ලංකාවෙ නළුවෙකුට කන්න වෙන මේ කටු ගැන ඔබ දැනුවත්ද?

ලංකාවෙ බොහෝමයක් දෙනා ආසයි නළුවෙක් වෙන්න. සමහරුනං කැමති නෑ කැමරාවක් ලඟින්වත් යන්න. හැබැයි කොහොමවුනත් අපි මේ හදන්නෙ ආසාවන්ට ගරහන්න නෙමෙයි. කෝකටත් පූර්ව දැනුවත් කිරීම් කරලා තියෙන එක හොඳයිනෙ. ඉතිං අපි කියන්න යන්නෙ ලංකාවෙ නළුවෙක් වෙන එකේ අවාසි ටිකක්. මොකද හොඳට සල්ලි උපයන්න අවස්ථා තිබීම සහ නිළියන් ආශ්‍රය කරන්න ලැබීම කියන වාසිය ඇරුනම පිරිමියෙකුට කන්න වෙන අනිත් ඔක්කොම වගේ කටු නළුවෙකුට උරුමයි. වැල් වගේ ඇදෙන මෙගා ටෙලි, ප්‍රමෝෂන්, ටීවී ප්‍රෝග්‍රෑම් වගේ සල්ලි ආකර නළුවෙකුට විවෘත වුනත්, මේක අමු කට්ටක් කියල අපි කියන්නෙ ඉරිසියාවට නෙමෙයි මහත්තයො. මේක රුසියාව නෙමෙයි නිසා.

 

1. ආසා විදියෙ වෙඩිමක්

Image Source – srilankanweddingphoto.blogspot.com

ලංකාවෙ මිනිස්සු ඇද කියන්න බලාගෙන ඉන්නෙ කාටවුනත්. ඕක තමුන්ගෙ ඉරිසියාවට ලක් වෙන වපසරියෙ කෙනෙකුට තවත් වැඩිපුර මුහුණ දෙන්න වෙන තත්ත්වයක්. නළුවෙක් කියන්නෙ ඉතිං කොහොමත් ගෑණුයි සල්ලියි නිසා ඉරිසියාවට ලක්වෙන චරිතයක්නෙ. ඉතිං නළුවෙකුට ආසා විදි​යෙ වෙඩිමක් ගන්න බෑ. හනිමුන් එකට බාලි ගියොත් මුංගෙ පෑලියාව. ඒ සල්ලිවලින් අසරණ ළමයින්ට පොත් අරං දෙන්න තිබ්බ නේද? ඒ සල්ලි වලින් අසරණ පවුල් කීයකට කන්න අරං දෙන්න තිබ්බද? ගගා ෆේස්බුක් එකේ නැහෙන ප්‍රජාවට මෙහෙම වෙඩිමක් ඉස්තරං. චන්දිමාල්ගෙ බර්ත්ඩේ පාටිය සාක්කි!

 

2. ෆෑන් ගර්ල්ස්ලගෙ කොල්ලො

Image Source – twitter.com

කාටවත් වැරැද්දක් කරලා නැති. හොඳට රඟපාන, පෙනුමෙන් ලස්සන, කඩවසම්, දකින ඕනම මනුස්සයෙක් එක්ක හොඳින් කතාබහ කරන නළුවෙකුට ස්ත්‍රී ආකර්ෂණය හිමි වෙන එක පුදුමයක් නෙමෙයිනෙ. හැබැයි ඉතිං එහෙමයි කියලා අනිත් අතට හතුරො හැදෙන එකත් පුදුමයක් නෙමෙයි. ඇයි ඉතිං ඔය කැමති කෙල්​ලොන්ගෙ කොල්ලොන්ට ඕවා බලං ඉන්න බැහැනෙ. ඉන්දියාවෙ වෙලා ෂාරුක් ඛාන්ටත් හෙණ ඉල්ලන පිරිමි ඉන්න රටේ ඕවා කවර කතාද? ගායකයෙක් වෙච්ච ශිහාන්ටත් කට්ටිය මහමගදි හූ කිවුවනෙ?

 

3. මොකෝ වෙන්නෙ?

මේක තමයි නළුවො මේ ලෝකෙ ආසා නැතිම ප්‍රශ්නෙ. ඉන්ඩස්ට්‍රියෙ තියෙන ලොකුම දෙබස් ආරම්භක ප්‍රකාශය මේක තමයි. නළුවො දෙන්නෙක් තියා මොකා හම්බුනත් එකිනෙකාගෙන් අහන්නෙ මොකෝ වෙන්නෙ කියල. නළුවොන්ට වැඩිපුරම සමීප මාධ්‍යවේදියොත් දැක්ක තැන අහන්නෙ මොකෝ වෙන්නෙ කියල. ඉතිං ඒවට උත්තර හැටියට මේ දවස්වල රාමායණේ මොණරට හඬ කවනවා, අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ටෙලිනාට්ටියෙ කැණිමඩලට රඟපානවා, උත්තරීතර ප්‍රේමය ඔබයි චිත්‍රපටයේ දුෂ්ඨයාට රඟපානවා වගේ වැලක් කියන්න වෙනවා. පුදුම කරුමයක් ඒක.

 

4. කටකතා

නළුවෙකුට කටකතා හැදෙන්නෙ  නැත්තං කාටද හැදෙන්නෙ මහත්තයො? ඔන්න මුලින්ම නිළියොන්ට ඈඳලා කටකතා හදනව. ඊටපස්සෙ සමාජයේ ප්‍රසිද්ධ වැඩිහිටි සල්ලිකාර ගෑණුන්ට ඈඳලා කටකතා හදනව. ඔය කටකතාවලින් බේරිලා හිටියොත් සමලිංගිකයෙක් කියලා කටකතා හදනවා. නිමක් නෑ කටකතානං ඉතිං. මේ ප්‍රශ්න අස්සෙ අපේ නළු උන්දැලා ඔය කතා කතාවලට උත්තර දෙන්න ෆේස්බුක් ලයිවු ඇවිල්ලත් නාගන්නවනෙ. ප්‍රශ්න ඉතිං!

 

5. සැපේ

Image Source – amy-castro.com

අඩියක් ගහලා, ක්ලබ් එකකට ගිහිල්ලා, තමුන් කැමති කෙල්ලෙක් එක්ක ඉඳලා සැපේ වැටිලා ඉන්න තරමට සල්ලි තිබුනත් එහෙම ඉන්න නිදහසක් ලංකාවෙ නළුවෙකුට නෑ, ඔහොම අවස්ථාවක පින්තූරයක් ලැබුනොත් ෆේස්බුක් ඇඩ්මින්ලට ඒ තරං සැපක් නෑ තවත්. ඉතිං තමුන්ගෙ හිත ආසා කරන සැපේ ඉන්න නළුවෙකුට ඉඩක් නෑ. ඒ මදිවට ඉතිං ගොඩක් දෙනාට එහෙම ඉන්න වෙලාවකුත් නෑ. ඇයි ඉතිං උදේට ටෙලි, ඊටපස්සෙ හින්දි ටෙලිවලට වොයිස්, දවල්ට ප්‍රමෝෂන්, හවසට රෑ ෂූටින්, රෑට ටීවී ප්‍රෝග්‍රෑම්, ඒ අස්සෙ දවස් ගණං රට ෂෝ, අනික ඉක්මනට නාකි වෙන නිසා හම්බුකරගන්න තියෙන කාලෙ හම්බුකරගනිං කියල ගෑණිගෙ බර බරේ. ඉතිං නළුවෙකුට නෑ සැප ලෝකේ…

 

6. කෙටවිලි

අපේ උන්දැලට ඕනම මඩක් ඉතිං ඉස්තරංනෙ. ඒ නිසා කෙටවිලි වැඩියි. මේ කෙටවිලිවලට අහුවෙන බුවාලත් ඉන්නවනෙ. ඔන්න දැන් නදීමාල්ව ප්ලේන් එකෙන් බහිද්දි එයාපෝට් එකට ආවෙ නෑ කියල සාරංගට කේන්තියි. කේන්තියි කියල ඉතිං එයා නටනව ෆේස්බුක් එකේ සනුකලට බැනලා. එයා දන්නෙ නෑ නදීමාල් සනුකලට එන්න එපා කිවුවද කියලවත්. එයා නැටුවම පේජ් ඇඩ්මින්ලට වගේම යූටියුබ් විශ්වකර්ම බුවාලටත් ඊට වඩා දෙයක් නෑ. ඔවුව උස්ස උස්ස ගහනව ඉතිං මඩ. ඉරාජ් සන්නට වීඩියෝ හැදුවම ඇඩ්මින්ලගෙ පස්සෙ නිදියගෙන ඉන්න ඉත්තෑවො ඇහැරෙනව. පුදුම ලෝකයක් මචං මේක.

 

7. ස්වයං පාලන

Image Source – socialidentitynetwork.com

පිරිමින්ට තමුන් කැමති ගෑණු ඉන්නවනෙ. සාමාන්‍ය පිරිමියෙකුට වඩා නළුවෙකුට එහෙම කෙනෙකුට කතා කරන්න තියෙන ඉඩ වැඩියි කියලනෙ අපිට හිතෙන්නෙ. ඇයි ඉතිං මොනව වුනත් නළුවෙක්නෙ. ඒ නිසා කෙල්ල වුනත් කතා කරන්න ඉඩ තියෙනවනෙ. හැබැයි ඉතිං එහෙම කියල රිස්ක් ගන්න බෑ. කෝල් එකක් දුන්​නොත් රෙකෝඩ් කරයිද දන්නෑ. ෆේස්බුක් කිවුවොත් ස්ක්‍රීන්ෂොට් ගහයිද දන්නෑ. සෝෂල් මීඩියා එකේ කැමති කෙල්ලෙක් එක්ක සෙල්ෆියක් දාන්න බෑ. තමුන්ට නිදහසේ බීලා හිතට එන දේ කියන්න බෑ. ප්‍රශ්න ඉතිං!

zvr
Your Reaction

Comments