අලුත කසාද බැඳපු ජෝඩුවකට කන්න වෙන කටු 7ක්

What to face for newly wedded

කසාදයක් කියන්නෙ ඉතිං බැඳීමක්නෙ. ඒ කියන්නෙ ඉතිං ප්‍රශ්න තමයි. හැබැයි අපි ‌මේ කියන්න යන්නෙ කසාද බැඳපු අලුත ඇති වෙන ප්‍රශ්න ගැන. මේ කියන ප්‍රශ්නවලින් බොහොමයක් ප්‍රශ්න, විවාහක යුවල අවට සිටින ඔවුන් හා සම්බන්ධ පිරිස් නිසා ඇති වෙන ප්‍රශ්න වගේම විවාහක යුවල අතරෙත් මේ ප්‍රශ්න ගොඩ නැගෙන්නට පුළුවන්. මේ නිසා අපි කියන්න යන කතාව විවාහ වෙලා කාලයක් ගතවෙන පිරිසට හොඳ මතකයක් වෙන්නට පුළුවන් වගේම, විවාහ වෙන්නට නියමිත සහ අලුතෙන් විවාහ වුනු පිරිසට වැදගත් වෙන දෙයක් වේවි.

 

1. බඩු කාරයා

What to face for newly wedded

Source – gq.com

අලුත විවාහ වුනු යුවලේ ස්වාමිපුරුෂයාව ස්ත්‍රී ලෝලී සල්ලාලයෙක් ගාණට දාන්න අවට සමාජයට තියෙන්නෙ පුදුම ආශාවක්. උදාහරණයකට, මොකෝ නිකං ඇස් දෙක පියවෙලා නිදිමතේ වගේ…? රෑ තිස්සෙ වැඩ ඇති නේද? වගේ කතා. ඒක යම් තරමක කුහක කමක් එක්ක එන වැඩක්. ඒ අලුත විවාහ වුනු පුරුෂයාට තියෙන නිදහස සහ අවධානය පහත හෙලන්න, ඔහුව මනසින් වට්ටන්නට කරන වැඩක්. මේ නිසා වැඩේ තරමක් නරක අතට යන්නටත් ඉඩ තියෙනවා. මොකද මනුස්සයෙකුට එකම අපහාසය දිගින් දිගටම ඇහෙද්දි ඒ දේ මනසට කාවැදීම නවත්වන්නට බැහැනෙ.

 

2. බඩුව

What to face for newly wedded

Source – youtube.com

විවාහක පුරුෂයාව මනසින් පහත හෙලනවා වගේම විවාහක බිරිඳවත් ඒ අයුරින්ම පහත හෙලන්න සමාජය සූදානම්. අන්න ඒ නිසාම ඒ අය ආ බැන්ද විතරයි මෙයා මහත් වෙලා වගේ දෙයක් කියන්න ඉඩ තියෙනවා. බොහෝ අවස්ථාවලදී ඒ ප්‍රශ්නය ඔවුන් ඇයගේ ශාරීරික සුවතාවය පිළිබඳ සිතමින් සිදුකරන ප්‍රකාශයක් නොවන බව පිළිගත යුතුමයි. ඒ ඇයට සිදුකරන වක්‍ර අපහාසයක්. විවාහක තරුණියක ලබාගන්නා උපත් පාලන පෙත්ත පිළිබඳව හෝ ඇය ගැබ් ගෙන ඇති බව හඟවා ඇයව අපහසුතාවයට පත් කරන්නට ගත් උත්සාහයක් බව පිළිගන්නට සිදුවෙයි.

 

3. බබ්බු

What to face for newly wedded

Source – youtube.com

අලුත විවාහ වුනත් නැතත්, කොටිම්ම මංගලෝත්සවයේදී පවා විවාහ ජෝඩුවට සුබ පතන්නේ ගෙදර පඩිපෙළ පිරෙන්න ළමයි ඉන්න ඕනය කියලයි. එනිසා විවාහ වුනු දාට පසු දින සිටම ඔවුන්ගෙන් අවට සමාජය බබ්බු බලාපොරොත්තු වීම සාමාන්‍ය දෙයක්. නමුත් එය විවාහක ජෝඩුවට අදාළම නැති දෙයක්. මොකද ළමුන් හැදීම හෝ නොහැදීම විවාහක යුවල මිස අන් අයගේ අවශ්‍යතා මත රඳා නොපැවතිය යුතු දෙයක්. එසේ වුවත් සමාජය හෝ නෑදෑයන් අලුතින් විවාහ වූ පිරිසගෙන් ඒ ප්‍රශ්නය නාසා සිටින්නේ නෑ. එනිසාම එය අලුතින් විවාහ වූ පිරිසට මහත් ඇණයක් වන බව නම් නොඅනුමානයි.

 

4. බාධා

What to face for newly wedded

Source – Rd.com

කසාද බඳිනවා කියන්නෙ ඉතිං ලවු එක අලුත් වෙනවා කියන එක තමයි. හැමදාම උදේ පාන්දර ගෙවල් දෙකක් ඉඳන් බස් එකේ ඇවිත් එකම හෝල්ට් එකකදි සතුටෙන් අත් අල්ලගත්තු දෙන්නට නිශ්චිත දිනයකට පස්සෙ එකම සයනයකින් උදේට ඇහැරෙන්නට පුළුවන් කම ලැබෙනවා. එනිසා කලක් ගත වෙද්දි ඕක එච්චර මැජික් එකක් නොවුනත් මුල් කාලෙදි ඕක නියම සතුටක් ජවයක් ලැබෙන දෙයක් බව නොඅනුමානයි. මේ සන්තෝසය නිසාම අලුත බැඳපු ජෝඩුවක් කොහේ ගියත් තුරුල් වෙලා ඉන්න හැටි දැක්කම අනිත් උන්ගෙ ඇස්වලට ටිකක් කටු අනින ගතියක් ඇතිවෙනවා. ඊටපස්සෙ ගෑණු ‌ටික බිරින්දෑව තමුන්ගෙ පැත්ත‌ට ඇදලා ගන්නවා වගේම පිරිමි ටික සැමියව තමුන්ගෙ පැත්තට ඇදලා ගන්නවා. ඒක වළක්වන එකත් යම් තරමක කට්ටක්.

 

5. ඇස්

What to face for newly wedded

Source – youtube.com

හැම ඇහැක්ම තමුන්ගෙ පැත්තට යොමු වෙන එකත් ‌යම් තරමක වාතයක්. උදාහරණෙකට මළගෙදරක ගියත් මිනියට වඩා වැඩි අවධානයක් තරුණ යුවලට යොමුවෙනවා. ඒක විශාල අපහසුවක් විදියට අලුත කසාද බැඳපු ජෝඩුවකට දැනෙන්න පුළුවන්. ඒ නැතත් අපි කවුරුත් කැමති පහසුවෙන් ජීවත්වෙන්න. ඉතිං වටේම ඉන්න මිනිස්සු ඇහැ දාද්දි පහසුවෙන් ජීවත් වෙන්න හරිම අමාරුයි.

 

6. ඇඟිලි

What to face for newly wedded

Source – pintarest.com

ගෙවල්වලින් ලවු එකට ඇඟිලි ගහන වදෙත් ලොකුවටම තියෙන ප්‍රශ්නයක්. මේකෙම අනු කොටසක් විදියට පසු කාලෙකදි නැන්දම්මා – ලේලි වලියකුත් සෙට් වෙන්න ඉඩ තියෙනවා. අද මොනවද උයන්නෙ? ඇයි සෙනසුරාදා දවසෙවත් ගෙදර ඉන්නැත්තෙ? වගේ දේවල් අලුත බැඳපු ජෝඩුවෙන් අහන්න ඉඩ තියෙනවා. ඒ වගේම පවුලේ සමීපතමයින් විවාහක යුවල හා ගොඩනගාගත්තු පුරුදු නිසාත් මේ ඇඟිලි ගහන වැඩේ සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණෙකට කසාද බැන්දට පස්සෙත් අම්මා කෑම කවන්න හැදුවොත්, රෙදි හෝදලා දෙන්න හැදුවොත් විවාහක යුවලට අප්සට් තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවෙනවා.

 

7. බජට්

What to face for newly wedded

Source – rd.com

මීට කලින් රස්සාවක් කරලා අම්මට කීයක් හරි දුන්නොත් මිසක් කිසිම දෙයක් ගැන හාවක් හූවක් නොදන්න ළමයි කසාද බැන්දට පස්සෙ බජට් එක බැලන්ස් කරගෙන කසාද ජීවිතේ ගෙනියන්නෙ කොහොමද කියන එක ගැන හිතන්න සිද්ධ වෙනවා. ඒක හිතන තරං ලේසි දෙයක් නෙමෙයි. තමුන්ගෙ ආදායම් එකතුවෙන් වියදමට (කෑම බීම, ඉඳුම් හිටුම්), අනාගතයට (දරුමල්ලො, යානවාහන, ඉතුරුම්), හදිසියකට (මළගෙවල්, අසනීප) මුදල් වෙන්කරගන්නෙ කොහොමද? ඒ අතරෙ ජොලියක් දාන්න කොච්චර මුදලක් වෙන් කරනවද කියල හිතන්නත් සිද්ධ වෙනවා. ඒක ඉතිං හිතනවට වඩා කට්ටක්.

 
Cover Image Source – relateinstitute.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *