මේ සමාජෙ ඇන්ටිලා අනුන්ගෙ ජීවිතවලට අත දාන විදි 7ක්

බොහෝදෙනෙක් අනවශ්‍ය විදියට අනුන්ගෙ ජීවිතවලට අතදාන නිසා වැනසෙන ජීවිත බොහෝමයක් තියෙනව. ඒ අයට වැරදුනාම, ඒ අයව වැරැද්දට ගෙනියපු වගකීමෙන් පෙර කියපු ජීවිතවලට අතදාන අය ලස්සනට අයින් වෙනව. අනුන්ගෙ අතපෙවීමකින් වුනත් තමුන් අනවශ්‍ය තීරණයක් ගන්නවනං ඒක තමුන්ගේ වරදක් තමයි. ඒත් හැමෝම දැනගන්න ඕන අවශ්‍යතාවයකදි ඇරෙන්න අනුන්ගෙ ජීවිතවලට ඔපීනියන් නොදී ඉන්න. මේක ඉතිං බහුලවම සිද්ධ වෙන්නෙ ලොකු වැඩක් නැතුව ගෙවල්වලට වෙලා ඉන්න ඕප සප්ලයි කරන ඇන්ටිලාගෙන් නිසාම, අපි ලියනව ඇන්ටිලා අනුන්ගෙ ජීවිතවලට අතදාන අවස්ථා 7ක් ගැන කතාවක්.

 

1. තාම ඉගෙනගන්නවද?

bad aunties

Image Source – youtube.com/adelaide.edu.au

ඒ අයට කොල්ලෙක් කොච්චර හොඳට ඉගෙනගන්නවද? මාස්ටර්ස් තියා කොටිම්ම පීඑච්ඩී කළත් අදාළ නෑ. එයාල ජොබ් කරන අයගෙන් “දැන් ඉගෙනීම නවත්තලද තියෙන්නෙ?” කියල අහන කටිම්ම ඉගෙනගන්න අයගෙන් “ජොබ් කරන්නෙ නැද්ද?” කියලත් අහනව. ඒ විස කෙලිම්ම දාන්නෙ අපේ හිතට. අපිට අපේ අනාගතේ ගැනම බයක් ඇති කරවනව. දැන් ඉතිං ඩිග්‍රි කරාට වැඩක් නෑ. ප්‍රයිවට් කැම්පසුත් තියෙන නිසා ඕනතරං ඩිග්‍රිකාරයො එනව වගේ බොරු බියක් ඇති කරනව. ඉගෙනීම පැත්තකට දාලා ජොබ් එකක් හොයාගත්තනං තමයි හොඳ කියන එක අන්තිමට ඒ අය අපේ කටින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නව. ඉතිං දිගු කාලීන ප්ලෑන් වතුරෙ දාලා අපි අනිත් අය අපේ ඔලුවට දාපු හීනෙ එරෙනව.

 

2. දැන් මොකක්හරි පටලවං ඇති

bad aunties

Image Source – youtube.com/realsimple.com

ඔන්න මේ තමයි අම්මගෙ ඔලුවට දාන විස. “දරුවා දැන් හරි හැඩයි නේද?” කියල තමයි කතාවට එන්නෙ. කොයි අම්මටද තමුන්ගෙ දරුවා ලස්සනයි කිවුවම ආස නොහිතෙන්නෙ. ඉතිං අම්මලත් නොදැනිම උගුලෙ වැටෙනව. ඔච්චර හැඩ වෙලා යන්නෙ නං කෙල්ලගෙ මොනවහරි ඇති. මම පාරෙ දකින හැම වෙලාවකම ෆෝන් එක කනේ. සිරික්කියෙන්මයි ගමන කියල ගින්න අවුලල යනව. ඉතිං ඒ මොහොතෙ ඉඳන් අම්මට දුවගෙ පේන්නෙ සැක කරන්න දේවල්මයි. සැකෙන් බලනකොට කොහොමත් සැකසහිත දේවල්මනෙ පේන්නෙ. ඉතිං ඔය විදියට දේවල් සිද්ධ වෙලා හොඳට තියෙන ජීවිතවල ඉරණං මහා කාලකන්නි විදියට විසඳන්න දෙමවුපියො පෙළඹෙනව.

 

3. පුතා හැමදාම රෑ වෙලා නේද එන්නෙ?

bad aunties

Image Source – 5stardurban.com

මේ අම්මගෙ ඔලුවට විස දාන දෙවනි ක්‍රමේ. කොල්ලො ගෙවල්වලට රෑ වෙලා එන හේතු ගොඩක් තියෙනව. එක්කො ජොබ් ඉවරවෙලා යාලුවො එක්ක සෙට් වෙලා, එහෙමත් නැත්තං ජොබ් කරලා රෑට ලෙක්චර්ස් ගිහින්, නැත්තං පාට්ටයිම් ජොබ් එකක්, නැත්තං ඕටී කරල ඇති, නැත්තං පාඩං කරනව, නැත්තං ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින්. ඔය කිසිම දෙයක් දැනුම් තේරුම් තියෙන මිනිහෙකුට අනුව වරදක් නෙමෙයි. මිනිස්සු තමුන්ගෙ අනාගතේ ශක්තිමත් කරගන්න වගේම ජීවිතේ විඳින්නත් ඕන. හැබැයි අපි හෙඩිමට දාපු ප්‍රශ්න කන වැකෙන අම්මලට තමන්ගෙ දරුවට නරකක් වෙයි කියලමයි හිතෙන්නෙ. ඉතිං කලින් කතාවෙ විදියටම ඒ ජීවිත ඉරණමත් නරක ‌විදියට විසඳෙන්න පුළුවන්.

 

4. දැන් කසාදයක් බඳින්න කාලෙ

bad aunties

Image Source – time.com

මේ ඇන්ටිලා සාමාන්‍යයෙන් ගේ ඇතුළට වෙලා ඉන්නෙ නෑ. තාප්පෙ උස අඩු තැනක් නැත්තං ගේට්ටු පළුව හරි ඇරගෙන වික්ටිම් කෙනෙක් පාරෙ එනකං ඒ අය බලං ඉන්නෙ. වැරදිලාවත් ගෑණු ළමයයි පිරිමි ළමයයි දෙන්න එකට යනව දැක්කොත් මෙයාලා එබෙනවම තමයි. “ආහ් වෙනදට දකින්නෙ ඉතිං පුතාව විතරනෙ. මෙයාද ඒ දුව? කොහෙද ඉතිං මේ හවස් ජාමෙ ගියෙ? දැන් දෙන්න එකට ගමන්බිමනුත් යනවනං ඉතිං වයසත් හරිනෙ කසාදයක් බඳින්න.” ඔන්න ඔහොමයි විසබීජෙ ගෑණු ළමයගෙ ඔලුවට දාන්නෙ. ගෑණු ළමයට පේන්නෙ මේ ඇන්ටි මට වෙන්න හදන සමාජ අපවාදෙන් ගලවගන්න ආපු දේවතාවියක් කියල. ඉතිං රණ්ඩු පිට රණ්ඩු වෙලා අන්‍යෝන්‍ය අවබෝධයක් නැති දෙන්නෙක් කසාද බැඳලා, රණ්ඩු පිට රණ්ඩු සමාජෙට ඉතුරු වෙනවා.

 

5. අපේ පුතත් ගත්තනෙ කාර් එකක්

bad aunties

Image Source – kwhs.wharton.upenn.edu

කොල්ලො කොහොමත් වාහනවලට ආසයි. හැබැයි එයාලා වාහනයක් නොගන්න හේතු බොහෝමයක් තියෙනව. සමහරු රට යන්න ප්ලෑන් කරගෙන ඉන්නව. සමහරු ඉන්නව මහලොකු ගමන්බිමන් නැති නිසා තමුන්ට කියල වාහනයක් අරගෙන වැඩක් නැති. සමහරුන්ට වාහනයකට වඩා තමුන්ගෙම ගෙයක් වැදගත්. තවත් සමහරු වාහනයක් අරගෙන රිස්ක් එකක් ගන්න කැමති නෑ. සමහරු වාහනයක් ගන්න තව ටිකක් සල්ලි ඉතුරු කරගන්න හිතන් ඉන්නව. ඉතිං මෙහෙම වෙලාවක එයාගෙ පුතා ගත්තු කාර් ගැන ගහන පම්පෝරි, කාර් එකක් නැති හිතකට අවුලක් බව තේරුම්ගන්න අවුරුදු 15 පැනපු ඕනම මිනිස් මනසකට පුළුවන්.

 

6. තාම ළමයි නැත්තෙ ඇයි?

bad aunties

Image Source – besttennews.com

කසාද බැඳපු ජෝඩුවලට ළමයි නැත්තෙ ඇයි? ඒකටත් හේතු ගොන්නක් තියෙන්න පුළුවන්. එයාලට ලෙඩක් වෙන්න පුළුවන්, එයාලා ළමයි හදන්න කැමති නෑ වෙන්න පුළුවන්, එයාලට දැම්මම ළමයෙක් හදන්න තරම් ආර්ථික තත්ත්වයක් නෑ වෙන්න පුළුවන්, එයාලගෙ කලබලකාරී ජීවිතයට ළමයෙක් එන එක අවුලක් වෙන්න පුළුවන්. ඉතිං මේ මොකුත් හොයන්නැතුව අනිත් මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරන්න මේ ඇන්ටිලට තියෙන්නෙ පුදුම හැකියාවක්. ඉතිං ඒ අතරෙම හොඳ කපුවො, හොඳ දොස්තරලා ගැනත් කියන්නෙ එයාලා දරුවො නැත්තෙ ඇයි කියන එක අඟවන්න වගේ.

 

7. අම්මලට ඔහොම කරාම හරිද?

bad aunties

Image Source – sykesassistance.com/videoblocks.com

අම්මලා හැමදාම පතන්නෙ තමුන්ගෙ දරුවොන්ගෙ සුබසිද්ධිය. හැම මනුස්සයම උත්සාහ කරන්නෙ පදිංචියට රට යන්න වුනාට, රට යන්න අවස්ථාවක් ලැබෙන්නෙ එහෙමත් මනුස්සයෙකුට තමයි. ඉතිං ඒ වෙලාවට තමුන්ගෙ පවුලේ අයත් බැලන්ස් කරලා, හැමදේම උකස් කරගෙන ගහන ගේම දන්නෙ රට යන්න දත කන මිනිස්සු විතරයි. ඉතිං මේ ඇන්ටිලා තියෙන ඉරිසියාව හෝ මොකක් හෝ උඩ අම්මලගෙ ඔලුවට විස දාන්නෙ ඒ විදියටයි. සල්ලි විතරක් එවල වැඩක් තියෙනවද? “මෙච්චරකල් උස්මහත් කරපු අම්මලව මෙහෙම අමතක කරාම හරිද?” කියල ෆෝම් කරාම අම්මලගෙ කටිනුත් නොදැනුවත්වම වැරදි වචන ටෙලිෆෝන්වලින් හුවමාරු වෙනවා.

 

අන්තිමට මේකත් කියන්න ඕන. අනුන්ගෙ ජීවිතවලට අතදාන අය ඒ අය මොනතරම් සාර්ථක තත්ත්වෙක හිටියත් ඒ දේ කරනව. එනිසා තමුන් නොහිතා නොබලා කිසිම විදියකට මනසින් වැටෙන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *