එල්ලා වැටෙන පියයුරුවලින් මිදෙන්න ක්‍රම 7ක්

ඒ දවස්වල ඉඳන්ම කාන්තා රූප සම්පත්තිය ගැන කියවනකොට නැතුවම බැරි දෙයක් තමයි ඇයගේ පියයුරු. හරි හැටි මේ දේවල් ගැන පාසල් අධ්‍යාපනයක් නොලද නිසා ද මන්දා සමහර අයට නම් මේ ගැන අහනකොටත් හිනා යනවා. කොටින්ම කිව්වොත් ටැබූ එකක් ගාණට දාලා ඉවරයි. මේ නිසාම පියයුරු පිළිකා අවදානම එහෙම වැඩි වෙනවා. ඒ පියයුරු කාන්තාවට මොන තරම් නම් අලංකාරයක් ගෙනල්ලා දුන්නත් අනික් අතට ඇයගේ රූපය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරන්න වුණත් පුළුවන්. ලස්සන පියයුරු සහ අවලස්සන පියයුරු කියන බෙදීම ඇති වෙන්නේ පියයුරු එල්ලා වැටීම කියන සාධකය මතයි. වයසට යන්න යන්න කොහොමත් එල්ලා වැටෙන්න අර අදිනවා. හැබැයි බොහොම තරුණ වයසේදීත් සමහර වැරදි චර්යා නිසා මේ දේ වෙන්න පුළුවන්. එල්ලා වැටුණු පියයුරුවලට මොනවා ද කරන්න පුළුවන්?

 

1. ඉරියව් වෙනස් කිරීම

Image Source – casamialingerie.com.au

කුදු ගැහිලා, නැමිලා, වකුටු වෙලා ඉන්නවට වඩා කොන්ද කෙලින් තියාගෙන තැනක ඉන්න කියන්නේ පෞරුෂ වර්ධනයට විතරක් ම නෙවෙයි. අපේ නරක ඉරියව් නිසා පියයුරුවලට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙනවා. නැවිලා ඉන්නකොට පියයුරු ආශ්‍රිත සම සහ පේශි බර දරාගන්න තනි ගේමක් ගහනවා. නමුත් කොන්ද කෙලින් තියාගෙන නිවැරදි ඉරියව්වක හිටියම ශරීරයේ බර දරාගැනීම සමානව පැතිරිලා යනවා. එතකොට පියයුරු එල්ලා වැටීමේ අවදානම නැති වෙනවා. ඒ වගේ ම එල්ලා වැටුණු පියයුරු නැවත යථා තත්ත්වයට පත් වෙනවා.

 

2. සිරුරෙහි පෝෂණය

Image Source – medclique.org

හොඳ සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් මගිනුත් මේ තත්ත්වය අවම කරන්න පුළුවන්. ඒත් එක්කම මේ පෝෂණයට පටහැනි දේවල් කරන්න නරකයි. දුම්බීම, අධික තෙල් සහිත ආහාර ගැනීම පියයුරු එල්ලා වැටීම සම්බන්ධයෙන් වක්‍රාකාරව සම්බන්ධ වෙනවා. ඔක්කොටම කලින් අපේ සම ශක්තිමත්ව තියෙන්න ඕනි. කෑම විතරක් ම නෙවෙයි ඇති පදම් ජලය බීමත් මේකට අයිතියි. දැන් හිතන්නකෝ පැළයක් වුණත් පණ ගහලා තියෙන්නේ හොඳට වතුර සහ අවශ්‍ය පෝෂණය ලැබුණාමයි. නැත්තම් ඒවා බිමට නැමෙනවා. නමුත් ආයෙත් ජලය සහ පෝෂ්‍ය කොටස් ලැබුණාම ආයෙත් පණ එනවා. ශරීරයටත් ඒ සෙතේ ම තමයි.

 

3. සුදුසු බ්‍රා එකක් ඇඳීම

Image Source – modernmom.com

බ්‍රා එකකින් ඇත්තටම වෙන්නෙත් පියයුරු සවිමත්ව ඔසවා තැබිල්ලක් තමයි. එහෙමයි කියලා හිතුමනාපෙට බ්‍රා ගන්න ගියොත් වෙන්නේ තනිකරම අනික් පැත්ත. තමන්ගේ පියයුරුවල ප්‍රමාණයට සරිලන බ්‍රා එකක් මිල දී ගන්න ඕනි ගොඩක් පියයුරු එල්ලා වැටීම්වලට ලක් වෙන කාන්තාවන්ගේ බ්‍රා එකයි පරහට හිටලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් පියයුරේ ප්‍රමාණයට වඩා ලොකු එකක් ඇන්දොතින් ඒ ඇඳිල්ලේ ඇති වැඩක් නැහැ. මේ විදියට දවස පුරා පියයුරු දෙක නිදහසේ තියා ගත්තොතින් ඔබටත් නොදැනීමයි මේ එල්ලා වැටීම සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා පියයුරුවල අලංකාරත්වය වැඩි කරවන, ඒවාට ඇණයක් නොවී සවියක් වෙන බ්‍රා එකක් තෝරා ගැනීමෙන් පියයුරු එල්ලා වැටීමෙන් මිදෙන්න පුළුවන්.

 

4. ව්‍යායාම

Image Source – youtube.com

ඇත්තම කතාව ඉතින් පියයුරු එල්ලා වැටෙන්න නම් සිරුරේ බර ප්‍රමාණයත් සෑහෙන බලපෑමක් කරනවාය කියන එකයි. ඉතින් ව්‍යායාමවල නිරත වීමෙන් කොහොමත් වෙන්නේ මේදය දහනය කිරීම. ඒත් එක්ක ඉබේම පියයුරු එල්ලා වැටීම සමනය වෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම මේ සඳහාම වෙන් වුණ සුවිශේෂ ව්‍යායාම ක්‍රම තියෙනවා. ජිම් එකේ පුහුණුකරුට අනුව ඔබට සරිලන බෙන්ච් ප්‍රෙස් ව්‍යායාම ක්‍රම නිර්දේශ කරන්න පුළුවන්. විවිධ බර ප්‍රමාණවලින් යුත් ඩම්බෙල් ජිම්වල තියෙනවනේ. ඒ එකක්. ඊට අමතරව පිහිනීමත් මේ සම්බන්ධයෙන් තියෙන හොඳ ව්‍යායාමයක්.

 

5. ඔලිව් ඔයිල් සත්කාරය

Image Source – medicalnewstoday.com

මේ සත්කාරයෙන් පියයුරු එල්ලා වැටීම නැති වෙනවා වගේම හමේ දීප්තියත් වැඩි වෙනවා. ඔලිව් ඔයිල් බින්දු කීපයක් අත්ලට අරගෙන හොඳින් රත් වෙනකන් එකිනෙක අත්ලෙන් පිරිමදින්න. ඊට පස්සේ උඩු අතට ඉතාම මුදුව පියයුරු සම්බාහනය කරන්න. විනාඩි 15 බැගින් සතියට වාර 4ක් 5ක් කරාම ඇති.

 

6. අයිස් සත්කාරය

Image Source – youtube.com

ඔලිව් ඔයිල් රත් කරාට මේක නම් හීතල වෙලා යන වැඩක්. කරන්න තියෙන්නේ අයිස් කැට දෙකක් අරගෙන රවුමට පියයුරු වටා රැගෙන ගිහින් ඒවා සම්බාහනයකට ලක් කිරීමයි. විනාඩියක් විතර මේ දේ කරලා දිගා වෙලා ඉන්න ඉරියව්වෙන්ම ටිකක් වෙලා ඉන්න ඕනි. දවසට කීප පාරක් නිශ්චිත විරාම ඇතුව කරනවා නම් හොඳයි. හරියට පැය 6න් 6ට බෙහෙත් බොනවා වගේ. මේකෙන් වෙන්නේ අයිස්වල තියෙන අයිස් ගතිය හමේ පටකවලට බලපාලා පියයුරු ඝනව පවත්වාගන්න හේතු වෙන එකයි.

 

7. බිත්තර සුදු මද සත්කාරය

Image Source – medicalnewstoday.com

බිත්තර සුදු මදයේ ඇති පෝෂණ ගුණය නිසා මොන තරම් නම් රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළඳ පොළේ මාකට් වෙනවා ද! බිත්තර සුදු මද පියයුරු වටා ඇති හම පෝෂණය කරවලා එල්ලා වැටීම අවම කරවමින් ශක්තිමත් කරවලා දෙනවා. එක බිත්තර සුදු මදයක් අරගෙන හොඳින් කලතාගන්න. ඊට පස්සේ ඔලිව් ඔයිල් සත්කාරයේ දී වගේම උඩු අතට සම්බාහනය කරලා ඒ ආලේපනයත් එක්ක පැය භාගයක් පමණ තියෙන්න හරින්න. ඊට පස්සේ අවසානයේ මේ සාරුව පියයුරුවලින් ඉවත් කරන්න ළූණු මිශ්‍ර කර සාදාගත් දියරයකින් එය සෝදා හරින්න. අවසානයේ සීතල ජලයෙන් සෝදා හැර තෙතමාත්තු කරන්න.

Cover Image Source – medicalnewstoday.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *