යමුද සෙක්ස් ෆෙස්ටිවල් එකකට?

මෙහෙමයි ඉතින් හැබැයි මේ සෙක්ස් ෆෙස්ටිවල් තියෙන්නේ මෙරට නම් නෙමෙයි හොඳේ, පිටරට. කැමති කෙනෙක්ට ප්ලේන් එකේ හරි නැවේ හරි නැග්ගා. කෙලින්ම ගියා. සෙක්ස් ෆෙස්ටිවල් කියන්නේ වර්තමාන ලංකාවට නම් අවුල් සංකල්පයක්. ඒත් අපේ ඉතිහාසය හාර අවුස්සලා බලද්දි පේන දේ තමයි ලංකාවෙත් සෙක්ස් ෆෙස්ටිවල් තිබිලා තියෙනවා කියන එක. “කාමෝත්සව’ තමයි සෙක්ස් ෆෙස්ටිවල්වලට සිංහලෙන් කියලා තියෙන වචනේ. ඉන්දියාවේ තිබ්බ “ගිරග්ග සමජ්ජය” කියන උත්සවය කාමෝත්සවයක් විදිහට සැලකෙනවා. ලංකාවේ පණ්ඩුකාභය රජතුමාත් කාමෝත්සව පැවැත්වුවා කියලා මතයක් තියෙනවා. කව්සිළුමිණ කියන අපේ මහා කාව්‍යයේ එන උයන් කෙළි, දියකෙළි වලිනුත් කාමෝත්සව ගැන ඉඟි හම්බ වෙනවා. සීගිරියෙත් කාමෝත්සව පැවැත්වුවා කියලා අදහසක් සමහර උගත්තු ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් හැබැයි දැන්නම් කාමෝත්සව තියා “සෙක්ස්” කියන වචනේ ඇහෙනවටවත් ලංකාවේ මිනිස්සු ගොඩක් බයයි. ඒ අපේ රට යටත් කරගෙන හිටපු ඉංග්‍රීසින්ගේ වික්ටෝරියානු සුචරිතවාදයට පිංසිද්ධ වෙන්න. හරි ඔය පරණ කතාබතා අපිට මොකටද? ඒවා අමතක කරලා අපි දැනගමු මේ වෙනකොට ලෝකේ පැවැත්වෙන ප්‍රධානම කාමෝත්සව එහෙමත් නැත්නම් දන්න සිංහලෙන් කිව්වොත් සෙක්ස් ෆෙස්ටිවල්ස් ගැන.

 

1. Kinky – ඩෙන්මාර්කය

Image Source – youtube.com

ඩෙන්මාර්කය කියන්නේ උතුරු යුරෝපයට අයත් ලොව ධනවත්ම සහ සාමකාමීම රටක්. ඩෙන්මාර්කය ඇතුළේ පුද්ගල නිදහස උපරිමයෙන්ම තමන්ගේ පුරවැසියන්ට ලබා දෙන්න ඒ රටේ රජය උපරිමයටත් වඩා ගිහින් උත්සාහ කරනවා. මේ කින්කි උත්සවයත් රජය විසින් තමන්ගේ වැසියන්ට ලබා දෙන නිදහසේ ප්‍රතිඵලයක්. Kinky නම ඇහුවම “සෙක්ස්” ගැන හොයලා බලන, කියවන අයට නම් නිකම් කරන්ට් එකක් වැදුණා වගේ වෙන්න පුළුවන්. ඔව් Kinky කියන්නේ පරපීඩක කාමුකත්වයට ප්‍රධානත්වය දෙන සෙක්ස් ෆෙස්ටිවල් එකක්. ඔයා Kinky ගැන හරියටම දන්නේ නැති කෙනෙක් නම් කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්, ෂේප් එකේ කාටවත් නොපෙනෙන්න Kinky  කියලා සර්ච් පාරක් දාන්න. ආහ් කියන්න අමතක වුණා මේක තියෙන්නේ කොපෙන්හේගන්වල, ඒ කියන්නේ ඩෙන්මාර්ක් රටේ අගනුවරමයි.

 

2. Erotica – එංගලන්තය

Image Source – wdam.com

මේ සෙක්ස් ෆෙස්ටිවල් එක තියෙන්නේ අපිට වික්ටෝරියානු සුචරිතවාදය කියලා දීපු එංගලන්තයේ ලන්ඩන් නුවර. මේක හැබැයි සෙක්ස් ෆෙස්ටිවල් එකක් විදිහට වඩා ප්‍රසිද්ධ වෙළඳ ප්‍රදර්ශනයක් විදියට. ලිංගික වෙළඳපොළට අදාළ විවිධ භාණ්ඩ හා සේවා සැපයීමේ ආයතන සහ පුද්ගලයෝ Erotica වෙනුවෙන් ලන්ඩනයට එකතු වෙනවා. හැබැයි ඉතින් අන්තිමට වෙළඳ ප්‍රදර්ශනය කෙසේ වෙතත් සෙක්ස් ෆෙස්ටිවල් එකක්  නම් සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන්ම සංචාරකයෝ රාශියක් ම එකතු වෙනවා.

 

3. Love Parade – ජර්මනිය

Image Source – en.wikipedia.org

මේ ආටිකල් එක Love Parade එකේ සංවිධායක ඩයල් එකක් දැක්කා නම් “කෞද යකෝ Love Parade එක සෙක්ස් ෆෙස්ටිවල් එකක් කියලා ලියපු හාල්පාරුවා” කියලා අහනවා ෂුවර්. අපිට එතකොට කියන්න තියෙන්නේ “අනේ, නිකන් පලෑන් යන්න, අපි නොදන්න  Love Parade” කියලා තමයි. Love Parade එක ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් මියුසික් ෆෙස්ටිවල් එකක් විදිහට. ඒත් ඒ ෆෙස්ටිවල් එකට සහභාගී වෙන අයට උපරිම නිදහස ලබාදෙන්න ජර්මන් බලධාරීන් කටයුතු කරනවා. මේ නිසා මියුසික් ෆෙස්ටිවල් එක ඉවර වෙන්නේ සෙක්ස් ෆෙස්ටිවල් එකක් විදිහට තමයි.

 

4. Kutemajrvi – ෆින්ලන්තය

Image Source – bantumen.com

මේ සෙක්ස් ෆෙස්ටිවල් එක තියෙන්නේ ෆින්ලන්තේ. ෆින්ලන්තේ කියන්නෙත් උතුරු යුරෝපයේ සාමකාමී සහ සමෘද්ධිමත් රටක්. ඒ වගේම ලිංගිකත්වයට වැට කොටු බැඳලා නෑ. මේ උත්සවය පැවැත්වෙන්නේ “Kangasniemi” කියන ලස්සනම ලස්සන පුංචි ගම්මානේ. මේ සෙක්ස් ෆෙස්ටිවල් එක තියෙන කාලෙට Kangasniemi ගම ඉතින් සුරපුරයක් තමයි. ස්ට්‍රිපර්ස්ලගේ නැටුම් තරඟ, සෙක්ස් ගැන සංවාද, අමුත්තන් එක්ක ලිංගිකව එක්වීමේ තරඟ වගේ විවිධාකාර දේවල් මේ සෙක්ස් ෆෙස්ටිවල් එකේ තියෙනවා. ආහ් නිරුවත් රූ රැජින තේරීමේ තරඟෙකුත් තියෙනවා.

 

5. The Folsom Street Fair – සැන් ෆ්‍රැන්සිස්කෝ

Image Source – sf.funcheap.com

Fetishවලට ආස අය නම් මේ සෙක්ස් ෆෙස්ටිවල් එකට අනිවාර්යයෙන්ම යන්න ඕන. මේක තමයි Leather and Fetishවලට වෙන්වුණු ප්‍රධානම සෙක්ස් ෆෙස්ටිවල් එක. Fetishවලට අදාළ විවිධ ක්‍රියාකාරකම් වගේම ඒවලට අවශ්‍ය වෙන භාණ්ඩ සඳහාම වෙන්වුණු වෙළඳ කුටිත් අතරින් පතර මේ Fair එකේ තියෙනවා. Folsom Street එක පුරාවට මේ ෆෙස්ටිවල් එක තියෙන දවස්වලට දිව්‍යලෝකයක්. හැබැයි ඒ Fetishවලට කැමති අයට විතරයි. Fetishවලට අකමැති අයට නම්  නිකන් අපායට හෙණ  ගැහුවා වගේ ෆීලින් එකක් දැනේවි.

 

6. International Erotic Film Festival – බාසිලෝනා

Image Source – ewawomen.com

මේක චිත්‍රපටි උළෙලක්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක කාම උළෙලක්. Porn චිත්‍රපටිවල රඟපාන, ඒ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන, ඒවා නිෂ්පාදනය කරන අය එකට එකතු වෙන තැනක්. යට ඇඳුම් සංදර්ශන, Fetish සාද වගේ දේවලුත් මේ උළෙලට සමගාමීව පැවත්වෙනවා. ඒ වගේම Porn ඉන්ඩස්ට්‍රී එකේ නව ප්‍රවණතා ගැන වගේම ඒ ඉන්ඩස්ට්‍රී එකේ දියුණුවට කරන්න ඕන දේවල් මේ ෆිල්ම් ෆෙස්ටිවල් එකට සමගාමීව කතා කරනවා. අපේ නම් ඉතින් පෝර්න් ෆිල්ම් ෆෙස්ටිවල් කෙසේ වෙතත් පෝර්න් ෆිල්ම් බලන්නෙත් හංගගෙන කියලා මතක් වෙද්දි අපි ගැන දුකත් හිතෙනවා නේද සාන්ත?

 

7. Pon Festival – ඉන්දුනීසියාව

Image Source – metro.co.uk

අපි මෙච්චර වෙලා කතා කළේ බටහිර රටවල පැවැත්වෙන සෙක්ස් ෆෙස්ටිවල් ගැන. හැබැයි මේ සෙක්ස් ෆෙස්ටිවල් එක නම් පැවැත්වෙන්නේ මුස්ලිම් රටක. ලෝකේ වැඩිම ඉස්ලාම් බැතිමතුන් පිරිසක් ඉන්න රටක් තමයි ඉන්දුනීසියාව. ඉස්ලාම් දහම ඉන්දුනීසියාවේ බලවත් වීමට පැවතුණු චාරිත්‍රයක් පවත්වාගෙන යාමක් තමයි මේ උත්සවය මගින් සිද්ධ වෙන්නේ. මේක පොඩ්ඩක් ආගමික මුහුණුවරකුත් ගන්නවා. ආගන්තුකයන් සමග ලිංගිකව එක්වීම මේ උත්සවයේ එක අංගයක්. ජනප්‍රවාදයේ කියවෙන විදිහට ජාවා දුපතේ රජ කෙනෙක්ගෙ පුතෙක්, එයාගේ කුඩම්මා එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහිල්ලා, පිය රජ්ජුරුවන්ගේ උදහසට ලක් වෙලා දෙන්නවම මරණයට පත් කරනවා. මේ සිදුවීම ස්මරණය කරන්න තමයි මේ කාමෝත්සවය පවත්වන්නේ.

කාත් එක්ක හරි සෙට් වෙලා මේ වගේ සෙක්ස් ෆෙස්ටිවල් එකකට යන්න ඔයත් කැමති නම් මේ ආටිකල් වට්ස්අැප්වලින් හරි මැසෙන්ජර්වලින් හරි යවලා අහලා බලන්න යමුද මෙයා කියලා. හරි ගියොත් දෙන්නම යයි. නැත්තන් ඔයා කයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *