සුපිරි ලම්ප්‍රයිස් එකක් කන්න ලංකාවේ තියෙන තැන් 7ක්!

ලංකාවේ සමහර කෑම වර්ග තියෙනවා, තවමත් ගොඩක් දෙනෙක් අඳුනාගෙන නැති. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් ලංකාවේ ගොඩක් කෑම සංස්කෘතියක් හොයන අය අඩු වීම. කොහොම වුනත් මේ ගොඩක් අය අඳුනන්නේ නැති කෑම සමහර ඒවා ප්‍රාදේශීය කෑම. තවත් සමහර ඒවා වෙනත් රටවලින් අපිට දායාද වුණු කෑම. හැබැයි ගොඩක් අය අඳුනන්නේ නැති වුනත් මේ කියන විදියේ කෑම දන්න අය අතරනම් සුප්‍රසිද්ධයි. මේ කෑම වලින් අපි කතා කරන්නේ “ලම්ප්‍රයිස්” ගැන. සමහරු නමෙන් දන්නෙ නැතත් අනිවා ලම්ප්‍රයිස් රහ බලලා නං ඇති. ලංකාවේ හිටපු ඕලන්දකාරයෝ ඉන්දුනීසියන්කාරයන්ගෙන් අදහස අරගෙන හදපු ලම්ප්‍රයිස් එක අද වෙනකල් අරගෙන ඇවිත් ඉන්නේ නම් ගොඩක් වෙලාවට ලංකාවේ බර්ගර් වරු තමයි. විශේෂයෙන්ම ඩච් බර්ගර්වරු. කොහොම වෙතත් වරක් පිසගෙන, කෙසෙල් කොළේ ඔතලා අවන් කරගත් දුන්තෙල් බත, ෆ්‍රිකඩෙල් කියන කට්ලට් වගේ සීන් එක, බ්ලැචන් සහ අළුකෙහෙල් හෝ වම්බ‍ටු බැදුමත් සමග මස් වර්ගයක් එක්ක එන ලම්ප්‍රයිස් එකේ රස වෙන කිසිම බත් එකකින්, බිරියානි එකකින් ගන්න බෑ. ෂුවර් නැද්ද? එහෙමනම් හෙටම අපි කියන මේ කොළඹ ලම්ප්‍රයිස් තියෙන තැන් වලින් එකකට ගිහින් කෙහෙල් කොළේ ඔතලා එන ලම්ප්‍රයිස් එකක් අරගෙන කාලා බලන්න අපි කියන්නේ ඇත්තද බොරුද කියලා!

 

1. VOC Café

Image Source – thedutchburgherunion.org

තුන්මුල්ලේ තියෙනවා වැඩි දෙනෙක් ඒ තරම් අවධානයට ගන්නෙ නැති පැරණි පන්නයේ මන්දිරයක්. මේක තමයි ඩච් බර්ගර් යුනියන්. ඒ කියන්නේ ඕලන්දක්කාරයින්ගෙන් පැවත එන බර්ගර්වරුන්ගේ සංගමේ. හැබැයි මේකට ඩච් බර්ගර් උරුමය නැති කිසිම කෙනෙක්ට යන්න බෑ. ඒත් ඒකට එහා පැත්තේ තියෙනවා ඒ අය කරන කැෆේ එකක්. ඒකේ නම VOC Cafe. ආන්න ඒකට අපිට යන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ගිහිල්ලා රස ලම්ප්‍රයිස් එකක් කාලා එන්නත් පුලුවන්! රුපියල් 550 ක් වගේ ගාණකට බඩ පිරෙන හොඳ ලම්ප්‍රයිස් එකක් ගන්න පුලුවන් කැමති මස් වර්ගයකින්.

තැන මෙතන:

 

2. Green Cabin

Image Source – dailynews.lk

කොළඹ සෑහෙන්න යන එන, සේවය කරන කෙනෙක්ට නං ග්‍රීන් කැබින් කියන්නේ අමුතු තැනක් නෙවෙයි. විශේෂයෙන්ම දවල්ට කෑම ගන්න එහෙමත් ග්‍රීන් කැබින් එන සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය සෑහෙන දෙනෙක්ට ග්‍රීන් කැබින් එකේ තියෙන ලම්ප්‍රයිස් එකත් අමුතු දෙයක් නෙවෙයි. හැබැයි එහෙම වුනත් ඇත්තටම ග්‍රීන් කැබින් ලම්ප්‍රයිස් එක කාලා බලන්න වටිනවා. ලෝබ නැතුව දෙන කෑම ප්‍රමාණය වගේම, මිලත් සාපේක්ෂව ගත්තහම අඩුයි. හැබැයි ලම්ප්‍රයිස් එකේ රසේ අඩුවක් නෑ.

තැන මෙතන:

 

3. Perera & Sons

Image Source – twitter.com

පෙරේරා ඇන්ඩ් සන්ස් කියන්නේ ලංකාවේ ඕනෑම ජනාකීර්ණ අස්සක මුල්ලක දකින්න ලැබෙන අවන්හල් ජාලයක්. හැබැයි මේ අයගේ කෑම වල එහෙම මාරම කොලිටියක් නෑ. සාමාන්‍ය බේකරි අයිටම්ස් සහ කෑම අයිටම්ස් තමයි. ඒ නිසා වෙන කරන්නම දෙයක් නැති නම්, කන්න නවතින්නම තැනක් නැති නම් තමයි ඔය ෆුඩ් සීන් එකේ ඉන්න අයියලා අක්කලා පෙරේරා ඇන්ඩ් සන්ස් යන්නේ. කොහොම හරි පෙරේරා ඇන්ඩ් සන්ස් කට්ටිය ගාවත් ලම්ප්‍රයිස් තියෙනවා. හැම පෙරේරා ඇන්ඩ් සන්ස් කඩේකම තියෙනවද කියන්න දන්නෙ නෑ. හැබැයි කොළඹ අවට හැම පෙරේරා ඇන්ඩ් සන්ස් එකකම වගේ තියෙනවා. මේ අයගේ ලම්ප්‍රයිස් එකත් මේ අයගේ අනෙක් කෑම වගේ තමයි. අවුලක් නෑ. හැබැයි විශේෂයකුත් නෑ. ඒත් දවල්ට පට්ට බඩගිනි වුණු වෙලාවට, පර්ස් එක හිල් වෙන ගණන් නොගෙවා ලාබෙට ලම්ප්‍රයිස් එකක් කන්න මෙන්න තැන.

තැන මෙතන:

 

4. Sugar Bistro & Wine Bar

Image Source – d3dz4rogqkqh6r.cloudfront.com

ෂුගර් බිස්ටෝ ඇන්ඩ් වයින් බාර් කියන්නේ බිස්ට්‍රෝ එකකටත් වඩා කොළඹ තියෙන අප්ටවුන් ලෙවල් එකේ ෆයින් ඩයිනින් රෙස්‍ටුරන්ට් එකක්. ෆයින් ඩයිනින් නිසා පොඩ්ඩක් ඉතින් ගණන් එහෙම වැඩී. හැබැයි මේ අය ට්‍රැඩිෂනල් ලම්ප්‍රයිස් එකක් පිරිනමනවා. ඒක චිකන් එක්ක වුනත්, එහෙම නැතිනම් බීෆ් හෝ පෝක් මික්ස් එකක් විදියට වුනත් ගන්න පුලුවන්. ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ෂුගර් බිස්ට්‍රෝ ලම්ප්‍රයිස් එක සාම්ප්‍රදායික නියම රසෙන් යුක්තයි කියලත් බය නැතුව කියන්න පුලුවන්.

තැන මෙතන:

 

5. The Leaf Lamprais

Image Source – yamu.lk

නමෙන්ම කියවෙන විදියට මේ අය කරන්නේ ලම්ප්‍රයිස් විතරයි! දැන් තව අයිටම්ස් පටන් අරගෙන තියෙනවද දන්නෙ නෑ, හැබැයි අපි ගන්නකොට නම් මේ අය ගාව ලම්ප්‍රයිස් විතරයි තිබුණේ. මේක ඇත්තටම ගෙදර හදන ලම්ප්‍රයිස් බිස්නස් එකක්. කෝල් එකක් හරි ඊමේල් එකක් හරි දාලා ඕඩර් කරන්න ඕන. ඉන් පස්සේ ඒ අය ඩිලිවර් කරනවා. මේ අයගේ ලම්ප්‍රයිස් එක බොහොම නීට් එකට හදපු, රසෙනුත් කිසිම අඩුවක් නැති කදිම අත්දැකීමක්. විශේෂයෙන්ම ගෙදර හදන නිසාද කොහෙද අර සාම්ප්‍රදායික බර්ගර් ගෙදරක උයන ලම්ප්‍රයිස් එකක රස නොඅඩුව තියෙනවා.

දුරකථන අංකය: 0702318322

තැන මෙතන:

 

6. Fab

Image Source – yamu.lk

කොළඹ නිතර එහේ මෙහේ යන උදවියට ෆැබ් එක කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. වඩාත් ඉහළ මට්ටමක, රසවත් බේකරි අයිටම්ස් වල ඉඳන් දවල් කෑම දක්වාත්, බර්ගර්, සබ් වගේ කෑම වල ඉඳල අයිස්ක්‍රීම් දක්වාත් තියෙන ෆැබ් එක දවල් කෑම වෙලාව වෙනුවෙන් ලම්ප්‍රයිස් ඉදිරිපත් කරනවා. මේක ඇත්තටම අර සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් එකම නෙවෙයි. රසත් ඊට වෙනස්. හැබැයි ඒ කියන්නේ රස නැහැයි කියන එක නෙවෙයි. මේක ඉතාම රසවත්, වඩාත් මොඩිෆයි කරපු ලම්ප්‍රයිස් එකක් විදියට හැඳින්වුවාට කාරි නෑ. බඩ පිරෙන ප්‍රමාණයේ බත් එකක් එක්ක එන මේ ෆැබ් එකේ ලම්ප්‍රයිස් එක වෙනසකට මරු!

තැන මෙතන:

 

7. Pagoda Tea Rooms

Image Source – nivenfrey.blogspot.com

සිරිමල් කරුවලගෙදර, මාලිනී, ශීලා සහ යාලුවෝ එක්ක තේ බොන්න යන්නේ පැගෝඩා එකට. මේ කිවුවේ මාර්ටින් වික්‍රමසිංහගේ කරුවලගෙදර කෘතියේ එන කෑල්ලක්. එතකොට හිතාගන්න පුලුවන්නේ කොළඹ කො‍ටුවේ පැගෝඩා එක කොයි තරම් පරණද කියලා. ඇත්තටම මේ තියෙන්නේ එදා තිබුණු පැගෝඩා එක ඒ ආකාරයෙන් නොවුනත්, තවමත් පැගෝඩා ටී රූම් එක ජනප්‍රියයි. මේ අය දවල් කෑමට ලම්ප්‍රයිස් එකක් ලබාදෙනවා. බඩ පිරෙන කෑම ප්‍රමාණයක් එක්ක ලොකු මස් පලුවක්, ෆ්‍රිකඩෙල්, බ්ලන්චන් එක්ක ලබාදෙන මේ ලම්ප්‍රයිස් එකත් බොහොම අඩු ගාණකට, හිත සහ බඩ පිරෙන්න කන්න පුලුවන් දවල් කෑමක්.

තැන මෙතන:

Cover Image Source – pulse.lk

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *