කොළඹ අවට කටට රසට බිරියානි කන්න කියාපු තැන් 7ක්

Colombo Biryani Joints

බිරියානි කියන්නෙ ඉතිං රස නහර පිනා යන කෑමක්. තෙල් පිරිච්ච බතක්, ඒ එක්ක හරියන උකු මස් හොද්දක්. ඒ ටික එකට ඇනෙද්දි ඒකට නියම ටෙක්ස්චර් එකක් එකතු කරන තම්බපු බිත්තරයක්. අතරින් පතර කට ඇතුළට කිඳා බහින තීරු තීරු ගැලවෙන රෝස්ට් කරපු චිකන් කකුලක්. අනුපානෙට දැවිල්ල එක්ක මික්ස් වෙන මිංචි සම්බෝලයක්, ළූණු සම්බෝලයක් තමයි අපිට හුරුපුරුදුම. මේ හුරුපුරුද්දටම වහ වැටිච්ච අපි බිරියානි කඩයක් දැක්කම පිස්සෙක් වගේ… පිස්සෙක් වගේ… දුවගෙන යන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි මහත්තයගෙ වචනවලින් කියද්දි ආත්මීය බැඳීමක් තියෙනව වගෙයි. කොහොමින් කොහොම හරි කොළඹ අවට නියම රසට ගිලදාන්න පුළුවන් බිරියානි තියන කඩ 7ක් ගැන තමයි මේ ආටිකල් එකේ ලියැවෙන්නෙ.

 

1. හොටෙල් ඩි බුහාරි

Colombo Biryani Joints

Source – google streetview , yamu.lk

බිරියානි කිවුව ගමන් මතක් වෙන ප්ලේස් එක තමයි මේ. ඒ තරමට ප්‍රසිද්ධයි වගේම බිරියානිවලත් පුදුම රසක් තමයි තියෙන්නෙ. තියෙන්නෙ නං සාම්ප්‍රදායික රෝස්ට් චිකන් එකක් වුනත්, බතෙයි හොද්දෙයි තියෙන මික්ස් එක බැලුවම චිකන් ඕනනැති තරං රසයි. දෙන්නෙකුට ඒසී එකේ කාලා බීලා එන්න යන්නෙත් රුපියල් දාහකට අඩු ගාණක් නිසා මේ රස වගේම පොකට් එකට දැනෙන සතුටත් කියල නිම කරන්න බෑ. අවුරුදු පනහකට අධික කාලයක් මරදානෙ වැජඹෙන මේ බිරියානි රාජ‍යාගෙ බිරියානිවලට අමතරව ෆලූඩා වටලප්පම් එහෙමත් නියම රසයි. බුහාරි කියන්නෙ බිරියානි කිවුව ගමන් මිනිහෙකුට මතක් වෙන කඩේ වුනාට ඉස්සර තරම් රසක් දැන් බුහාරි බිරියානිවල නෑ. හැබැයි තාමත් බිරියානි ආනන්දය විඳින්න බුහාරි එක තරං තැනකුත් නෑ.

යනවනං මෙන්න තැන –

 

2. පොට් බිරියානි

Colombo Biryani Joints

Source – google streetview

නමේම තියෙනවනෙ රහස. තියෙන්නෙ පොට් එකේ දාලා. මැටි හට්ටියෙ එන බිරියානි වල නියම පදම් වෙච්චි රසක් දැනෙනවා. ඒ ආතල් එක සවාන්වලින් ගන්න බෑ මහත්තයො. මේ කියන පොට් බිරියානි තියෙන්නෙ කළුබෝවිල. මීට අමතරව රසම රස පොට් බිරියානි මොරටුවෙන් ගන්නත් පුළුවන්. හැබැයි දෙහිවල තැන ‍ෆේමස්. බිරියානි බේස් දෙකක් තියෙනවා. එකක් බත්. අනික ඉඳිආප්ප. ඊට අමතරව ඒ දෙක යටතේ බිරියානි වර්ග 6ක් තියෙනවා. ඒ චිකන්, මට්න්, මාළු, ඉස්සො, බීෆ් සහ වෙජිටේරියන් විදියට. මේ බිරියානි එකට සයිඩ් ඩිෂස් විදියට රසම රස උම්බලකඩ සම්බෝලයක්, ග්‍රීන් පීස් කරියක් එක්ක මැලේ පිකල් එකක් එනවා. බිත්තරේ එන්නෙ සයිඩ් ඩිෂ් එකක් විදියට නෙමෙයි. බත් එකේම ඔබලා. ලොකු පොට් එකක් 8කට කන්න පුළුවන් කියලයි එයාලා කියන්නෙ. හැබැයි 10කට ගාණ. පොඩි පොට් එකක් හතරකට ඇති. ෂොට් එකක් දාලා ඉන්න වෙලේක කටට රසට කන්න මේ බිරියානි එක මරු. හැබැයි ඉතිං බීලා ඉවර වෙලා කෑම කන මිනිස්සු විතරක් ඕඩර් කළ යුතුයි. කන්න බෑ දැන් නිදියමු ටයිප් එකේ අය මෙවුව ගන්න හොඳ නෑ.

යනවනං මෙන්න තැන –

 

3. නිවු බනානා ලීෆ්

Colombo Biryani Joints

Source – google streetview

සුප්‍රසිද්ධ විශාඛා විද්‍යාලෙට හැරෙන වජිර පාර ගාවම, ගාලු පාරෙ සුදු පාට උස බිල්ඩිමක කොල පාටින් කෙසෙල් කොළයක් පාට කරලා තිබුනු කඩේ නියම රස බිරියානි තිබ්බ කියලා පුංචි කාලෙ රස මතකයන් අවුස්සද්දි එළියට එනවා. ඒක දැන් විශාඛා එක ගාවින් අයින් වෙලා තවත් කාන්තා පාසලක් ගාවට ගිහින්. ඒ කොල්ලුපිටියෙ ලින්ඩ්සේ එක. මහ දුරකට විතැන් නොවුනත් කඩේ පෙනුමත් එක්ක ඇතුළේ හැඩෙත් වෙනස් වෙලා. හැබැයි ඉස්සර ඉඳන්ම බනානා ලීෆ් එකේ අනන්‍ය ඩිෂ් එක වුනු බිරියානි එක නිවු බනානා ලීෆ් වෙද්දිත් වෙනස් වෙලා නෑ. මෙතන බත් එකටත් වඩා රස මේකෙ චිකන් එක. නියමෙට ඇතුළට රස පිරිච්ච පිටි ගතිය නැති ස්පයිස්ඩ් චිකන් එකට මිනිස්සු වහ වැටිලා. හැබැයි ගණං සලකලා බැලුවොත් ටිකක් වැඩියි.

යනවනං මෙන්න තැන –

 

4. ආසිෆ් බිරියානි

Colombo Biryani Joints

Source – google streetview

බිරියානි වෙනුවෙන්ම වෙන්වුනු නමක් තියෙනවා කියන්නෙ ඉතිං එතන ස්පෙෂල් වෙන්නෙම බිරියානිනෙ. හැබැයි මෙතන වෙනිං කෑමත් තියෙනවා. ඉන්දියාවේ මෝගල් බිරියානි චිකන් සහ මට්න් රස දෙකකින්, ප්ලේන් බිරියානි, වෙජි බිරියානි, ඉස්සො බිරියානි වගේ රස ගොඩක් මේකෙ එක්තැන් වෙලා තියෙනවා. රාජගිරියෙ තියෙන මේ ප්ලේස් එක බිරියානි නොකන කෙනෙකුට උනත් විසිට් එකක් දාන්න කියාපු තැනක් වෙන්නෙ මෙතන තියෙන ඔප්ෂන්ස් ගොඩ නිසායි. ආයෙත් ඉතිං බිරියානිවලින් බැහැර වෙන කෑමක් ගැන නිකමට කියනවනං මට්න් පෙපර් සුප් එක රස නහර පිනවන්න සමත්. සවාන් විදියට ගන්නත් පුළුවන්. චෙන්නායිවල තියෙනවා කියන ආසීෆ්ලගෙ ලංකාවෙ කඩේ තමයි මේ. කාපු කට්ටියනං කියන්නෙ ඒ රසමයි කියලා. මස් නියමෙට ටෙන්ඩර් වෙන්න හැදිලා නිසා ආසිෆ් කියන්නෙ ඔබ අත් නොහැරිය යුතුම කඩයක්.

යනවනං මෙන්න තැන –

 

5. රහීමා හොටෙල්

Colombo Biryani Joints

Source – google streetview

කට්ටිය කොත්තු කන්න රහීමා එකට ගියත් රහීමා කියන්නෙ බිරියානි කන්න කියාපු කඩයක්. මේ‍ගොල්ලන්ගෙ කරි චිකන් බිරියානි එක කාපු මනුස්සයෙක් ආයෙ එතනට ගියොත් කන්නෙ කරි චිකන්ම තමයි. හැබැයි බීෆ් බිරියානි එකේ නං එච්චර රසක් දැනෙන්නෙ නෑ. හැබැයි මට්න් බිරියානි නං රස ගඟුලක්. ඒ ග්‍රේවි එකත් එක්ක පාන් ගෙඩි දෙකක් කතෑකි. ඉතිං බිරියානි පිඟානක් ගැන කවර කතාද? කාලා ඉවරවෙලා බොන්නත් ඔප්ෂන්ස් ගොඩයි. අයිස් මයිලෝ, ෆලූඩා, මිල්ක් මේඩ් කිරි තේක, ලයිම් ජූස්, කූල් කිරි වගේ ඔප්ෂන්ස් අතරෙ ඔයාලට එකක් තෝරාගන්න බැරුව හිර වෙලා ඉඳීවි. කවදත් කටට රසට කන්න දීපු රහීමා එක බිරියානිවලටත් හොයාගෙන යනවනං සුපිරි කඩයක් බව එනිසා කිව යුතුමයි.

යනවනං මෙන්න තැන –

 

6. අල් මාස්

Colombo Biryani Joints

Source – google streetview

බම්බලපිටියෙ අල්මාස් එකත් චිකන්, මට්න්, බීෆ්, ප්‍රෝන්ස්, සීෆුඩ් බිරියානි වගේම වෙජිටේරියන්ස්ලට හරියන බිරියානි එකකුත් හඳුන්වා දෙනවා. බාස්මතී බිරියානි එකත් මරු. ඒ වගේම චිකන් එක ටික්කා මසාලා රසට, තන්දූරි රසට හදන්නෙ නියම උතුරු ඉන්දියානු කල්චර් එක ගාවන ගමන්. ඒ නිසා අල් මාස් බිරියානි ආතල් එකක් දාන වැඩේට කියාපු පොට් එකක්. බිරියානි එකේ තෙල් ගතිය කැපෙන්න සැලඩ් එකක ඕඩර් එකකුත් දාන්න ඔයාලට පුළුවන්. බිරියානි එකට හම්බෙන මස් හොද්ද දැවිල්ලම නැති පොඩි ස්වීට් ඇන්ඩ් සවර් ගතියක් තියෙන එකක් නිසා අමුතු ආතල් එකක් තියෙනවා. හැබැයි ඉතිං සර්විස් අතින් ඉහළින්ම තියන්න පුළුවන් තැනක් නෙමෙයි. රස නම් උපරිමයි.

යනවනං මෙන්න තැන –

 

7. සුල්තාන් පැලස්

Colombo Biryani Joints

Source – google streetview

සුප්‍රකට රහුමානියා තෝසෙ කඩේ එහා පැත්තෙ තියෙන මේ පොට් එක කොත්තුවලට වගේම බිරියානිවලටත් අති ප්‍රසිද්ධයි. කටු නැති මට්න් බිරියානි එක වගේම ග්‍රිල්ඩ් චිකන් බිරියානි එකටත් රසික මනාපය අතිශය ඉහළයි. මෙතනත් බිරියානි එක බතින් වගේම ඉඳිආප්පෙනුත් ගතෑකි. බිරියානි එක කන ගමන් බොන්න නියම අන්නාසි ජූස් එකක් ගන්න පුළුවන් තෙල් කැපිලා යන්න. ඒ වගේම සර්විස් එකත් හොඳ නිසා, වෙනිං ඔප්ෂන්ස් ගොඩකුත් තියෙන නිසා, රුපියල් 120 වටලප්පං කප් එකත් නියමෙට මැච් වෙන නිසා සුල්තාන් පැලස් එකත් බිරියානි කියද්දි තොලකට තෙත් කරවන ප්ලේස් එකක්.

යනවනං මෙන්න තැන –

 
Cover Image Source – thecookrocker.com / hungryforever.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *