ආයෙමත් දවසක – 7 කොටස

7 කොටස

6 වැනි කොටස මෙතනින් කියවන්න

 

 

“පැට්ටො”

“අක්කෙ”

“මොකෝ කරන්නෙ?”

“ඉන්නව නිකං”

“අද බොන්නෙ නෑ?”

“නෑ”

“හොඳයිනෙ”

“හ්ම්ම්ම්”

“මොකෝ ඉතිං හොඳ වෙන්න හිතුනෙ?”

“මං හොඳ නෑ අක්කෙ. ඇයි කතා කළේ?”

“හම්මෝ ‌සැර”

“මට කියනව එයාට රිද්දන්න එපා කියල. එයානෙ”

“මං කොහෙද අක්කට රිද්දුවෙ?”

“ඇයි දැන් ඔය ගහන්න ව‌ගේ කතා කරන්නෙ?”

“මං එහෙම කළේ නෑ අක්කෙ. මං කිවුවනෙ”

“මොකද්ද?”

“මට රිද්දන්න එපා කියල.”

“මං රිද්දුවයැ දැන්”

“ඔෆිස් එකේ එක ළඟ ඉන්න නිසා අමතක කරන්න අමාරුයි. ඒ මදිවට”

“ඒ මදිවට මොකද්ද?”

“ඒ මදිවට දැන් රෑටත් පිස්සු වට්ටනව”

“මං කොහොමද ඔයාව පිස්සු වට්ටන්නෙ?”

“මේ වට්ටන්නෙ”

“මං තියන්නද?”

“හා අක්කෙ. අනේ තරහ වෙන්නෙපා. මට අමාරු නිසයි කියන්නෙ.”

“හරි”

කෙලින්ම හරි කියල කෝල් එක කට් කරපු අශිනි තව විනාඩි පහක් යන්න කලින් දුක මූඩ් එකෙන් කෝල් එකක් ගන්න විත්තිය නදික දන්නවා. ඊට කලින් වතුර ටිකක් බීලා නදික උගුර පාදගත්ත. හිතපු විදියටම කෝල් එක එද්දි ආන්සර් කරපු නදික මොකුත් නොවුණු ගාණට ආන්සර් කළා

“අක්කෙ”

“සොරි!”

“තරහ ගිහින්ද?”

“ඇයි?”

“දැන් මල්ලි කියලවත් කියන්නැත්තෙ?”

“මට දැන් ඔයා මල්ලියෙක් කියල හිතෙන්නෑ”

“එහෙනං”

“පිස්සා”

“පිස්සෙක් කියලද හිතෙන්නෙ?”

“ඔවු”

“ඇයි?”

“ඇයි කියල ඕන නැහැනෙ. මොකෝ කරන්නෙ?”

“මං මේ ෆේස්බුක් එකේ කැමති විදියෙ පෙනුම තියෙන කෙල්ලොන්ට රික්වෙස්ට් යවනව”

“ඒ මොකෝ?”

“එක්කෙනෙක් හරි ඇක්සෙප්ට් කළොත් එහෙම”

“ඇක්සෙප්ට් කළොත්?”

“කතා කරනව”

“ඊට පස්සෙ?”

“කෙලින්ම කියනව ආදරෙයි කියල”

“ඒ මොකෝ එහෙම කෙල්ලෙක් හොයන්න හිතුවෙ?”

“හිත කැමති කෙල්ලො අපිව බොරු කාරයො කියලනෙ හිතන්නෙ.”

“ආපෝ පිස්සෙක්ම තමයි”

“අනේ මට බෑ අක්කෙ කතා කරන්න. මං තියනව.”

නදික එහෙමම කෝල් එක කට් කරලා ෆෝන් එකත් ‌ඕෆ් කළා. දැන් අශිනි පිච්චෙනව ඇති. නදිකට ඕන වුනේ ඒක. ගෑණුන්ව උභතෝකෝටිකයක හිර කරලා තියන්න. එතනයි නියම ආතල් එක තියෙන්නෙ. මේක කෙල්ලෙක් පස්සෙන් එද්දි ගණං උස්සනව වගේ දෙයක් නෙමෙයි. මේක කෙල්ලෙක් පස්සෙන් එද්දි මොකුත් නොතේරෙන ගාණට ඉන්න විදියක්.

ෆෝන් ඕෆ් නිසා හෂිනි ස්කයිප් කෝල් කළා. ඒක ආන්සර් කරද්දිම නදික දන්නව මේක ඉවරවෙන්නෙ කැමරාව ඉස්සරහ නිරුවත පෙන්නලා විත්තිය. මේ දවස්වල වයිරල් ෂෙයා වෙන ස්කයිප්වලින් නිරුවත පෙන්නන කෙල්ලෙකුගෙ වීඩියෝ එක ගැනත් මතක් වෙලා නදිකවත් එහෙම ෂෙයා වුනොත් කොහොමද කියලා හිතිලා නදිකටම හිනා ගියා.

“මොකෝ ජොලියෙන්?”

හෂිනි ඇහුවෙ නදිකගෙ මූණෙ හිනාවක් දැකපු නිසා. නදිකට හෂිනි ගැන ලොකු ආදරයක් හිතිලා තිබුනා. කවදාවත් නොකිවුවට ඒක ආදරයක් විත්තිය නදික දැන් දන්නවා. තමුන් වගේ මිනිහෙක් කවදාවත් ගැහැණියකට ආශා මිස ආදරය කරාවි කියල විශ්වාස නොකරන හෂිනි ඒක කවදාවත් දැනගන්නෙ නැති එකම නදිකගෙ හිතට සහනයක්.

මෙච්චර සල්ලි තිබිලත් රස්සාවක් කරන්න හිතුණු නදිකට, මෙච්චර හොඳ කෙල්ලෙක් වෙලත් හෂිනිව අතාරින්න හිතුන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ, නදිකට එහෙම හිතුනෙ මේ ස්කයිප් කතාව මැදදිමයි. නදිකත් එක්ක යාලු වෙච්ච, යහන්ගත වෙච්ච ගෑණු අතරෙන් හිත හොඳ කෙල්ලො හිටියෙ අතලොස්සයි. ඇත්තටම කිවුවොත් දෙන්නයි. ඒ දෙන්නගෙනුත් ඉස්සරහින් ඉන්නෙ හෂිනි. නදික වගේ අනාගතේ ගැන මහ ලොකු හීනයක් නැති මිනිහෙක් නිසා හෂිනි එයාගෙ අනාගතේ නැති කරගන්න ඕන නෑ කියල නදිකට හිතුනා. එනිසා මේ හෂිනිට කතා කරන අන්තිම පාර විත්තිය දැනගෙනම හොඳින් කතා කරලා ස්කයිප් කෝල් එක කට් කරා.

පාන්දර දෙකයි. නදික ෆෝන් එක ඕන් කරද්දි මිස්ඩ් කෝල් ඇලර්ට්ස් 11ක් ඇවිත් තිබුනා. එකක් හෂිනිගෙන්. ඒක ආන්සර් නොකරපු නිසානෙ එයා ස්කයිප් කෝල් කළේ. අනිත් 11ම අශිනිගෙන්. නදික හෂිනිට උදේට දකින්න පුළුවන් වෙන්න මෙසේජ් එකක් දැම්ම.

magei oyagei affair eka nawaththamu. mama kawadawath kasada bandina minihek nemei. oya hugak hodai. math ekka hitiyoth eka oyata prashnayak. dan eka ehema nemei kiyanna oya mata call karanna epa. oyage hithata dukai wagema mage hithatath dukai. kalayak yanakan api yaluwo widiyatawath katha nokara imu.

හෂිනිව මගහැරීම නදිකට දරාගන්න බැරි වුනා. රෑ හරියට නින්ද ගියේ නෑ වගේම උදේ නැගිට්ටම ඇඟට පණක් තිබුනෙත් නෑ. හෂිනිව අහිමි වීම වෙනුවෙන් තමුන්වම ස්පොයිල් කරගන්න නදිකට ඕන වුනා. ඒ නිසා නදික ට්‍රිෂ් හම්බෙන්න යන්න හිතුවා. මුලින්ම කම්පනි මේල් එකට අද එයා නිවාඩු කියලා මේල් එකක් දැම්මා. දැන් ඕක දකින අශිනිත් පත්තු වෙන විත්තිය නදික දන්නවා. එයා කෙලින්ම එයාගෙ පිටට මේ වැරැද්ද දාගනීවි. ඒ කියන්නෙ පහුවදාට අශිනි නදිකගෙ උකුළෙ.

නදික ට්‍රිෂ්ට කෝල් කළා. ට්‍රිෂ් එන්නං කිවුව. ට්‍රිෂ් ආවා. නදික ෆෝන් ඕෆ් කළා.

“මොකෝ කේස් එක? කාලෙකින්”

“මම මගේ සීරියස් අෆයා එකක් නැවැත්තුව”

“කවුද?”

“අර එදා ඔයා දැකල තිබ්බෙ මගේ වෙහිකල් එකේ”

“හරි. ඉතිං”

“මගේ හිත අවුල්”

“මනුස්සයො කෙල්ලෙක් හින්දා ඔයාගෙ හිතත් අවුල් යනවද දැන්?”

“ඔවු. මෙයාට එහෙමයි”

“හරි දැන් මොකද්ද වෙන්න ඕන”

“ෂැල් වී…”

“ඕකේ…”

එතන ඉඳන් නදිකට සිහියක් තිබුනෙ නෑ. හිතේ අවුල් ඔක්කොම යනකං නදික ට්‍රිෂ් එක්ක ජීවත් වුනා. ඒ ජීවත් වීම ඇතුළෙ හිතේ තිබුණු මිස් වීම්, දුක් වීම්, වරදකාරී හැඟීම් පහ කරන්න බැරි වුනත්, යටපත් කරන්න පුළුවන් වුනා. අප්පු, පොඩි බේබිටයි එදා ආපු නෝනටයි කෑම හදලා දොරට තට්ටු කළා. කහ බත්, කරි චිකන් මිරිසට, ළූණු සම්බෝල එක්ක පපඩම් බැදලා තිබුණු දවල් ආහාරය දෙන්නටම සතුටක්. දවල්ට කාලා ට්‍රිෂ් ගියා. නදික හොඳටම මත් වෙලා නින්දට ගියා.

ඇහැරුනේ අප්පු දොරට තඩිබාන සද්දෙට.

“පොඩි බේබිව හම්බෙන්න නෝනා කෙනෙක් ඇවිල්ල.”

නදික ඇඳ අද්දර ට්‍රිෂ් තියලා ගිය මතක සටහනක් මෙට්ටෙ යට හංගලා එළියට ගියා.

One response to “ආයෙමත් දවසක – 7 කොටස”

  1. […] 7 කොටස මෙතනින් කියවන්න […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *