එක එක ජාතියේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆෑන්ස්ලා

2019 අප්‍රේල් මාසෙ සිංහල අවුරුදු වලටත් වඩා අපේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆෑන්ස්ලට වැදගත් දවසක් වුනා. ඒ සීසන් 8 අලුත්ම සහ අවසාන ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව අලුත් අවුරුදු දවසට පහුවදා විකාශය වෙන්න පටන් ගත්ත නිසා. ඒකේ කතාංග 6යි තියෙන්නේ. එයින් අවසාන කතා කීපය පැයකටත් වැඩි කාලයක් තියෙනවා. ලෝකේ වැඩියෙන්ම ජනප්‍රිය ටෙලි සීරිස් එක වෙන ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන ෆෑන්ස්ලත් විවිධ ආකාරයේ අය ඉන්නවා. අපි බලමු මේ ෆෑන්ස්ලා වර්ග කිහිපයක් ගැන.

 

1.ළඟ ෆයිට් ලේ කැමති ෆෑන්

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නේ උපක්‍රමශීලීත්වය සහ දේශපාලනය මුල්කරගත්ත කතාවක් වුණත්, ඒකේ සටන් සහ ක්‍රියාදාම රැගත් ජවනිකාත් බොහොමයක් දකින්න තියනවා. එතනදි ලේ වැකෙන සටන් තියෙන දර්ශන සෙට් නිතර හමුවෙනවා. ඒ සටන් සහ ලේ තියෙන දේවල් වලටම ආස ෆෑන්ස්ලා ඉන්නවා. එයාල කතා කරන්නෙත්, වැඩියෙන්ම බලන්න ආසත් ෆයිට් සහ ලේ තියෙන දර්ශනම තමයි. එතනින් එහාට මේකෙ එක එක චරිත බලයේ රැඳිල ඉන්න සහ තමන් රැකෙන්න ගහන ගේම බැලීමෙන් ඒ අය වැඩි වින්දනයක් ලබන්නෙ නෑ.

 

2. සමට කැමැත්තෝ

Image Source – gq-magazine.co.uk

ගේම් ඔෆ් ත්‍රෝන්ස් මේ යන්නේ සීසන් 8. මේ සීසන් අට පුරාවට නිරුවත යම් තරමකින් උලුප්පා දක්වන්නට අධ්‍යක්ෂකවරුන් කටයුතු කළා. මේ අතර නිරුවත් තට්ටම්ද සෑම සීසන් එකකම පාහේ තිබුණා. මේ නිරුවත් දසුන් තට්ටම් ආදී සම නිරාවරණය වෙන ලිංගික දර්ශන වලටත් ගොඩක් ආස ෆෑන්ස්ලා සෙට් එකක් ඉන්නවා. අන්න ඒ නිසාම මේ අයට ලංකාවේ ටීවී චැනල් වල පෙන්නපු ගේම් ඔෆ් ත්‍රෝන්ස් වර්ෂන් එක ඇල්ලුවේ නැහැ. මේ අය අතරින් බහුතරයක් HBO නාලිකාවේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාංගය බලන එකත් මග හැරලා අන්තර්ජාලයෙන් සම්පූර්ණ කතාංගය බාගත කරගෙනයි බලන්නෙ.

 

3. සොවෙන් තැවෙන සෙට් එක

එයාලා ආස කැරැක්ටර් එකකට අනතුරක් වෙද්දි, මැරෙද්දි තමුන්ගේ කෙනෙක් මැරුණා වගේ ස්ක්‍රීන් එක ඉස්සරහා අඬා වැටෙන අය ඉන්නවා. අපි සාමාන්‍යයෙන් බලල තියන රජ කතා පැරණි ෆැන්ටසි කතා වල හොඳ ජාතියේ වීරයින් මැරෙන්නේ අඩුවෙන්. ඒත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඊට වඩා වෙනස්. එක් එක් බලන සෙට් ආස කරන්නේ එක් එක් චරිත වලට. සමහරු දුෂ්ට චරිතවලට පවා චියර් කරනවා. ඒ වගේම ඒ ආසා කරන චරිත අනපේක්ෂිතව මරුමුවට පත්වෙන එක හෝ අනතුරට පත් වෙන එක මේ කතා මාලාවේ හරිම සුලභව දකින්න ලැබෙන දෙයක්. මේ අඬන පිරිස ඒ සීන්ස් නැවත නැවත යාළුවන්ට කියමින් ආයෙත් අඬන වෙලාවලුත් තියෙනවා.

 

4. පොතේ ගුරු ෆෑන්

Image Source – achanaupendran.com

ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටීවී කතා මාලාවක් වෙන්න කලින් හොඳ පොතක් වෙලා තිබුනා. ජෝජ් ආර් මාටින් කියන ලේඛකයාගේ ෆැන්ටසි නවකතා මාලාවක් අනුව තමයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් මුලින්ම ටෙලි සීරිස් එකක් විදියට එන්නේ. ජෝජ් ආර් මාටින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවට අදාළ ‘අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර්’ කතාව තාම ඉවර කරලත් නැහැ. ඒත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි සීරීස් එකනම් දැන් ඉවර වෙන්නත් යනවා. ඔය විදියට මේක නවල් එකක් විදියට තිබුන කාලේ වගේම දැනුත් ඉන්ටනෙට් එකෙන් සහ වෙනත් මාර්ග වලින් ගේම් ඔෆ් ත්‍රෝන්ස ගැන කියෝන අය ඉන්නවා. එයාල කියවලා විවිධ අර්ථකතන දෙනවා. කතාවට වඩා පොත විශිෂ්ටයි කියන එය තමයි වැඩි හරියක් ඒ අතරින් දකින්න ලැබෙන්නෙ. ඒ ආකාරයට පොත් මූලික කරගෙන ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා අමුතුම වක්‍ර ආතල් එකක් ගන්න අයත් ඉන්නවා.

 

5. පස්සෙ ආපු ඩෑල්

Image Source – drinks.seriouseats.com

කොච්චර ජනප්‍රිය ටෙලි සීරිස් එකක් වුනත් තාමත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් නොබැලූ පිරිස ඉන්නවා. ඉතින් මේ අය අතර ඉඳලාම බුවෙක් ඔන්න එක එපිසෝඩ් එකක් වැරදිලා හරි කොහෙන් හෝ දකිනවා. ඉන් පස්සේ පොර සියලුම එපිසෝඩ් සති දෙකකින් විතර බලනවා. දිවා රෑ නොබලා බලලා ඉවර කරලා දැන් පොර ඉන්නේ සැපේ. කලින් ඒවත් ළඟ ළඟම බලපු නිසා දැන් එයාට අනික් අයට වඩා කැරැක්ටර් ගැන සහ කතාව ගැන වැඩි ටච් එකකුත් තියෙනවා. සමහර වෙලාවට කලින් ඉඳන් සෑම එපිසෝඩ් එකක්ම හොඳට කලට වෙලාවට බලපු අයටත් වඩා මේ පස්සේ හදිස්සියේ සීරියස් එක මැරතන් ඇදපු අලුත් අය ටෝක්ස් දෙන වෙලාවල් තියෙනවා. ආසාවට බලන්න පටන් ගත්ත අය වගේම සමාජෙන් කොන් වෙයි කියලා ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න පටන් ගත්ත අයත් මේ කැටගරියට වැටෙනවා.

 

6. ගැඹුරට හිතන අය

Image Source – thewrap.com

කතාමාලාවේ තියෙන දර්ශන දිහා බලද්දි අපි හැමෝටම පේන කතාවක් තියෙනවා. ඒත් සමහර ගැඹුරු තැන් තියෙනවා ටිකක් විතර තේරෙන්නෙ නැති. එහෙම තැන් හිමීට අපි යාලුවෙක් එක්ක හෙම කතා කරලා පොඩි මෙව්වා එකකට එනවා. ඒත් එතනින් එහා ගිහින් කතාව ලියපු අයවත් හීනෙන්වත් නොහිතපු මහා ගැඹුරු කෙළවරවල් ගලපන්න යන කණ්ඩයම් ඉන්නවා. එයාල ෆේස්බුක් වල, බ්ලොග් වල, සමහර අඩවි වල තමුන්ගේ ගැඹුරු දාර්ශනික විග්‍රහයන් පළ කරනවා. සමහරු ඒකට ආසයි. ඒත් ගොඩක් අයට ඒක මහ විකාරයක්. ඒ විදියට බලල ඉවර වෙලා කාල බීල නිකා ඉන්නේ නැතුව දෙකෙළවර කල්පනා කරලා තවත් හාරලා හිතලා බලන අයත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆෑන්ස්ලා අතර ඉන්නවා. මේ අය අතින් වෙන ලොකුම වරද තමයි කවදා හරි මේ ටෙලි සීරීස් එක බලන්න හිතන් ඉන්න අනාගත රසිකයන්ට කතාව ලොකුවටම ස්පොයිල් වෙලා එපාවෙන එක.

 

7. විස්තර විචාරය දෙන සෙට් එක

ඔන්න ගේම් ඔෆ් ත්‍රෝන්ස් එන්න කලින් රූගත කරන අවස්ථාවේ ඉන් මේ කට්ටිය පිකප් වෙනවා. ඒ ගැන ෆේස්බුක් එකේ කියනවා. යාලුවෝ හමුවුනාම කතා වෙනවා. ඉන් පස්සෙ එන දවස වෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්නවා. ආවට පස්සෙ මුලු කතාවේ තියෙන දේවල් ගැන අනික් උන් අඹයෝ කියලා හිතාගෙන කියෝනවා. ඔය වගේ HBO එකට සල්ලි ගෙවලවත් හදාගන්න බැරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් ප්‍රමෝට් කරන, නිතර ඒ ගැන කියෝන සෙට් එකක් ඉන්නවා. එයාලගෙන් හැබැයි එක හොඳකුත් වෙනවා. ලාවට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන ටච් එකක් තියෙන ඒත් ආවොත් ඒක නොවරදවා බලන සෙට් එකට මේ ස්පොයිලර්ස්ලා නිසා එන දවස සිදුවන දේ ගැන අප්ඩේට්ස් ටික ගාණට එනවා. නිදහස් පාඩුවේ කතාව බලන්න හිතන් ඉන්න අයත් මේ අය නිසා කතාව ස්පොයිල් වෙන නිසා සඳුදා හැකි ඉක්මනින් කතාව බලලා ඉවරයක් කරන්න පෙළඹෙනවා.

 

8. අන්තිම සීසන් එක ගැන කලකිරුණු පොරවල්

මේ තමයි අලුතින්ම බිහිවෙච්ච ෆෑන්ස්ලා කැටගරිය. තමන්ගේ ප්‍රියතම ටීවී සීරීස් එකට සුපිරි අවසානයක් සෙට් වේවිය කියලා බලාපොරොත්තු වෙච්ච ෆෑන්ස්ලා අතරින් සමහරකගේ හිත් මේ වෙද්දි කැඩිලා. තමන්ගේ ප්‍රියතම චරිත නිශ්ක්‍රීය චරිත වීම සහ ඒවාට නිසි වැදගත්කමක් නොලැබීම නිසා මේ අය ඉන්නේ හරිම කනස්සල්ලෙන්. ඉතින් ඩිරෙක්ටර්ස්ලාට බැනගත්ත ගමන්මයි. හැබැයි ඒ අයට අමතක වෙලා තියන එක දෙයක් තමයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නේ කවදාවත් ෆෑන්ස්ලා ආස කරන චරිත හෝ සිදුවීම් උඩ ගහපු ටීවී සීරීස් එකක් නොවන විත්තිය. කොහොම වෙතත් තිර රචනයේ යම් යම් අඩුපාඩු මේ සීසන් එකේදි වඩාත් ඉස්මතු වෙලා පෙනුනා කියලා මේ අය නගන චෝදනාවට අපිටත් එකඟ වෙන්න සිද්ධ වෙනවා.

GOT බලන අයට GOT ගැන ආයෙත් විස්තර කරන එක තේරුමක් නැහැ. මොකද ඒ ගැන ඕනිතරම් ඒ බලන අය ළඟ විස්තර තියෙනවා. ඉතින් ඔයාලගේ යාලුවෝ අතරත් මේ මේ ජාතිවල GOT ෆෑන්ස්ලා ඇති නේද? ඊළඟ එපිසෝඩ් එක බලද්දි ඔයාලගේ ළඟම ඉන්න යාලුවා මේ ගොඩෙන් මොන විදියේ ෆෑන්ස් කෙනෙක්ද කියලා පොඩ්ඩක් හිතමු නේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *