බොලිවුඩ් ඉතිහාසයේ සරාගිකම චිත්‍රපට ගීත 7ක්

අල්ලපු රටේ හොඳ දෙයක් විදියට අපිට පේන දෙයක් වේ ද, ඒ ඉතින් සිනමා කරුමාන්තය ම තමයි. විවිධ පරාසයන් ඒ කාලේ ඉඳන් මේ වෙනකන් බොලිවුඩය අතපත ගාලා තියෙනවා. ඒ අතපත ගෑමේ එක කොටසක් තමයි ශංගාර රසය. දැන් දැන් එතනින් මිදිලා වෙනම මානයකට යන්න බොලිවුඩය පටන් අරගෙන තිබ්බත් එක කාලයක දී මේ දර්ශනයක් දෙකක් නැතුව පිලුමක් එළියට දාන්නේ නැති තරමේ උන්මාදයක් තිබ්බා. බොලිවුඩ් චිත්‍රපටවලට අනන්‍ය ගීත කලාවත් මේකට තකට තක. හැබැයි ඉතින් ඔය හැම එකක් ම හැමෝට ම සෙට් වෙන්නේ නැහැ. සමහර ඒවා බලලා පිළිකුල් රසයක් ඇති වුණ අවස්ථාත් නැත්තේ නැහැ. ඒත් මේ ගීතවල සරාගය ප්‍රකාශ කිරීම අතිවිශිෂ්ටයි. බලන්න මේවා මතක ද කියලා.

 

1. Tip Tip Barsa Pani

Image Source – youtube.com

වැස්ස කියන්නේ හැඟීම් දනවන මෙව්වා එකක් නේ. ඒකෙ උපරිම ප්‍රයෝජනේ ගත්තු චිත්‍රපට ගීතයක් තමයි මේ. චිත්‍රපටය 1994 භාණ්ඩයක් වුණ Mohra. මේ චිත්‍රපට ගීතයේ පෙම් යුවළ විදියට ඉන්නේ ආක්ෂේ කුමාර් එක්ක රවීනා තන්ඩන්. සාමාන්‍යයෙන් සරාගී දර්ශනයක් කිව්වම රෙදි ගලවන් හති දාගෙන දඟළන මොකක් හරි කියලා හිතෙනවා නේ. ඒත් ඒ මුකුත් නැතුව සරාගය උපරිමෙන් දන්වන්න මේ දෙන්නගේ විශිෂ්ට රංගනය සමත්. ඒ විතරක් නෙවෙයි ගායනයෙන් සම්මාදම් වෙන උදිත් නාරායන් සහ අල්කා යග්නික් දෙන්නත් සින්දුවේ රහ තවත් වැඩි කරනවා. මේ දෙන්නා අතරේ වෙන ප්‍රේම ගනුදෙනුව අපටත් දැනෙනවා. ඒ වැස්සේ අපිත් තෙමෙනවා.

 

2. Jaadu Hai Nasha Hai

Image Source – youtube.com

90 දශකයෙන් පස්සේ උදා වුණ දශකයේ තිරයේ හිටපු සරාගීම යුවල කවුදැයි ඇහුවොත් ඉතින් හිත හිතා ඉන්න දෙයක් නැහැ ජෝන් ඒබ්‍රහම් ලොක්කයි බිපාෂා බාසුයි තමයි. දැන් විරසක වෙලා හිටියට ඒ කාලේ දෙන්නම හැබෑ ජීවිතේ පෙම්වතුන්. ඒ නිසා කිසි කෝලයක් නැහැ ඕනි ම රූප රාමුවක ඕනි ම රංගනයක යෙදෙන්න නම්. මේ ගීතය Jism චිත්‍රපටයේ එන ආදරණීය ගීතයක්. සරාගයයි ආදරයයි පටලගන්න අයට ඒ දෙක ම වෙන වෙන ම දනවන්න සමත් වෙලා තියනවා. හැන්දෑවරුවක කන් දෙකේ පෝන් එකේ ඇබ දෙක ගහගෙන ඇහුවොත් එදා මේ දෙන්නගේ රංගනය මැවිලා පේන්න වුණත් පුළුවන්. ශ්‍රියා ගෝෂල්ගේ කටහඬත් ඕවට හේතු. ඒ කාලේ ආපු අනික් චිත්‍රපට ගීත එක්ක බලද්දී සරාගයෙන් සෑහෙන ඉදිරියෙන් තමයි හිටියේ.

 

3. Yeh Mera Dil

Image Source – youtube.com

ඔන්න ඉතින් එයාවත් ලැයිස්තුවට දැම්මා. ෂාරුක් කන්නග්ගර Don චිත්‍රපටයේ දී කරීනා කපූර් එක්ක තමයි මේ ගීතයට පෙනී හිටියේ. මේ ගීතයේ දී ෂාරුක්ටත් වඩා කැපී පේන්නේ කරීනා තමයි. දැන් ඉතින් අම්මා කෙනෙක් හෙම වෙලා ශාන්ත දාන්ත ව හිටියට කරීනා සෙස්කි බෝම්බයක් නේ. සුනිධි චෞහාන්ගේ කටහඬත් උණු කෝපි කෝප්පයක් බොනකොට ඇඟ රත් වෙලා යනවා වගේ ෆීලින් එකක් ගෙනාවා. මේ සින්දුවේ කරීනාගේ රංගනයේ තරම මේ සම්බන්ධයෙන් ඇයට ලැබුණ ප්‍රතිචාරවලින් හිතාගන්න පුළුවන්. සමහරු කියන්නේ මේ ඇගේ හොඳ ම රංගනය කියලයි.

 

4. Aashiq Banaya Aapne

Image Source – youtube.com

මේ වගේ ලැයිස්තුවක් හදද්දී මග හැරුණොත් ලොකු වැරද්දක් වෙන චරිතයක් ඉන්නවා. ඒ තමයි ඉම්රාන් හෂ්මි. ඉස්සර MTV එකේ වැඩසටහන් බලද්දී ඉම්රාන් ඉන්න ගීතයක් පටන් ගත්තා කියන්නේ ඉදිරිය පැහැදිලියි. මේ ගීතය ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධිය නිසාම මේ ළඟ දී රීමේක් එකකුත් කරා. හැබැයි එච්චර ප්‍රසිද්ධ ගීතයේ රූපමය අත්දැකීම මෙහෙමයි කියලා දන්නා අය ඉන්නේ පොඩ්ඩයි. මේ ගීතයේ රූප රචනාවේ සරාගී නැහැයි කියලා පෙන්වන්න තැනක් ඇත්තේ ම නැහැ. ගීතය ගායනා කරන්නේ ශ්‍රියා ගෝෂල් එක්ක හිමේෂ් රේෂම්මියා.

 

5. Shikdum

Image Source – youtube.com

Dhoom චිත්‍රපට මාලාවේ පළමුවැන්න කාට කාටත් මතක ඇති. මොකද එහෙම එකක් ඊට පස්සේ ආවේ ම නැහැ. ඒ චිත්‍රපටයේ එන මේ ගීතයේ හැමදාම දකින අභිෂේක් බච්චන් නෙවෙයි ඉන්නේ. වැඩිය ජනප්‍රිය නැති වුණත් (නිසි අවස්ථා ලබා නොදුන්න එක බොලිවුඩයේ අවාසනාව ඉතින්) රිමී සෙන් තමයි මේ ගීතයේ සරාගී රෝල ගහන්නේ. ගීතයේ කැමරාකරණයේ දී ත් ඇගේ අඟපසඟ ගැන වැඩි අවධානයක් දීලා තියෙනවා. ශානුයි ශ්‍රියා ගෝෂලුයි නැත්තන් ඉතින් සරාගයෙන් භාගයයි දකින්න පුළුවන් වෙන්නේ.

 

6. Ishq Ki Raat

Image Source – youtube.com

වැස්ස එක්ක ආය සෙල්ලම් කරන්න පටන් ගත්තු චිත්තරපටි ගීතයක් තමයි මේ. මේ ගීතයේ මනීෂා කොයිරාලත් ඉන්නවා හැබැයි මේකේ ඉන්න පිරිමි මනුස්සයා පැටලෙන්නේ වෙන අටමගලයක් එක්ක. ආර්යන් සහ ප්‍රීති කියන ඒ තරම් ජනප්‍රියතාවක් නොලබපු නළුවෙක් සහ නිළියක් තමයි මහා වැස්සක අනග රංගනයක යෙදෙන්නේ. හැබැයි ඉතින් කලින් සඳහන් කරපු tip tip barsa තරම් නම් ගතියක් නැහැ. සෝනු නිගම්, ශ්‍රියා සහ සුනිධි තුන්කට්ටුව ගීතය ගායනා කරනවා.

 

7. Tumhe Jo Maine Dekha

Image Source – youtube.com

අපි කොයි කවුරුත් ආදරේ කරපු Main Hoon Na චිත්‍රපටයේ එන මේ ගීතයේ සරාගී බව ඇති කරන්නේ සුශ්මිතා සෙන්. ඇහිපිය සලන විදියෙන් නැත්තම් පුංචි ම හරි ඉරියව්වකින් පවා හැඟීම් එකතු කරන්න පුදුමාකාර හැකියාවක් ඇයට තියනවා. ෂාරුක් ඛානුත් ගීතයේ රංගනයට කිසිම වැරද්දක් කරන්නේ නැහැ. වතුර එක්ක සම්බන්ධ වුණා කියන්නේ ඉතින් තව ටිකක් සරාගී බව වැඩි වෙනවා කියන එක. ලෝක ජනගහනයෙන් බීමට අමතර ව සරාගය ඉස්මතු කරන්නත් ජලය භාවිත කරන්නේ ඉන්දියානුවන් කියලා හිතෙන තරමට ම එය ඔවුන්ට සම්පතක්.

Cover Image Source – scoopwhoop.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *