මිනිහෙක්ව සැනෙකින් පරළොව යැවිය හැකි ලෝකයේ විෂකුරුම සර්පයින්

බොරු කියන්න ඕනි නැහැ ඉතින් මේ කියන්න යන එක සතෙක්වත් මිතුරු වෙසින් ඉන්න සර්පයෝ තරම් විෂ නැහැ. හැබැයි ඉතින් සොබාදම් දිනිති කියන උත්තමාවිය කියන විදියට බඩගාගෙන යන සිරාම සර්පයෝ සමහරක් උපදිනකොට ඉස්සෙල්ලම කියලා තියෙන වචනෙත් “විෂ”. ඇත්තටම බය වෙන්න ඕනි මේ සර්පයාට නෙවෙයි, ඌ ගාව තියෙන විෂවලටයි. ලෝකයේ එහෙමෙහෙ බඩගාන එහෙම සර්පයෝ අතරින් කීප දෙනෙක් තමයි මේ.

 

1. Black Mamba

Image Source – koror-survivor-org.wikia.org

දෙයියන්ට ස්තෝත්‍ර වෙන්න මුන් ජීවත් වෙන්නේ අප්‍රිකාවේ විතරයි. අපේ රටේ හිටියා නම් අපි වළපල්ලට යන්නෙම තියන කුලප්පුවට මුන්ට කියලා දෂ්ඨ කරවාගෙන. එහෙම කියන්න හේතුවක් තියනවා. මේ කට්ටිය අනතුරක සේයාවක් දැනුණ ගමන් සෑහෙන ප්‍රචණ්ඩකාරී සහ ඉක්මන් විදියටයි හැසිරෙන්නේ. ඔරිජිනලි දුඹුරු පාට මේ යාළුවගෙ නමට කලුපාට පාර්ට් එකක් එන්නෙ කට ඇරියම පේන්න තියන කලුව නිසයි. මෙයා දෂ්ඨ කෙරුවොත් විනාඩි 20ක් ඇතුළත එලොව යන එක සුවර්. වැඩුණු මනුස්සයෙක්ව මරලා දාන්න විෂ බින්දු දෙකකුත් ඇති.

 

2. King Cobra

Image Source – koror-auburnpub.com

ලෝකයේ ඉන්න විශාලතම සහ වඩාත් ජනප්‍රිය සර්පයා විදියට සැලකෙන්නේ මෙයා තමයි. නිජබිම අල්ලපු රට. හැබැයි ඉතින් එහෙමයි කියලා මේ නාග රාජයෝ අපේ රටේ නැහැ. අපිට ඉන්නේ “ප”යනු සර්පයෝ නේ. ඒ කියන්නේ Naja naja කියන නාමයෙන් හඳුන්වන සර්ප විශේෂය. කොහොමහරි ආයෙත් මාතෘකාවේ ඉන්න නාගයා ගැන කතා කළොත් කියන්න හරි පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන වශයෙන් අනික් සර්පයන්ව ගිල දැමීමෙන් බඩ පුරවාගැනීම. එච්චරට මදාවි මේ සර්පයාට මනුස්සයෙක්ව ආණ්ඩුමට්ටු කරන්න යන්නේ පැය භාගයක් වගේ කාලයක්. එක දෂ්ඨ කිරීමකින් 500mgක විෂ මුදාහරින්න පුළුවන්. දෂ්ඨ කරාම ස්නායු පද්ධතිය අඩපණ වෙලා අංශභාග තත්ත්වයටත් මුහුණ දෙන්න වෙනවා. කොහොමද ඒක.

 

3. Inland Taipan

Image Source – pinterest.com

ලෝකයේ ඉන්න විසකුරුම සර්පයා විදියට පොතේ නම ලියෝගෙන ඉන්නේ මේන් මෙයා. King Cobraගේ විෂ වගේ පනස් ගුණයක විෂ තියෙනවා. ඒ වගේම එක දෂ්ඨනයකින් එන විෂ ප්‍රමාණය මිනිස්සු 100ක් විතර මරන්න තරම් ප්‍රමාණවත්. ගොදුරක් දුටු පමණින්ම කලබලකාරී වෙන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා අනතුරු ඇඟවීමක් දෙනවා. ඒ තමයි S අකුරේ හැඩයට හිස සාදා ගැනීම. මේක තමයි සත්ව ලෝකේ තියෙන අරුමය. ඒකට මිනිස් වෙසින් ඉන්න සර්පයෝ දෂ්ඨ කරලා යනකන් දන්නේ නැහැ. බොහෝ විට දකින්න ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ මධ්‍යයට වෙන්නයි.

 

4. Faint-banded Sea Snake

Image Source – top10hub.com

Taipan කියන්නේ ලෝකයේ විසකුරුම සර්පයා නෙවෙයි, එතනට එන්නේ මෙන්න මෙයයි කියලා සමහරු කියනවා. මේ විශේෂය ජලය ආශ්‍රිතව ජීවත් වෙනවා. සරලවම දිය නයෙක්. Taipanගේ විෂවලට වඩා 100 ගුණයක් මේ යකාගේ විෂ උග්‍ර බවට මතයක් තියෙනවා. වැඩේ කියන්නේ ඒ තරම් විෂ ගුලාවක් වුණත් පුදුමාකාර විදියට ලස්සන වීම. විෂ බිඳුවකින් මිනිස්සු 100කට වඩා මරන්න පුළුවන් ලු. අපි කෑමක් දැක්කම කෙළ හලනවා වගේ දෂ්ඨ කරන්න එවරෙඩි වෙච්චි ගමන් මෙයාගෙන් විෂ බේරෙනවා.

 

5. Saw-scaled Viper

Image Source – commons.wikimedia.org

අපි වැලි පොළඟා කියලා හඳුන්වන මේ සර්ප විශේෂය එක්ක බැඳුණ කතාන්දරය හරිම වැදගත්. ඒ තමයි සර්ප දෂ්ඨනයක් අවසානයේ මෙලෝ අමාරුවක් නොදැනීම නිසා මිනිස්සු මේක නොසලකා ඉඳීම. ඒකෙන් වෙන්නේ සති 4ක් වගේ කාලයක් ඇතුළත මිනී පෙට්ටියට ඇණේ වදින එක. ඒකත් හිමින් සිදුවන, වේදනාකාරී මරණයක්. මේ දෂ්ඨනයකින් ලේ කැටි ගහන එක නතර කරනවා වගේම හමේ පටකවලට හානි කරනවා. නහයෙන් කටින් ලේ දාන්නත් එක දෂ්ඨනයක් සමත්.

 

6. Blue Krait

Image Source – toptens.wiki

දකුණු ආසියාවට ආවේණික විෂ ඉතා අධික මේ සර්පයාගේ දෂ්ඨනය සාමාන්‍ය නයෙකුගේ විෂ එක්ක බැලුවම ඊට වඩා 15 ගුණයකින් වැඩියි. ගොඩක් සර්ප දෂ්ඨනවල දී ඒ සඳහා ප්‍රතිකාර තියනවා. මේකටත් ප්‍රතිකාර තිබ්බට 50%කට විතර ඒවා බලපාන්නේ නැහැ. ඒ කියන්නේ මැරෙන්නත් සාධාරණ සම්භාවිතාවක් තියනවා කියන එකයි. දෂ්ඨනයකින් පස්සේ ස්නායු පද්ධතිය සම්පුර්ණයෙන්ම අක්‍රිය වෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා. අංශභාග තත්ත්වයක් ඇති වෙනවා. මේ හැමදේම පැය 12 ඉඳන් 24 දක්වා වගේ කාල සීමාවක දී තමයි සිද්ධ වෙන්නේ.

 

7. Death Adder

Image Source – anneskyvington.com.au

ඔස්ට්‍රේලියාවට උරුමකම් කියන තවත් එක විසකුරු සර්පයෙක් මේ. විසකුරුයි කියලා නමෙන්ම තේරෙනවනෙ. එක දෂ්ඨනයකින් 100mgක විතර විෂ මුදාහරින නිසා පැය හයකින් විතර ජීවිතං අනියතං මරණං නියතං. සම්පූර්ණයෙන්ම ස්වසන පද්ධතිය අක්‍රිය කරවීමේ හැකියාවත් තියෙනවා.

Cover Image Source – steemit.com/ youtube.com/ roflol.in

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *