‍නිරෝගී වෙන්නයි රිලැක්ස් වෙන්නයි දෙකටම හරියන ස්විමිං බෙහෙත

Swimming Benefits

කට්ටියට හෙන වැඩ. හැමදාම උදේ ඔෆිස්. බස්වල තැලිල තැලිලා ගෙදර එනවා. ආයෙ රෑට ටීවී බල බලා කෑවා. නිදියගත්තා. සති අන්තෙ පාටි හෝ ට්‍රිප්. නැත්තං මහන්සියට නිදි. ආයෙ සඳුදා ඉඳන් පුරුදු සිස්ටම් එක. ඉතිං ඔෆිස් එකේ පුටු උඩ ඉඳගෙන ප්‍රශ්න කල්පනා කර කර කාලම එනව බඩක්. ඉතිං බඩ ගැන හිතලම ලෙඩ වෙනවා. මේ කියන්න යන්නෙ හිතට පොඩි රිලැක්සේෂන් එකක් ගන්න, ඇඟට පොඩි ලිහිල් බවක් දැනෙන්න, සිරුර නිරෝගී වෙලා පෙනුම රැකෙන්න තනි බෙහෙතක්.  ඒ තමයි ෆෙල්ප්ස් කරන වැඩේ. ෆෙල්ප්ස් ඕක කරල කරලම පොරට හම්බුනා බෙල්ල කැඩෙනකං පදක්කං. අපි කතා කරමු ස්විමිං ගැන. ස්විමිංවල තියෙන හොඳ ගැන.

1. පවර් මස්ල්

Swimming Benefits

Source – bajoelagua1996.blogspot.com.es

ස්විමිං කරාම ඇ‍ඟේම මාංශ පේශීන්වලට හොඳ ශක්තියක් ලැබෙනවා. දුවන කට්ටිය කකුල්වල මස්ල්ස් හදාගන්නවා වගේම පීනන කට්ටියට ඒ දේ හරියට කරන්න නං ඊට වඩා මස් පිඩුවල ශක්තිය අවශ්‍ය වෙනවා. කකුල්වලින් තල්ලුවක් දාලා යද්දි අත්වලින් ඇදිලා ඉස්සරහට යන්න ඕන. පෙනහළුවල හොඳ හුස්මක් හිරවෙලා තියෙන්න ඕන. මේකෙන් හැදෙන්නෙ බොඩි බිල්ඩිං කරාම හැදෙන ඇඟක් නෙමෙයි. හැබැයි නිරෝගී සහ ශක්තිමත් ලස්සන ඇඟක් ස්විමිංවලින් හැදෙනවා.

 

2. බර ඇටකටු

Swimming Benefits

Source – liborioescobedo.wordpress.com

සාමාන්‍යයෙන් අස්ථීන්වල ස්කන්ධය ඉහළ නංවන්නත් ස්විමිං උදවු වෙන බව පැවසෙනවා. මේක හොයාගන්නෙ මීයො යොදාගෙන කරපු පරියේෂණයකින්. මේකෙන් ඔප්පු වෙන දේ තවත් ඉස්සරහදි තවත් ගැඹුරින් සොයා ගනීවි. ඒත් දැනට මේ දේ මතක තියාගන්න. පිහිනීමෙන් අස්ථිවල බර සහ ශක්තිය ඉහළ යෑමක් සිද්ධ වෙනවා.

 

3. නම්‍යශීලී සිරුරක්

Swimming Benefits

Source – SwimOutlet.com

ඩෙස්ක් එක යටට පෑන වැටුනම ගන්න බැරි අයියලට, රෝල් වෙලා ඇඳ යටට ගිය ලිප්ස්ටික් අම්මා අරගෙන දෙනකංම ඇඳ යට තියෙන අක්කලාට සුබ ආරංචියක් තමයි මේ. ඒ තමයි ස්විමිංවලින් හැදෙන නම්‍යශීලී සිරුර. මොකද හොඳින් සිරුර ඇදීමක් ස්විමිං නිසා සිද්ධ වෙනවා.

 

4. පපුවෙ දැවිල්ල කෝ?

Swimming Benefits

Source – mmiyanyedi.blogspot.com

ස්විමිං කරද්දි හෘදය වස්තුවේ ලේ නහර හොඳින් ක්‍රියාත්මක වීම නිසා හොඳින් ඇකිලීම සහ දිගහැරීම නිසාත් හෘදයේ ලේ නහර ඇතුළේ බ්ලොක් සිද්ධ වෙන්න තියෙන ඉඩ වැළැක්වෙනවා. ඒ නිසා ඔය නිතර එන පපුවෙ දැවිල්ල සහ රිදීම් මග හැරෙනවා වගේම දීර්ඝ කාලීන මාරාන්තික ලෙඩ රෝගවලටත් සුවයක් ලැබෙනවා.‍

 

5. කැලරි කැලරී

Swimming Benefits

Source – archive.fo

දුවනවට කැලරි දහනය කරවන්න ස්විමිංවලට පුළුවන් බවත් ඔබ පිහිනන ඉරියවුව අනුව එය සාමාන්‍ය සහ අධික කැලරි දහනයක් දක්වා ගෙනියන්න පුළුවන් බවත් කිව යුතුමයි. උදාහරණයකට මිනිත්තු දහයක් පිහිනීමෙන් දහනය වන කැලරි ප්‍රමාණ සාමාන්‍යයක් ලෙසින් මේ විදියට දක්වන්න පුළුවන්. ලය ආරෙන් කැලරි හැටක්, පසුපස ආරෙන් කැලරි 80ක්, නිදහස් ආරෙන් කැලරි 100ක් වගේම සමනල ආරෙන් කැලරි 150ක් දහනය කරවිමට පුළුවන්.

 

6. ඇදුම කැළේ

Swimming Benefits

Source – industrytap.com

මං කිවුවෙ ඇඳගෙන ඉන්න ඇඳුම ගැන නෙමෙයි. මේ කියන්නෙ ඇදුම. ඔය කට්ටිය ‘වීස්’ කියල කියන්නෙ. ජිම් එකක ගොඩක් වෙලා එක්සසයිස් කරද්දි ඔය ප්‍රශ්නය එන්න පුළුවන්. ඒත් පෙනහළුවල කොලිටිය ඉහළ නංවලා පෙනහළුවල පරිමාව ඉහළ නංවලා හුස්ම ගැනීමේ වඩා ගුණාත්මක රටාවලට ඔටෝ හුරු වෙන තත්ත්වයක් ඇති කරවනවා. ඉතිං ඇදුම හොයන්න වෙනවා තමයි.‍

 

7. හොඳම වැඩේ තමයි මේක

Swimming Benefits

Source – zimbio.com

අතිශය කාර්ය බහුල මිනිස්සුන්ට වැඩිපුරම තියෙන අවුල මොකද්ද? ඒ තමයි ස්ට්‍රෙස් කියන්නෙ. ඔෆිස් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, ඩේ-ටු-ඩේ සල්ලි ප්‍රශ්න, ලෝන් ප්‍රශ්න දාහක් දේවල් ඔලුවෙ පිරිලා ස්ට්‍රෙස් කන්දක් වෙලා. ස්විමින්වලට පුළුවන් මොළේ සුබවාදී හෝමෝන පිටතට ගන්න. ඒක සිද්ධ වෙන්නෙ ගැඹුරු එහෙත් රිද්මයානුකූල හුස්ම ගැනීම් රටාව නිසායි. භාවනාවකින් වෙන්නෙත් ඔය ‍දේම වුනත් අපේ අයට පිළිවෙලකට එකත් පස්ව ඉන්න බැරි නිසා ඒක ඔට්ටු නැහැ.

 

8. බෝනස්

Swimming Benefits

Source – pinterest.co.uk

ඔය ඔක්කොම ආතල් විඳින ගමන් හමත් ලස්සන කරගන්න කැමති අයට සුදුසුම දේ තමයි මූදු වතුරෙ ස්විමිං කරන එක. ඒකෙන් ලස්සන සහ නීරෝගී සමක් ලැබෙනවා. සමේ ‍තෙතමනය තියාගන්න වගේම, නව සෛල නිතරම ජනනය කරන්නට එය හේතුවක් වෙනවා.

 
Cover Image Source – expressinfotoday.com
 

zvr
Your Reaction

Comments