මද පමණට ඇල්කොහොල් පානය කිරීමේ වාසි ටිකක්

Benefits of moderate alcohol drinking

අපිට දකින දකින තැන්වල දකින්න ලැබෙන්නෙ ඇල්කොහොල්වලින් සිද්ධ වෙන අවුල් ගැන. ඇල්කොහොල් මොලේට බලපාන හැටි, ඇල්කොහොල් සිරු‍රට බලපාන හැටි, හෘදය වස්තුව දුබල කරවන හැටි වගේ සිද්ධි තමයි හැමතැනම දකින්න ලැබෙන්නෙ. හැබැයි ඇල්කොහොල් බිවුවම සිද්ධ වෙන්න පුළුවන් සුබවාදී දේවල් ටිකකුත් තියෙනවා. හැබැයි ඒ දේවල් සිද්ධ වෙන්නෙ පමණකට ඇල්කොහොල් පානය කළොත් විතරයි. ඒ වගේම මේ සටහන කිසිසේත්ම ඇල්කොහොල් පොවන්න කරන උත්සාහයකුත් නෙමෙයි.

 

1. පපුවට

Benefits of moderate alcohol drinking

Source – youtube.com

ගුඩ් කොලෙස්ටරෝල් සහ බෑඩ් කොලෙස්ටරෝල් කියල දෙකක් තියෙනවනෙ. ඔය දෙකෙන් ගුඩ් කොලෙස්ටරෝල් තත්ත්වය ඉහළ නංවන්නට හැකියාවක් ඇල්කොහොල් සතුයි. එම තත්ත්වය හෘද්‍යාබාධවලට එරෙහිව ක්‍රියාකරනවා. මේ බව හොයාගෙන තියෙන්නෙ පොදු ජන සෞඛ්‍යය ගැන පර්යේෂණ කරන හාවඩ් විශ්වවිද්‍යාලයේ පිරිසක්. ඉන්සියුලින් වෙත ක්ෂණික සංවේදීවීමක් ඒ තුළින් ඇති වීමත් හොඳ තත්ත්වයක් විදියට දක්වනවා. එයත් හෘද්‍යාබාධ පැමිණීමට මුල්වන ‍රුධිර ගමනාගමනයේ සිරවීම මගහැරවන්නට සමත් බව කියනවා. මේ තත්ත්වය මින් පෙර හෘද්‍යාබාධ ඇති නොවුනු ගැහැනු සහ පිරිමින් අතරේ සාර්ථක වන බව පැවසෙනවා.

 

2. දිගු ආයු

Benefits of moderate alcohol drinking

Source – expertrain.com

සාමාන්‍ය පරිදි බේබද්දෙකු වගේ නැතුව, හෙමීට පොඩි එකක් දාගෙන දවස් දෙක තුනකට පාරක් ෂේප් එකේ වැනෙන එක දිගු ආයු කාලයට හේතුවක් බව කියැවෙනවා. රොයිටර්ස් පුවත් සේවයට අනුව දවසට ෂොට්ස් දෙකත් හතරත් අතර ගන්න එක ජීවිතාවධානම සියයට 18කින් අඩු‍ කරවන්නට සමත්. සාමාන්‍යයෙන් ආහාර ගන්න අතරතුර ඇල්කොහොල් පානය කිරීම, ඇල්කොහොල් පානයට නිවැරදි ක්‍රමය ලෙසින් හඳුන්වනවා.

 

3. ව්‍යාඝ්‍රයා

Benefits of moderate alcohol drinking

Source – mymobiledoctor.org

ඔවු එයට ඔබ තුළ ඇති කාමාශාවන් වර්ධනය කිරීමේ හැකියාව තිබෙනවා. Journal of Sexual Medicine එකේ වාර්තාවකට අනුව සාමාන්‍ය ඇල්කොහොල් භාවිතාවක් තියෙන රාගාධික අවස්ථාවක සිරුරේ සිදුවිය හැකි, එය මගහරවන සුළු තත්ත්වයන් සියයට 25කින් 30කින් පමණ නැති කරවන්නට ඇල්කොහොල් භාවිතය උදවු වෙනවා. හැබැයි අපි මේ කියන්නේ ඉතාම සුළු ප්‍රමාණයක ඇල්කොහොල් භාවිතයකින් වෙන සේවයක් ගැනයි. සීමාව ඉක්මවා ඇල්කොහොල් භාවිතාව ඔබේ ලිංගික ජීවිතයට අනිවාර්යෙන්ම අහිතකරව බලපාන දෙයක්.

 

4. සෙම්ප්‍රතිශ්‍යාවයට

Benefits of moderate alcohol drinking

Source – Superiorthan.com

සතියකට රතු වයින් වීදුරු 14ක් ලබාගන්නා අයෙකුගේ නිතර වැළ‍‍ඳෙන සෙම්ප්‍රතිශ්‍යා වැනි රෝග අවදානම සියයට 60කින් පමණ අඩු වීමේ හැකියාවක් තියෙන බව කියැවෙනවා. නමුත් ඇතැම් ඇල්කොහොලික පානයන් ඔබේ සිරුර තුළ ඇති සෙම් තත්ත්ව ඉහළ නංවන්නත් ඉඩ ඇති නිසා මේ කරුණ හැම දේකටම අදාළ නොවෙන බවත් සිතේ තබාගන්න.

 

5. ඩිමෙන්ෂියාවට

Benefits of moderate alcohol drinking

Source – tfseniorcare.com

සාමාන්‍යයෙන් මොළය හා බැඳුනු රෝගවලට ඇල්කොහොල් හේතුවක් යැයි කීවත්, තරමකට ඇල්කොහොල් පානය කරන්නන්ගේ මොලයේ සෛල දැඩි කරවන්නට එය උදවුවක් වන බව කියැවෙනවා. එය ව්‍යාකූල තත්ත්වයන් දරාගන්නට මොළයට උදවුවක් වන බව පැවසෙනවා. ඇත්තටම අන්තෙට නොගිය සාමාන්‍ය ඇල්කොහොල් භාවිතයක් ඔබේ මොළයට සුවයක් ගෙනෙන්නට ඉඩ තිබෙනවා.

 

6. උන්ඩුකපුච්ඡේ

Benefits of moderate alcohol drinking

Source – vichealth.vic.gov.co.au

උන්ඩුකපුච්ඡයේ ගල් සෑදීමේ ඇති අවදානම අඩු කරන්නටත් සාමාන්‍ය ඇල්කොහොල් භාවිතය උදවුවක් බව පැවසෙනවා. සාමාන්‍යයෙන් ඉතා සුළු සැත්කමකින් ඉවත් කළ හැකි වුවත්, අතිශය වේදනාකාරී බවක් ගෙනදෙන මෙම සිරුර තුළ හැදෙන ගල්වලට බාධකයක් වන්නට ඇල්කොහොල් සාමාන්‍ය ලෙසින් භාවිතා කිරීම උදවුවක් බව පැවසෙයි.

 

7. දියවැඩියාවට

Benefits of moderate alcohol drinking

Source – Huffpost.com

සාමාන්‍යයෙන් නොබොන පිරිසට වඩා දවසකට ෂොට් දෙකක් විතර දාන වැඩිහිටියන්ගේ දියවැඩියා තත්ත්වයේ පාලනයක් දැකිය හැකි බව පැවසෙනවා. මේ නිසාම සාමාන්‍ය පරිදි ඇල්කොහොල් පානය කිරීම දියවැඩියා අවදානම බැහැර කරවන්නට යම් පමණක උදවුවක් වගේම සුවපහසු දිවියකටත් හේතුවක් බව පැවසෙනවා.

 
Cover Image Source – greatlist.com/ luxiders.com/ unsobered.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *