තාවකාලික කාර්යාලයක් සොයන ඔබට විසඳුම් මෙන්න

Smart Space

විශාල පරිමාණයේ ව්‍යාපාර සහ වැඩකටයුතු වලදී සෑම විටම පාහේ ඒ අයට වෙනමම ඔෆිස් ස්පේස් තියෙනවා. ඒත් අලුතින්ම බිස්නස් එකක් හෝ පොඩි වැඩ කටයුත්තක් පටන් ගන්නකොට කොහොමද අපි කාර්යාල පසුබිමක් වෙන් කරගන්නේ? මේ සඳහා තාවකාලික ඔෆිස් වටපිටාවක් වෙන්කරගන්න ස්මාට් ක්‍රමයක් දැන් ඇවිත් තියෙනවා. අපි රටකින් රටකට ගියත් හැම ප්‍රධාන නගරයකම වගේ මේ පහසුකම තියෙන තැන් තියෙනවා. බිස්නස් ඩීල් එකකට රට ගියත් ඒ වගේ තැනක් ගූගල් කරලා හොයාගත්තොත් අපිට පුලුවන් අපේ වැඩේ ඒ අවකාශයේදී සාර්ථකව කරන්න. විදුලිය, වායුසමන පහසුව, පුටු, මේස පමණක් නෙමෙයි, අවශ්‍ය නම් මීටින් රූම්, ශීතකරණ, මයික්‍රොවේව් අවන් වැනි පහසුකම් වුනත් මේ ස්මාට් ස්පේස් හරහා අපිට ලැබෙනවා. අපිට තිබෙන කාර්යය අනුව දවසකට, මාසෙකට හෝ අවුරුද්දකට වශයෙන් මෙම අවකාශ අපිට මිලදී වෙන්කරගන්නත් හැකියාව තියෙනවා. ලංකාවේ එහෙම තියෙන තැන් මොනවද? අපි ටිකක් සොයා බලමු.

 

1. AIMS Smart Hub

Smart Space

Image Source – visitsrilanka.com

විදෙස් රටකින් ලංකාවට එන කණ්ඩායමක් එක්ක මොනාහරි වැඩක් ඇරේන්ජ් කරගන්න පොඩි මීටින් එකක්, වැඩක් ප්ලෑන් කරගැනීමක් වගේ යෙදෙනවා නම් කොළඹට වඩා මීගමුව ඒකට ගැලපෙනවා. මොකද එයාපෝට් එකට ළඟ මීගමුව, විදෙස් රටවලින් එන අය ආස කරන තැනක්. මීගමුවෙ තියෙන ඒ. අයි. එම්. එස්. ස්මාට් හබ් එකේ ඉන්ටනෙට්, වායුසමන පහසුව, ලන්ච් රූම්, කිචන් එක එක්ක අවකාශයක් වෙන් කරගන්න පුලුවන් බොහොම සාධාරණ ගාණකට. අවශ්‍ය නම් මාසයක කාලයකට වුනත් මේකෙන් අවකාශයක් වෙන්කරගන්න හැකියාව තියෙනවා.

දුරකථන – 0777669757

 

2. Business Hubs

Smart Space

Image Source – businesshubs.lk

රාජගිරිය, කොල්ලුපිටිය, නුගේගොඩ සහ ගල්කිස්ස කියන ස්ථාන 4කම බිස්නස් හබ් පොයින්ට්ස් තියෙනවා. නගර හතරකම තියෙන නිසා ට්‍රැෆික් එකේ කොළඹ කරක් ගහන්නේ නැතිව පහසු දිශාවක අපේ ඔෆිස් පහසුකම සලසාගන්න මේ නිසා හැකියාව තියෙනවා. අධිවේගී අන්තර්ජාල පහසුකම්, කාර්යාල වේලාවෙන් පසුවත් වැඩකරන්න හැකියාව වගේම තවත් අමතර මාකටින් සේවා, තාක්ෂණික සේවා වගේම ෆයිනෑන්ස් සොලියුෂන් ආදියත් මේ ස්මාට් හබ් එකෙන් ලබාගන්නට හැකියි. ස්මාට් හබ් එකෙත් මීටින් රූම් සහ ලෝන්ජ් ඒරියා එකක් වෙන්කරගන්නත් හැකියි.

දුරකථන – 0727268078

 

3. Orion City

Smart Space

Image Source – facebook.com

ඔරායන් සිටි එක කියන්නේ ටිකක් ලොකු තැනක්. අවශ්‍ය කරන ඔෆිස් වටපිටාවක් ස්ථාවරව පවත්වාගෙන යන්නත් ඔරායන් සිටි එකෙන් ස්පේස් එකක් වෙන්කරගන්නට හැකියි. දැනටම ඔරායන් සිටි එකේ අයිටී සමාගම් කිහිපයක්ම තමුන්ගේ කාර්යාල ආදිය පවත්වාගෙන යනවා. බිස්නස් එකක් මුලින්ම පටන් ගන්න අයට පොඩි අවකාශ වල ඉඳන් ඔෆිස් එකේ ඇතිවෙන ටිකක් ලොකු අවශ්‍යතාවයන්ට අනුකූළව අවකාශ සකස් කරගන්නත් ඔරායන් සිටි එකේදි අවස්ථාව ලැබෙනවා.

දුරකථන – 0112692255

 

4. Regus

Smart Space

Image Source – inhabitat,com

රෙගස් කියන්නේ ජාත්‍යන්තරවත් ජනප්‍රිය, ලෝකේ වටේ ස්ථාන 3000ක් වගේ පිහිටලා තියෙන ඔෆිස් ෂෙයාර් කරගන්න පහසුව සපයන ජාලයක්. මේ ජාලයේදීත් දෛනිකව, සතියකට හෝ අවුරුද්දකට ආදී ලෙසින් අවකාශ වෙන්කරගන්න අවස්ථාව තියෙනවා. වින්ඩෝ ඔෆිස්, ඉන්ටීරියර් ඔෆිස් සහ කෝ වර්කින් කියලා වර්ග තුනක ස්පේස් වෙන්කරගන්නත් රෙගස් හරහා අවස්ථාව ලැබෙනවා. රෙගස් වල ඉන්ටවිව් කරන්න පහසුකම්, ප්‍රසන්ටේශන් තියන්න තැන් වගේම, ට්‍රේනින් කරන්න අවකාශත් අවශ්‍යනම් මිලදී ගන්නට පුලුවන්.

දුරකථන – 0117555050

 

5. HUB9

Smart Space

Image Source – coworker,com

හබ් නයින් කියන්නෙත් අවශ්‍ය ඔෆිස් වටපිටාව හදාගන්න කොළඹින් වෙන්කරගන්න පුලුවන් හොඳ තැනක්. මෙතැන ලොකු ඔෆිස් වටපිටාවක් වගේම, අපිට වැඩක් නිවිහැනහිල්ලේ කම්පියුටර් එකෙන් කරගන්න හැකි තැනක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්. අපිට රාජකාරි වැඩක් තියෙද්දි ගෙදරදි තියෙන වටපිටාවේ ඒක කරන්න අමාරු වෙන අවස්ථා කොතෙකුත් තියෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවක නිවිහැනහිල්ලේ වැඩ ටික කරගන්න මේ වගේ තැනක් නියමයි. කොළඹ 5, පාක් ගාඩ්න් වල තියෙන මේ අවකාශයේ කැම බීම ලබාගන්න පහසුකමත් ලබාගන්න හැකියි කියලා තමයි එයාලගේ ෆේස්බුක් පිටුවේ තිබුනේ.

දුරකථන – 0777292950

 

6. Agaya Holdings

Smart Space

Image Source – facebook.com

අගායා එක කලින් තිබුනේ අවුට්සෝසින් සමාගමක් විදියට. දැන් අගායා එකෙන් බිස්නස් ස්පේස් ලබාදෙනවා සාමාන්‍ය මිලකට. ටේබල් එක, පුටුව, විදුලි සැපයුම්, වායුසමන පහසුව, අධිවේගී අන්තර්ජාල පහසුකම් එක්ක එක අයෙකුට අවශ්‍ය අවකාශයක් වුවත් වෙන්කරගන්න අගායා එකේදි පුලුවන්. අගායා හෝල්ඩින් එකේ ඔෆීස් ස්පේස් තියෙන්නේ නුගේගොඩ ගංසබා හන්දිය පැත්තේ.

දුරකථන – 0112829014

 

7. Likuid Spaces

Smart Space

Image Source – coworkbooking,com

කොළඹ වෙළඳ නගරයේ වටිනාම ඉසව්වක් වෙන කොල්ලුපිටියේ පිහිටා තියෙන ලික්විඩ් ස්පේසස් හරහාත් කාර්යාල කටයුත්තක් කරගන්න ඕනි සියලුම පහසුකම් එක්ක අවකාශයක් ලබාගන්නට හැකියි. මෙතැනදී ප්‍රින්ටර් සහ ස්කෑනින් පහසුකම්ද ලික්විඩ් ස්පේස් වල තියෙනවා. වතුර, කෝපි සහ තේ නොමිලේම ලැබෙන ලික්විඩ් ස්පේස් එකේ පොඩි කිචන් එකක් සහ බඩු ටිකක් තියාගන්න පැන්ට්‍රියකුත් ලැබෙනවා. පෑ 24ම ඇක්සස් තියෙන මේ ලික්විඩ් ස්පේස් එක නිව්යෝක්, ස්ථාන්බුල්, බාලි වගේ ජාත්‍යන්තර ප්‍රසිද්ධ නගර වල පවා තියෙන ස්පේස් ෂෙයාරින් පොයින්ට් එකක්.

දුරකථන – 0776083621

 

සයිබර් ස්පේස් එක සහ කම්පියුටර් හරහා කරන මෙහෙයුම් කටයුතු වැඩිදියුණු වෙද්දි මේ ආකාරයේ ස්මාට් ඔෆිස් ස්පේස් ඉක්මනින්ම ජනප්‍රිය වුනා. වෙනදා වගේ අපිට නියමිත කාර්යාලීය වටපිටාවක් සොයාගෙන සොයාගෙන ගිහින් වැඩ කරන වටපිටාවක් වෙනුවට, දැන් වැඩකරන්න තියෙන විදිය ටිකක් වෙනස්. පොඩි වැඩක් හිමිහිට පටන් ගනිද්දි, අයිටී සොලියුෂන් එකක්, වෙනත් කාර්යාල වැඩක් තව කෙනෙක්ට සප්ලයි කරන්න අපිට ලැබෙද්දි, අපිට එකපාර ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බැහැ. ඉතිං එහෙම අයට මෙවැනි අවකාශයක් කියන්නේ ලොකු චාන්ස් එකක්. හොඳ යාලුවෙක් විදියට ඔයාලටත් පුලුවන් අනෙක් යාලුවො මේ තැන් ගැන දැනුවත් කරන්න මේ පෝස්ට් එක ෂෙයා කරන්න.

Cover Image Source – blog.flyspaces.com / spacesworks.com / clayworks.space

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *