ෆ්‍රීලාන්සර් කෙනෙක් ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරද්දි හිතන්න ඕනම දේවල්

things to consider-when-a-freelancer works with a client

ජොබ් එකක් කර කර හිටපු සමහරුන්ට ජොබ් එකේ වාතාවරණය අනුව ෆ්‍රීලාන්සර් කෙනෙක් වීම මහඟු වාසියක් විදියට ඇස් ඉස්සරහ පිට දිලිසි දිලිසි පෙනෙන්න ගන්නවා. ඒ විදියට පෙනෙද්දි නොදැනිම ඒ පැත්තට තල්ලු වෙන එක සාමාන්‍යයක්. නමුත් ඒක ඔබ හිතනවාට වඩා කට්ටක්. උදාහරණයකට රස්සාවකදි ඔබට නිශ්චිත වැඩක් පැවරෙනවා වගේම මාසය අවසානයට ඔබට ඒ වෙනුවෙන් වැටුපක් ගෙවනවා. නමුත් ෆ්‍රීලාන්සර් කෙනෙක් වැඩක් හොයාගැනීම, ඒ වැඩේ සැලසුම් කිරීම, ගෙවීම් කතාකරගැනීම ආදී සියළු දේ තමන් විසින්ම සිදුකරගත යුතුයි. අන්න ඒ නිසා ෆ්‍රීලාන්සර් කෙනෙක් ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩක් කරන්න කලින් මේ දේවල් හිතන්නම ඕන.

 

1. ක්ලයන්ට්ගෙ වටපිටාව

things to consider-when-a-freelancer works with a client

Cover Image Source – promotumservices.com

සාමාන්‍යයෙන් වැඩක් කරන්න කලින් ක්ලයන්ට් කෙනෙක් ගැන හොයලා බලලා ඉන්න එක ඇඟට ගුණයි. අපි කරන වැඩේ දාහකුත් එකක් වැරදි හොයන, අපි කරන වැඩේ බාල්දු කරන, නිසි පිළිවෙලට ගෙවීම් නොකරන, වැඩේ කරගත්තාට පස්සෙ මුදල හෙට්ටු කරන ක්ලයන්ට්ලා ඕනතරම් ඉන්නවා. ඒ ව‌ගේම ඒ වගේ අය ගැන අතිශය ඉක්මනින් තොරතුරු පැතිරෙනවා. අන්න ඒ නිසාම තමුන් වැඩක් බාරගන්න පෙරාතුව තමුන් වැඩකරන්න යන ක්ලයන්ට් ගැන පොඩියටවත් බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරන එක වටිනවා.

 

2. වැඩේ සැලැස්ම

things to consider-when-a-freelancer works with a client

Cover Image Source – pixabay.com

පළමුවෙන්ම ඔබ ඔබේ ක්ලයන්ට් එක්ක වැඩේ ගැන කතා කරගත යුතුයි. සිදුකරන්නට ඇත්තේ කුමක්ද? ඒ නිර්මාණය හෝ නිෂ්පාදනය වෙනුවෙන් ඔබට නීති පද්ධතියක් පැනවෙනවාද? එසේත් නැතිනම් ඔබට සිතැඟි ලෙස වැඩකටයුතු කරන්නට නිදහස තිබෙනවාද? අදාළ ව්‍යාපෘතිය සිදුකරන කාලය සහ කාල සීමාව හෙවත් ඩෙඩ්ලයින් ගැන කතාකරගැනීම මෙන්ම අවසානයේ මෙම සියළු වැඩකටයුතු ‌භාරගැනීමට පෙර කතාකරගත් සැලසුමට ගිවිසුම්ගත වීමත් වැදගත්. කටු අඩු කරගැනීම සඳහා දෙදෙනාම එකඟතාවලට පැමිණීම අතිශය වැදගත්.

 

3. වැඩේ හැටි

things to consider-when-a-freelancer works with a client

Cover Image Source – pixabay.com

ක්ලයන්ට් එක්ක මූලික සැකැස්ම කතාකරගත්තාට පසුවත් වැඩේ බාරගන්න මොහොතකට පෙරාතුව දෙපාරක් හිතන එක වටිනවා. ක්ලයන්ට් ගෙවන්නට එකඟ වූ මුදල සාධාරණයිද කියන දේ එතනදි අනිවාර්යයක්. සාමාන්‍යයෙන් ඔබ ලෝගෝ එකක් නිර්මාණය කරන්නට රුපියල් 15,000ක් අයකරනවා යැයි කියමු. නමුත් සෑම ලෝගෝ එකකටම එම නිශ්චිත මුදල අයකරන්නට පෙර අදාළ ව්‍යාපෘතියට එම මුදල සාධාරණයිද කියා ඔබ සිතිය යුතුයි. ඔබට බොහෝ නීති රීති දමන ව්‍යාපෘතියකදී ඔබේ මිල ඉහළ දැමීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම ව්‍යාපෘතියේ අදියර කිහිපයක් ඇත්නම් හෝ කෙටි කලකින් විශාල වැඩකොටසක් කරන්නට ඇත්නම් එයත් ඔබේ මිල ඉහළ දමන්නට හේතුවක්.

 

4. ඔබේ මිල

things to consider-when-a-freelancer works with a client

Cover Image Source – library.gv.com

ඔබේ මිල නිවැරදි ලෙස සකසා ගැනීම ඔබේ ප්‍රධානම වගකීමක්. සැබැවින්ම තමුන්ගේ වැඩකට ගාණක් නිර්ණය කිරීමත් කලාවක්. ඔබේ මහන්සිය, ඔබ යම් වැඩකටයුත්තක් වෙනුවෙන් යොදාගන්නා භාණ්ඩ, ඔබ එම වැඩකටයුත්ත සාර්ථක කරගැනීමට වසර ගණනක් ලැබූ අධ්‍යාපනය සහ අත්දැකීම් ගැන හිතලා ඔබේ මිල තීරණය කරන්න. ඒ විදියට මිල තීරණය කරන්න ඔබට සාමාන්‍ය ගණනක් හදාගන්නත් පුළුවන්. උදා – වැඩ කරන පැයකට රුපියල් 3,000යි, පිටුවකට රුපියල් 1,000යි, ලෝගෝවකට රුපියල් 10,000යි.

 

5. ගනුදෙනු

things to consider-when-a-freelancer works with a client

Cover Image Source -donaldhogan.wordpress.com

ගනුදෙනු සිද්ධ වීම තමයි මේ වැඩකටයුත්තේ වැදගත්ම අංගය වෙන්නෙ. ඔබට දැනගන්න වෙනවා ඔබේ ගනුදෙනුවේ සැලැස්ම. ඔබේ සම්පූර්ණ මුදල පියවෙන්නේ වැඩේ අවසන් කළ විටද? රෆ් එකක් බලලද? ඇඩ්වාන්ස් එකක් දෙනවද? කියන දේ ඔබ මුලින්ම කතිකා කරගත යුතුයි. ගෙවීම සිද්ධ වෙන්නේ කොහොමද? ගෙවීම් සිද්ධ කරන තුරු ඔබ අවසන් නිර්මාණය හෝ නිෂ්පාදනය ක්ලයන්ට් වෙත යවන්නේ නැතිද යන කාරණා ගැනත් ඔබටම සරිලන සැලැස්මකට පැමිණිය යුතුයි. ඒ වගේම මිල මුදල් පිළිබඳ වහෙන්ඔරෝ භාෂාවෙන් කතා නොකර සෘජුව කතා කළ යුතුයි.

 

6. ඔබ නොසිතන පැති

things to consider-when-a-freelancer works with a client

Cover Image Source -mydrawingblog.com

ඔබ විසින් සිදුකරන අමතර වැඩවලට අමතරව මුදල් අයකිරීම් අනිවාර්යයෙන් සිදුකරන්න. එලෙස සිදුකරන අමතර වැඩ වෙනුවෙන් ගතවන කාලය ප්‍රධාන ව්‍යාපෘතියේ කාල පරාසයට කිසිසේත්ම බාධාවක් කරනොගන්න. උදාහරණයකට ඔබ යම් ව්‍යාපෘතියක් දවස් තුනකින් නිම කර දෙන්නට පොරොන්දු වූවා නම්, ඒ අතරට එන අමතර වැඩකටයුතු නිසා එය දවස් පහක් දක්වා දිග්ගැස්සුනානම් එහි වරද කිසිසේත්ම ඔබේ කරපිටට ගන්නට එපා. ඒ වගේම හදිසියේවත් වැඩේ අතරමග අත්හැර දැමුවොත් ඔබටත් ඔවුන්ටත් පාඩු නොවන එකඟතාවයකට පැමිණීමත් වටිනවා.

 

7. ලොකු ජොබ් එකක් ගන්න

things to consider-when-a-freelancer works with a client

Cover Image Source -wrike.com

ඔබ නොකරන වැඩක් වුනත් භාර අරගෙන, ඔබේ කොටස ඔබ විසින් සිදුකර, අනෙක් කොටසට පිටස්තර කෙනෙක් හයර් කිරීමේ හැකියාව ඔබ සතුයි. ක්ලයන්ට් කෙනෙකුට තමුන් එක වැඩක් විතරයි කරන්නෙ කියල ඩිමාන්ඩ් කරනවට වඩා සම්පූර්ණ වැඩේ භාරගැනීමෙන් අතට එන වාසි ගොන්නක් තියෙනවා. එයින් අතට එන ගාණත් වැඩියි වගේම ඔබටත් නොදැනිම ඔබ ව්‍යාපාරිකයෙක් විදියට දියුණු වේවි. උදාහරණයකට බිස්නස් කාඩ් එකක් ඩිසයින් කිරීමෙන් නොනැවතී එය ප්‍රින්ට් කිරීමේ කාර්යයත් සිදුකරන්න. ඒ විදියට ඔබේ ස්ට්‍රීම් එකේ යන අනෙකුත් පොඩි වැඩ කරන්න ඔබටම හිතෛෂී කිහිපදෙනෙකු සොයාගැනීමත් අනිවාර්ය වාසියක් වේවි.

Cover Image Source – hiveage.com/ pixabay.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *