ඔයත් Sexවලට Addict වෙච්ච කෙනෙක් නම් මේක ඔයා කියවන්නම ඕන ලිපියක්

Sex කියන්නේ මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් විදිහට බටහිර මනෝ විද්‍යාව පිළිගන්නවා. ඒවගේම මානවයාගේ පැවැත්ම තීරණය කරන්නෙත් සෙක්ස් කියන දේ මත කියලා ආපහු කියන්න ඕන නෑනේ. Sex කියන්නේ සුන්දර අත්දැකීමක්. ඒකට හැමෝම එකඟවේවි. ඒ නිසාම හැමෝම Sexවලට ආසයි. සමහරු ආසයි බයයි. සමහරු ගාණකට හැමදේම මැනේජ් කරගන්න දන්නවා. ඒත් සමහරු Sexවලට ඇඩික්ට් වෙලා ඇඟේ හලාගෙන කොළේ ඉරාගන්නවා. අපි මේ ලිපියෙන් කතා කරන්න හිතුවේ මේ වගේ Sexවලට Addict වෙච්ච අයට වෙන අවාසි ගැන. ඔයාත් Sexවලට Addict වෙච්ච කෙනෙක් නම් හරි එහෙමත් නැත්තන් Sexවලට Addict වේගෙන යනවා කියලා හරි දැනෙනවා නම් මේ ලිපිය ඔයා අනිවාර්යයෙන් කියවන්න ඕන. ඊට කලින් අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු, මොකද්ද Sexවලට Addict වෙනවා කියන්නේ කියලා. Sexවලට Addict වෙන එක එකේක විදිවලට වෙන්න පුළුවන්. ස්වයංවින්දනයේ වැඩි වාර ගාණක් යෙදීම, අසභ්‍ය චිත්‍රපටියක් බැලුවේ නැත්නම් කෑවේ නෑ වගේ දැනෙන එක, කොටුවක් පනින්නේ කවද්ද කියලා ඇඟිලි ගැන ගැන ඉන්න එක. සැලරි එනකන් ඉඳන් ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගාවට යන එක, ෆේක් ප්‍රොෆයිල් එකකින් දවස ගානේ සෙක්ස් චැට් කරන එකට ඇබ්බැහි වීම වගේ දේවල්  Sexවලට Addict වීමේ ලක්ෂණ විදිහට කියන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් බලමු මේ නිසා වෙන්න පුළුවන් අවාසි ගැන

 

1. කාලයට කෙළවීම

Image Source – collective-evolution.com

Sexවලට Addict වෙන එකෙන් වෙන්න පුළුවන් ලොකුම පාඩුව මේකයි, කතාවටත් කියනවනේ යන කාලේ ආපහු ගන්න බෑ කියලා. නිකන් හිතලා බලන්නකෝ ඔයා අසභ්‍ය චිත්‍රපටි නැත්තන් පෝර්න් එකක් බලන්න කොච්චර විනාඩි ගාණක් වැය කරනවද? සමහර වෙලාවට පැයකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. හරි අපි කියමුකෝ පැය බාගයක් කියලා, මේ කාලේ ඇතුළත ඔයා ඔයාගේ රැකියාවට හරි අධ්‍යාපනයට අදාළ ඩොකියුමෙන්ට්‍රියක් බැලුවා නම් ඔයාට ගන්න පුළුවන් දේයි පෝර්න් බලලා ඔයාට ගන්න පුළුවන් දේයි නිකමට සන්සන්දනය කරලා බලන්න. එතකොට ඔයාට වෙන ලාබ පාඩු ගැන ඔයාටම තීරණය කරගන්න පුළුවන්.

 

2. පර්ස් එකට කෙළවීම

Image Source – dataplan.xfinity.com

ස්වයංවින්දනය ඇරුණම අනිත් ඕනම  Sex Addiction එකක් නිසා වෙන්න පුළුවන් ලොකුම පාඩුව තමයි මේ. පෝර්න් බලන්න පුරුදු වුණු කෙනෙක්‍ට දන්නේම නැතුව ඩේටාවලින් වැඩි හරියක් ගිහිල්ලා තියෙයි. මොකෝ ඉතින් ඩේටා නිකන් දෙන එකක්යැ. කොටු පනින්න යන වියදම් ගැන ඉතින් ආයේ කියන්න දෙයක් නෑනේ. හැබැයි ඔයාට මේල් හරි ෆීමේල් හරි ප්‍රොස්ටිටියුට් කෙනෙක් වෙන්න පුළුවන් නම් අන්න මරු වැඩේ. එහෙම වුණොත් පර්ස් පිරෙයි සින් සින් ගාලා, එහෙම නැත්නම් ඉතින් පර්ස් එකට කෙළවෙන එක වළක්වන්න සක්කරයට තියා උගේ පුතා වයිමටවත් බෑ.

 

3. කාර්යක්ෂමබවට කෙළවීම

Image Source – youtube.com

Sex ඉහට ගැහුවම ඉතින් එක සිත දෙතැනක නෙමෙයි කිසිම තැනක වැඩි වෙලාවක් නතර කරගන්න බෑ. ඇඹලයා පැණි හොයාගෙන යනවා වගේ Sex ගැනම තමයි හිතන්න යන්නේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ දන්නෙම නැතුව ඔයා කරන වැඩේ ගැන අවධානය ඔයාගෙන් ගිලිහිලා යනවා. නිකමට වගේ ඔයා කරපු වැඩක් දිහා ආපහු බලන්න. සමහර වැරදි අහු වෙයි, මේවා කළේ මමමද කියලා ඔයාටම හිතෙන. මේ හේතුව නිසා සාමාන්‍ය ජීවිතයේ වගේම රැකියා ස්ථානයෙත් දරුණු අවුල්වලට ඔයාට මූණ දෙන්න වේවි.

 

4. සබඳතාවලට කෙළවීම

Image Source – imore.com

ඔයා Sexවලට Addict වුණු කෙනෙක් කියලා සමාජෙන් හංගන් ඉන්නකන් ඔයා ආරක්ෂිතයි. ඒත් අපි ඉන්නේ දේවල් හංගන්න පුළුවන් සමාජෙක නෙමෙයි. ඔයා අතින් වෙන සුළු අතපසුවීමකින් ඔයාගේ රහස් බොහෝමයක් සමාජය ඉස්සරහා නිරාවරණය වෙන්න පුළුවන්. නිකමට හිතන්න ඔයා බලපු ලීක් වෙච්ච වීඩියෝ එකක හිටපු  අය කවදාවත් හිතුවා වෙන්න පුළුවන්ද එයාලගේ විඩීයෝස් ඒ විදිහට ලීක් වෙයි කියලා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔයාගේ ළඟම හිතවත් අය ඔයා දිහා මොන විදිහට බලයිද? අපි කියනවට නෙමෙයි  හිතලම බලන්න.

 

5. ශාරීරික සෞඛ්‍යයට කෙළවීම

Image Source – nypost.com

මේක වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ඒ අතරින් කිසිම කෙනෙක්ට වෙන්න එපා කියලා පතන දේ තමයි “සමාජ රෝගයක් වැළඳීම”. සුවකළ හැකි සමාජ රෝගයක ඉඳන් තාමත් නිසි ප්‍රතිකාරයක් හොයාගෙන නැති ඒඩ්ස් රෝගයත් මේ ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම විවිධ ලිංගික ඉරියව් අත් හදා බැලීමට යාමෙන් සමහරවිට සුළු සුළු ශාරිරික ආබාධ වුණත් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමාජ රෝගයක් සම්බන්ධ කාරණයකදි කෙනෙක්ට දැනෙන්න පුළුවන් මානසික පීඩනය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?

 

6. ආත්මාභිමානයට කෙළවීම

Image Source – pakistantoday.com.pk

Sexවලට Addict වෙච්ච බොහෝ දෙනෙක් තමන් කරන්නේ වැරැද්දක් කියලා යටි හිතින් හිත හිත පසුතැවෙනවා කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. ලෝකෙට තමන්ගේ Sex Life එක ගැන ලොකු කතා කිව්වට මේක තමයි ඇත්ත කතාව. මේ හේතුව නිසා තමන්ට නොදැනීම තමන්ගේ ආත්මවිශ්වාසය වගේම ආත්මාභිමානය හීන වෙලා යන්න පුළුවන්. දරුණුම දේ වෙන්නේ මෙහෙම වෙන්න හේතුව Sexවලට Addict වෙන එක කියලා ඒ කෙනාට කොයිම වෙලාවකවත් විහිළුවටවත් හිතෙන්නේ නැති එක.

 

7. Sexවලට කෙළවීම

Image Source – w1nnersclub.com

මේ මොකද්ද මෙයා කියන්නේ කියලා දැන් ඔයා හිතනවා ඇති. Sexවලට Addict වෙන එකෙන් කොහොමද Sexවලට කෙළවෙන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි, නිතර දකින කුකුළගේ කරමලේ සුදුයි කියලා කතාවක් තියෙනවනේ. Sex Addictionවල එක්ස්ට්‍රීම් ලෙවල් එකට ගියාම දන්නෙම නැතුව Sex Life එක බෝරින් වෙනවා, කොච්චර කළත් බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැතුව යනවා. Sexවලින් බලාපොරොත්තු වෙන දේ නොලැබුණොත් ඔයාට මොන වගේ දැනේවිද හිතලම බලන්න.

මේ ලිපිය ඉතින් ඔයා දන්න Sexවලට  Addict වෙච්ච අයත් එක්ක බෙදාගන්න, ඔයා Sexවලට  Addict වෙච්ච කෙනෙක් නම් ෂේප් එකේ  ඒ Addiction එක අඩුකරගන්න වැඩකරන්න.

 

Cover Image Source –  awarenessact.com/ tvguide.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *