. ඇත්තටම කට්ටිය බිවුවම ‘සං ගාලා’ සිංහයො වෙනවා. හැබැයි වෙරි බැස්සම බලු කෙඳිරිය විතරයි. කලින් දාපු සිංහ නාද මැඩගස්කරෙත් නෑ. ඉතිං ඔය විදියට බීලා පොර ටෝක් ඉෂූ කරන එකනං ලොකු අවුලක්. ඒ අවුල ලිහන්න විදියක් නැතත්, එහෙම බීලා පොර ටෝක් දෙන බුවාලට මෙහෙම දෙයක් ලියල හරි පෙන්නන්න වටිනවා. මේ අතරෙ පොර ටෝක් නොවෙන දේවලුත් තියෙනවා. අපි අද කියන්නෙ බොන්න කලින් වෙනස් කතා කියලා බිවුවට පස්සෙ අමුතු ටෝක් දෙන අයියලා ගැන.

 

1. මට එයාව ආය ඕන නෑ

how drunken talk vs when they are not

Source – Crosswalk.com

ඔන්න පුතෝ පටන්ගන්නෙම ලවු සීන් එකකින්. අපි කොහොමත් ආද‍රේ විඳින මිනිස්සුනෙ. ඉතිං එහෙවු රටේ බූට් කියල නරුම සංසිද්ධියක් නිසා ගොඩක් ඩයල් අවුලෙන් තමයි කල් ගත කරන්නෙ. මේ විදියට අවුලෙන් ඉන්න බුවාලා අමුවෙන් ඉන්නකොට “මට එයා නැතත් කමක් නෑ, මට එයාව ආයෙ ඕන නෑ, රැවටුනා නෙමෙයි මා ඔබ විශ්වාස කළා, ඔයාට මාව එපානම් කලින් කියන්නට තිබුනා, ආයෙනං එපා ඔයා” වගේ සීන්වල ඉන්නවා. හැබැයි මහත්තයො දෙක දැම්මට පස්සෙ තත්ත්වෙ වෙනස්. “මං මැරිල හරි ඒකිව දිනාගන්නවා මචං”. ඒ වෙලාවට ඉතිං “මැරිලා ගෑනු දිනාගෙන ඉවරවෙලා ඒකිව නමල පෙට්ටියට දාන්නද මචං?” කියල අහන එක තමයි හොඳ.

2. අද සල්ලි නෑ

how drunken talk vs when they are not

Source – galvomatheus.jusbrasil.com.br

බොන්න කලින් දවාලට පාන් පාර්සලයක් විතරක් හම්බෙච්ච හිඟන්න වගේ තමයි ටෝක් දෙන්නෙ. “මේ පාර නෝපේ ගිහින් පඩිත් අඩුයි බං, ඕටී කරන්න වුනෙත් නෑ, වෙඩින් තුනක් තිබ්බ නිසා හිඳිලා ඉන්නෙ මචං” කියල තමයි කොල්ලා බොන්න වාඩි වෙන්නෙ. අනිත් මිනිස්සු රුපියල් දෙදාහක් දාද්දි පොර තුන්සීයක් විතර දාලා තමයි ගේමට එන්ටර් වෙන්නේ. හැබැයි මහත්තයො බාගෙ යද්දි මෙන්න බිල් ගේට්ස් ආවේස වෙනවා. “අද නං හොඳට ගසන්න ඕන ආ. හොඳ විස්කියක් ගේමු මගේ ගානෙ. මේ මුරුක්කු කන්න බෑ බං, ජැෆ්නා ස්ටයිල් ක්‍රැබ් කරියක් ගනිං මෙන්න සල්ලි, මොනාද බං මෙහෙම බීලා පුළුවන්ද කාලෙකට පස්සෙ සෙට් වුනාම” වගේ මට්ටමකට පොර අවතීර්ණ වෙනවා.

 

3. මේ ටිකේ නිවාඩු නෑ

how drunken talk vs when they are not

Source – channel4fm.com

මෙහෙම බුවාලව සෙට් වීමකට සෙට් කරගන්න හරිම අමාරුයි. “අම්මෝ බං ‍අද මෙහෙම බොන්න මම පහුගිය මාස ටිකම පිස්සෙක් වගේ වැඩ කළේ බං, ආයෙ නං මාස තුනකටවත් බොන්න බෑ බං හො‍ඳේ, පුදුම වැඩ කන්දක් බං තියෙන්නෙ, ලොක්කා මටමයි වැඩ කියන්නෙ” වගේ ටෝක් ඉෂූ කරන අයියලා ඕනම සෙට් එකක ඉන්නවා. හැබැයි පුතේ දෙකක් ‍දැම්මට පස්සෙ මෙන්න ‘ෆ්‍රී රයිඩර් ස්ලෑෂ් පාටි ඇනිමල්’ සෙට් වෙනවා. හම්මියෝ ඊටපස්සෙ එපැයි බලන්න. “ලබන සතියෙ යමං යාපනේ, පස්සෙ සතියෙ යමං ඉන්දියාවේ” වගේ ටෝක් දෙන්නෙ.

 

4. උගෙයි මගෙයි දැන් වලියක් නෑ

how drunken talk vs when they are not

Source – youtube.com

මේ සීන් ඉතිං ලවු ප්‍රශ්න හෝ රැකියා ප්‍රශ්න නිසා ඇති වෙන නොහොඳ නෝක්කාඩුවල පශ්චාත් වෙරිමතවාදීය ක්‍රියා ගැන තමයි කියන්න යන්නෙ. ඔන්න ඉතිං බොන්න පටන් ගන්න කලින් කියන්නෙ “උගෙයි මගෙයි දැන් අවුලක් නෑ, අපි දැන් ෆිට් එකේ ඉන්නව බං, ගිය සතියෙ මුදිතයලගෙ ගෙදරදි අඩියක් ගහන්නත් සෙට් වුණා” කියල තමයි කතාව එන්නෙ. තුන හතරක් වැදිලා මඳ පවනට එද්දි පටන් ගන්නවා අනිත් පැත්තට කතාව. “කොච්චර උඩින් හිනාවෙලා හිටියත් මං දන්නව ඕක ගල් ඇම්බැට්ටයා කියල. ඌ දන්න දවසෙ ඉඳන් මට කළේ කෙල වෙන වැඩ බං. මගේ හොඳ කමටයි මං ඉවසං හිටියෙ. මේ සීන් තවත් මෙහෙම වෙන්නෙ නෑ. හෙටම කෙලින් ගිහින් කතා කරලා ඇදගෙන, එතනම දෙකක් නෙලලා වැඩේ ඉරයක් කරනවා බං.”

 

5. මං ආයෙ බොන්නෙ නෑ

how drunken talk vs when they are not

Source – youtube.com

අම්මේ ඉතිං වෙරියට විරුද්ධ බුවාලා ‍වගේ පෙන්නන ඩයල්ස් ඉන්නවනෙ. අමුතු ටෝකක් තමයි ඒ අයියල ඉෂූ කරන්නෙ. “මේ උඹල බල කරන හින්දා බොන්නෙ බං. මමනං මේ බොන අන්තිම පාර. උඹලත් නවත්තපං බං. මෙහෙම හැමදාම කරල හරියන්නෙ නෑ”. හැබැයි පුතේ කාල ගහන එකාට බාගෙ වෙනකං වැදිලා කාලකණ්ණියා භාග්‍යවන්තයා වුනාට පස්සෙ තමයි හොඳම හරිය පටන් ගන්නේ. “යකෝ අඩියක් නොගහ ඉන්නෙ කොහොමද බං පිරිමි අපි. දැන් ඔය අපේ ගෑණි කොයි වෙලෙත් දෝස්මුරේ දදා මගේ ඇ‍ඟේ නැගගෙන ඉහේ ඉඳන් කන්න හැදුවට අඩියක් නොගහ සොමියක් ගන්න පුළුවන්ද බං අපි වගේ උන්ට”.

 

Leave a Reply

Your email address will not be published.