ලෝක ඉතිහාසෙ හොල්ලපු ෆුට්බෝල් ක්ලබ් අතරේ වැඩිම මුදලට ගිය ක්‍රීඩක ගනුදෙනු

Most Expensive Football Player Transfers

ෆුට්බෝල් කියන්නෙ රස්තියාදුකාරයන්ගෙ ක්‍රීඩාව කියන දේ වගේම ලෝකෙ වැඩිම ධනයක් සංසරණය වන ක්‍රීඩාවන් අතරෙ ටෙනිස්, බොක්සිං, ගොල්ෆ් එක්ක ෆුට්බෝල් උඩින්ම තියෙනවා. ඉතිං මේ ෆුට්බෝල් ක්ලබ් අතරෙ තියෙන රටවල්වල තියෙන සහයෝගෙටත් වඩා බද්ධ වෛරයක්. නැෂනල් ටීම් එකේදි එකට කරට අත දාගෙන ඉන්න ෆුට්බෝල් ක්‍රීඩකයො ක්ලබ් මැච්වලදි ගුටි දීගන්නවා. ඒක තමයි ස්වභාවෙ. මේ කියන්නෙ ක්ලබ් අතරෙ කාලෙන් කාලෙට සිද්ධ වෙන ගනුදෙනු ගැන. ඒ වැයවෙන ගණං හිලවු අතරෙ වැඩිම මිලක් වැයවෙලා තියෙන්නෙ මෙන්න මේ ක්‍රීඩකයන්ට.

1. Neymar Jr.

Most Expensive Football Player Transfers

Source – everythingbarca.com


මේක තමයි මේකාලෙ ප්‍රසිද්ධම ට්‍රාන්සර් එක. සිද්ධ වුණේ දැන මාස දෙකකට විතර කලින්. බ්‍රසීල ජාතික නේමාර් ෆුට්බෝල් ෆේම් එක ලබන්නෙ ගොඩක් පොඩි වයසකදි. ඒ නිසායි ලෝකෙ වටේ ප්‍රොෆෙෂනල් ෆුට්බෝලර්ස්ලා 20,000ක් විතර සෙල්ලම් කරන බ්‍රසීල ජාතික කණ්ඩායමට පුංචි කාලෙන්ම ගහන්න පුළුවන් වුනේ. ප්ලේ මේකින් වගේ ඩ්‍රිබ්ලින් හැකියාව උපරිමේටම තියෙන නේමාර් ඉමහත් ප්‍රසිද්ධිය ලබන්නෙ බාසිලෝනා කණ්ඩායමේ ප්‍රහාරක ත්‍රිත්වය අතර ඉන්න කාලෙදියි. ලයනල් මෙසී, ලුයිස් සුවාරිස් එක්ක නේමාර් කරපු කෙළි මනරම්. ඒනිසාමයි තෙල් සල්ලි උපරිමෙන් තියෙන පැරිස්සේන්ට් ජර්මේන් කණ්ඩායම බාසිලෝනාවෙන් පවුම් මිලියන 198කට නේමාර්ව ගලවන්නෙ. මේකට නේමාර්ගෙ තාත්තා මුල් වුණා කියලත් කියනවා. මේකෙන් නේමාර්ට සමහරුන්ගෙ ඇතුළෙ පොඩි අප්‍රසාදයකුත් පළවුනා. මේ දවස්වල අලුත් කණ්ඩායමේ වැඩ පෙන්වන නේමාර් ඔහුගේ ප්‍රහාරක සගයා වෙන එඩින්සන් කවානි එක්ක නම් ඉස්සර මෙසී සහ සුවාරිස් එක්ක තිබුණු මිත්‍රත්වය සහ සහයෝගීතාවය පෙන්වන්නෙ නැහැ.

 

2. Paul Pogba

Most Expensive Football Player Transfers

Source – www.manutd.com

2016 අවුරුද්දෙදි ඩැබ් එකේ හිමිකරුවා වුනු සුපිරි ප්‍රංශ ජාතික ෆුට්බෝල් කණ්ඩායමේ කණ්ඩායමේ පෝල් පොග්බා අලුතෙන් සුපිරි ක්‍රීඩකයන් රොත්තක් මිළට ගත්තු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එකතු වෙනවා. ජුවෙන්ටස් කණ්ඩායමෙන් ගණං උස්සලා උස්සලා විකුණපු පොග්බා කියන්නෙ කිසිසේත්ම පවුම් මිලියන 89ක මුදලට නොවටිනා ක්‍රීඩකයෙක් නෙමෙයි. දුවන වේගය වගේම පන්දුව ගෝලයට එල්ල කරන වේගයත්, නියම ලෙස පන්දුවේ පාලනයත් පොග්බාට කජු කනවා වගේ වැඩක්. ඉතිං රොමෙලු ලුකාකු, ස්ලාටන් ඊබ්‍රහමොවිච් එක්ක පෝබා තාම ලොකු ලොකු වැඩ මැන්චෙස්ටර් යුනයිටඩ් ඇතුළෙ පෙන්නුවෙනං නෑ. ඒ හින්දා ගත්තු ගානට ඉස්සර දාපු වැඩ ටිකක් බැහැලදත් මන්දා.

 

3. Gareth Bale

Most Expensive Football Player Transfers

Source – voetbalzone.nl

කරීම් බෙන්සෙමා සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එක්ක රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ අති ප්‍රකට ප්‍රහාරක ත්‍රිත්වය සම්පූර්ණ කරන්නේ ටොටන්හැම්වලින් 2013දි ආපු ගැරත් බේල්. පවුම් මිලියන 85.3කට සිද්ධ වෙච්ච ඒ ගණුදෙනුව පසුගිය වසරෙදි පොග්බා වැඩි මිළකට අලෙවි වෙන තුරුම අවුරුදු තුනක් තිස්සෙ ෆුට්බෝල් ලෝකෙ වැඩිම ක්‍රීඩකයෙක් විකිණුනු මුදල බවට පත්වුණා. බේල්ගෙ විශිෂ්ථම හැකියාව තමයි වේගය. වේගයත් එක්ක සුපිරි ඉලක්කයක් තිබුනත් බේල්ටත් බෙන්සෙමාට වගේම වැඩිය වැඩ පෙන්වන්න වෙන්නෙ නෑ. ඒ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ප්‍රහාරක ආධිපත්‍ය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අත්පත් කරගෙන ඉන්න නිසායි. ඉතිං මේ අතිදක්ෂ වේල්ස් ක්‍රීඩකයාගෙන් උපරිම හැකියාව ගන්නෙ නැත්දෝ කියලත් හිතෙනවා.

 

4. Cristiano Ronaldo

Most Expensive Football Player Transfers

Source – www.pinterest.com

සල්ලිකාරයෙක් මානව හිතවාදියෙක් වගේම ක්‍රීඩාපිටියෙදි තරමක ආත්මාර්ථකාමියෙක් වෙච්ච ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල කණ්ඩායමේ නායකයා වගේම වර්තමාන රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ප්‍රධාන ප්‍රහාරකයා වෙනවා. 2009දි සුපිරි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම අතහැරලා රියාල් මැඩ්රීඩ් හා සම්බන්ධ වුනු රොනාල්ඩෝ 2013දි බේල් විසින් අභිභවන තුරුම වැඩිම මිලකට අලෙවි වීමේ අභිමානය රැකගෙන හිටියා. පවුම් මිලියන 83.7කට සිද්ධ වෙච්ච මේ අලෙවි කිරීමත් එක්ක රොනාල්ඩෝගෙ ෆුට්බෝල් ජීවිතේට වැඩි එළියක් ලැබුණා කියලා කියන්න පුළුවන්. දැනට සිටින විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙක් වෙන රොනාල්ඩෝ ඩ්‍රිබ්ල් කිරීමේ හැකියාවත් එක්ක ඉහළින්ම සිටින ක්‍රීඩකයෙක්.

 

5. Gonzalo Higuain

Most Expensive Football Player Transfers

Source – dailymail.co.uk

සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී එක්ක ජාතික කණ්ඩායමේ ඉන්න නිසාමදෝ වැඩි අවධානයක් යොමු නොවුනත් ගොන්සාලෝ හිගුවේන් අති දක්ෂ ප්‍රහාරකයෙක්. ඉතාලි ෆුට්බෝල් සමාජ දෙකක් අතරෙ සංසරණය වුණු ඔහුගේ වටිනාකම වුනේ පවුම් මිලියන 75.3ක්. ඒ නාපෝලි සිට ජුවෙන්ටස් කණ්ඩායමට සංසරණය වීමටයි. එ් අලෙවිය සිද්ධ වුණේ 2016 වසරේදි. තවත් ආජන්ටීනියානු ක්‍රීඩකයෙකු වන ඩයබාලා සමග ජුවෙන්ටස් ඉදිරි පෙළෙහි විශිෂ්ට දස්කම් දක්වන හිගුවේන් හොඳ වේගයක් තියෙන දක්ෂයෙක්.

 

6. Romelu Lukaku

Most Expensive Football Player Transfers

Source – www.nelive.in

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ හිටපු සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩකයා වුනු වේන් රූනි යළිත් තමන්ගේ සුපුරුදු එවර්ටන් කණ්ඩායමට යද්දී, එවර්ටන් කණ්ඩායමෙන් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙත සුපිරි ප්‍රහාරකයෙක් අලෙවි වෙනවා. ඒ බෙල්ජියානු සුපිරි ක්‍රීඩක රොමෙලු ලුකාකු. මේ කළු පැහැ දැවැන්තයා බෝලය තමන්ට නතු කරගෙන ක්‍රීඩා කරන අතිදක්ෂයෙක් බව ඔහුගේ එක් තරගයක් හෝ බැලූ බැල්මට දකින්නට පුළුවන්.එනිසා ඔහු අලෙවි වුණු පවුම් මිලියන 75.3ක මුදල කිසිසේත්ම අපතේ යෑමක් නම් වන්නේ නැහැ.

 

7. Luis Suarez

Most Expensive Football Player Transfers

Source – gettyimages.com

ලිවර්පූල් ඉඳන් බාසිලෝනාට පවුම් මිලියන 75කට ආපු උරගුවේ කාරයා ප්‍රසිද්ධ වෙන්නෙ කේන්ති ගිහින් ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙකුව හපා කෑමත් සමගයි. නමුත් කිසිඳු ආත්මාර්ථකාමීත්වයකින් තොරව ඇසිස්ට් කරන දක්ෂයෙක් සහ පහසුවෙන් තාක්ෂණිකව ගෝල ලබාගන්නා ක්‍රීඩකයෙකු ලෙසින්  සුවාරිස් හඳුන්වන්නට පුළුවන්. මෙසී, නේමාර් සහ සුවාරිස් ත්‍රිත්වය දැක්වූ දක්ෂතා අතරේ සුවාරිස් තරගය මනාව හසුරුවමින් ක්‍රීඩා කළ බව දකින්නට පුළුවන්. වේගය යම් තරමකින් මදි වුවත්, තැනට සුදුසු නුවණින් ක්‍රීඩා කරන නිසා සුවාරිස් අති දක්ෂ ක්‍රීඩකයෙකු වී හමාරයි.

 
Cover Image Source – dailytimes.com.pk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *