ලොවක් වසඟ කරගත් ලෝකයේ රූමත්ම ක්‍රීඩිකාවෝ 7දෙනෙක්

gorgeous sportswomen in the world

ස්ත්‍රී රත්නේ ලෝකයේ මොන මොන ක්ෂේත්‍රවල හිටියත් රූපේ ගැන සෑහෙන හිතනවා නොවැ. සමහරු නම් ඉන්නවා ඒ තරම් තැකීමක් නොකෙරුවත් සෑහෙන ලස්සන. තවත් ඉන්නවා උපන් ස්වරූපය අවුල් නිසා එක එක ජිංගිබිරිස් මූණේ උලාගෙන රූමත් වුණ. ක්‍රීඩාව එක්ක සම්බන්ධ කාන්තාවන් නම් මූණේ සන්ක්‍රීම් ටිකක් ගානවා හැරෙන්න වෙන මක්කා කරනවද මන්දා. සුවබර ජිවිතයක් තියෙන නිසා ශරීර හැඩය නම් ගතියට ම තියනවා. එහෙමයි කියලා මූණ කචල් ඇඟ සුරතල් නැති රූමත් ක්‍රීඩිකාවෝ ලෝකේ හැමතැනම. ඒ අතරින් කීප දෙනෙක් තමයි මේ.

 

1. සානියා මිර්සා

gorgeous sportswomen in the world

Source – wikifeet.com

ඉස් ඉස්සෙල්ලාම හැරෙන්නේ අසල්වැසි දේශේ දිහාවට. ඉන්දියානු ජාතික සානියා මිර්සා කියන්නේ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ෂොයිබ් මලික්ගේ මායියාට. ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට හය වතාවක් වග කියපු සානියා ආසියානු ක්‍රීඩා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟවලදී ඉන්දියාවට පදක්කම් කීපයක්ම ලබා දීලා තියෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දෙයියන්ට වගේ සලකන රටක ඉපදුණ එකත් සානියාට හරි ගිහින් ඇති පාටයි. ඉන්දියාවේ හැම දෙනාම වගේ සානියාට හෙන ආදරෙයි. ටෙනිස් පිටියේදී ඉන්න සානියාම ද කියලා හිතෙනවා සාරිය ඇඳලා ෆුල් හින්දුස්තානි වුණාම. ඉන්ස්ටාග්‍රෑම් ගිණුම පැත්තේ එහෙම ගිහින් සුවදුක් බලලා එන්නකෝ

 

2. එලීස් පෙරී

gorgeous sportswomen in the world

Source – cricket.com.au

ලස්සන කෙල්ලෝ දැක්ක ගමන් මෙලෝ රහක් නැති උන් කියලා හිතන්න පෙළඹෙන එක උපන් තැනම විහිළුවක් වෙන්නේ එලීස් වගේ ගෑල්ලමයි දැක්කම. ඉටි රූපේ වගේ හිටියට ෆුට්බෝල් නම් එහෙමයි ක්‍රිකට් නම් ඒත් එහෙමයි. ඕස්ට්‍රේලියානු ජාතික මේ සුරූපිනිය ෆුට්බෝල් ගහන්නත් ක්‍රිකට් සෙල්ලම් කරන්නත් එක වගේ දක්ෂ වුණාට දැන් ෆුල් ටයිම් ක්‍රිකට් ක්‍රීඩිකාවක්. ඕස්ට්‍රේලියාවේ කාන්තා ක්‍රිකට් ජාතික සංචිතය නියෝජනය කරන ඇය ක්‍රීඩාවට එන්නේ යන්තම් අවුරුදු 20ක් පිරෙන්නත් කලින්.

 

3. ස්ටෙෆනී රයිස්

gorgeous sportswomen in the world

Source – myaccount.news.com.au

ඕස්ට්‍රේලියාව ලෝකෙට දුන්න තවත් ලස්සන දක්ෂ තෑග්ගක් තමයි ස්ටෙෆනී කියන්නේ. වතුරත් එක්ක වැඩ කිඩ දාපු ඇයව ලෝකේ ම අඳුරගත්තේ පිහිනුම් ශූරියක් විදියටයි. ශූරියක් වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි රටට කීර්තියක් ගෙනත් දුන්න නිසා. පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවල ඉඳලා ඔලිම්පික් දක්වාම දිගු ගමනකින් පස්සේ ක්‍රීඩාවට සමු දුන්නත් රූප සම්පත්තියට සමුදුන්න පාටක් නම් නැහැ.

 

4. ඇලිසන් ස්ටෝකි

gorgeous sportswomen in the world

Source – thegolfnewsnet.com

ඕනෑම ලැයිස්තුවකට ඇමරිකාවෙනුත් සම්මාදමක් තියෙනවාම තමයි නේ. ඇමරිකාවේ ඇලිසන් රිටි පැනීමේ ශූරියක්. නිකන් ම නෙවෙයි සරාගී ශූරියක්. ඇය ක්‍රීඩාවට ආවත් හරි ඇගේ තියෙන සරාගී ගතිය ගැන අන්තර්ජාතිකව ලොකු කතාබහක් ඇති වුණා. ජාතික තලයේ දස්කම් පෙන්වීම උපරිම වුණත් ඔලිම්පික් වගේ ලොකු අතුවල එල්ලිලා හරියට ගෙඩි කඩාගන්න ඇලිසන්ට හැකියාව තිබුණේ නැහැ. හැබැයි රත්තරනින් කරා වගේ රූපයක් තියෙන නිසා Nike සහ GoPro වගේ ආයතනවල ක්‍රීඩා නිරූපිකාවක් බවට අද ඇය පත්වෙලා.

 

5. මාරියා ෂරපෝවා

gorgeous sportswomen in the world

Source – rbth.com

ග්රෑන්ඩ් ස්ලෑම් වගේ ම ඔලිම්පික් පදක්කම්වලටත් වග කියන මාරියා ලෝකේ පුරාම උන්මාදයක් ඇති කරන ක්‍රීඩිකාවක්. රුසියානු ජාතික ටෙනිස් ක්‍රීඩිකාවක් වන ඇය ෆෝබ්ස් සඟරාවට අනුව අවුරුදු එකොළහක් පුරාවට වැඩිම ආදායමක් ලැබූ ක්‍රීඩිකාව විදියට සඳහන් වෙනවා. ඇගේ තියෙන රූමත්කම නිසාම ක්‍රීඩා සම්බන්ධ හා ඒවත් එක්ක මෙලෝ සම්බන්ධයක් නැති ආයතන කීපයකම නිරූපිකාව වශයෙන් සහභාගී වෙලා ඉඳලා තියෙනවා.

 

6. නටාෂා හේස්ටින්ග්ස්

gorgeous sportswomen in the world

Source – athleticsweekly.com

ඇමරිකාවෙන් පායපු තවත් ජවන සහ පිටිය තරඟකාරිනියක්. දුවන්න ගත්තම අශ්වයෙක් වගේ. බලන් ඉන්න ආසයි. ඇමරිකන් ජාතිකයෙකු විදියට තරඟ වැදුණත් ඇය කලු ජාතිකයෙක්. ඔවුන්ට හිමි ජවය අඩුවක් නැතුව ලැබිලා නිසා බබා වගේ දුවලා ඔලිම්පික් පදක්කම් ගන්න පුළුවන් වුණා. දුවන්න විතරක් නෙවෙයි ඊටත් වඩා දේවල් හිතන්නත් ඇය දක්ෂයි. විශේෂයෙන් ම රූපය සම්බන්ධව. කියවලා බලන්න.

 

7. සාරා ටේලර්

gorgeous sportswomen in the world

Source – pinterest.com

ලෝකේ ලස්සනම ක්‍රීඩිකාවෝ හොයාගෙන යන ගමනක අන්තර්ජාලය පුරා හැමෝම ආදරය කරන චරිතයක් තමයි එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න සාරා. ඇයට තියෙනවා ආකර්ෂණීය හිනාවකුයි දීප්තිමත් ඇස් දෙකකුයි. වසර කීපයක දී ම ICC එකෙන් දෙන හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මාන ඇය ලබාගන්නේ ලස්සන වගේ ම වැඩකිඩත් තියෙනවා කියලා පෙන්නන්න වගේ.

 

රූමත්ම ක්‍රීඩිකාවො ගැන විතරක් නෙමෙයි, ලෝකයේ කඩවසම්ම ක්‍රීඩකයෝ ගැනත් අපි ලිපියක් ගෙන ආවා. ඒක මෙතනින් කියවන්න පුළුවන්.

Cover Image Source – youtube.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *