රස්සාව කරන්න ලේසි ඔෆිස් එකක තියෙන දේවල් ටිකක්

A fare work place

හැමෝම සෙට් වුනාම බනින දේවල් අතරේ අම්මා බලෙන් ඇඳුම් හෝදන එක, කෙල්ල වද දිදී විස්තර අහන එක, උදේට බස්වල ඉන්න සෙනග වගේම ඔෆිස් එකේ තියෙන ප්‍රශ්නවලට බනින ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ විදියට බනින හේතු ගොඩක් තියෙන නිසා අපි හිතුවා ඇත්තටම මිනිස්සු සතුටින් වැඩකරන, අවුලක් නැති ඔෆිස් එකක් මොනවගේ විය යුතුද කියල හිතන්න. ඉතින් අපි හැදුවා සේවකයො සතුටින් වැඩකරන සාර්ථක ඔෆිස් එකකට ගයිඩ් ලිය්න්ස් ටිකක්.

 

1. පැහැදිලි නීති පද්ධතියක්

A fare work place

Source – firaqzafar.com

අරයට වෙනම නීතියක්, මෙයාට වෙනම නීතියක් විදියට තියෙන ඔෆිස්වල ගැටුම් වැඩියි ඒනිසා හැමෝටම සමාන නීතියක් තියෙන්නට උවමනායි වගේම ඒ නීති නිසි ලෙස පැහැදිලි කිරීමකුත් සිද්ධ වෙන්නට උවමනායි. ඒ හැඩගැසීම මුලින්ම හදාගැනීම කාර්යාලයකට වැදගත්. එතකොට සේවකයින්ට කාර්යාල රාමුව ඇතුළෙ තමුන්ගෙ වැඩ කරගෙන යන්න අවශ්‍ය නිදහස ලැබිලා තියෙන සැක දුරු වෙනවා. ඒ නිසා පැහැදිලි ලෙස නීති පද්ධතියක් සහ ඒ නීති පිළිපදින සේවක පුහුණුවක් කාර්යාලයකට අවශ්‍යමයි.

 

2. සේවක යටිතල පහසුකම්

A fare work place

Source – pintarest.com

ඉල්ල ඉල්ල කියන්න ඕන කරන දේවල් නෙමෙයි මේ. ඒ නිසා මේ කොටස කෙටියෙම්ම මේ විදියට හඳුන්වන්නට පුළුවන්. ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන කරන දේවල් තියෙනවනෙ. මිනිස්සු රැකියාවක් කරන්නෙ ඒ ටික පෝෂණය කරගන්නනෙ. අන්න ඒ පහසුකම් සියල්ල රැකියාව තුළදීත් ලැබිය යුතුමයි.

 

3. සිත්ගන්නා වැටුපක්

A fare work place

Source – gannett-cdn.com

අපි මේ ඔක්කොම කරන්නෙ සල්ලි වෙනුවෙන්. ඒ නිසා කරන වැඩවලට සරිලන වැටුපක් අපිට හිමි වෙන්නට උවමනායි. ඒ වැටුප සේවකයාට ජීවත්වීමට සරිලන වැටුපක් විය යුතුයි. ඒ වගේම රැකියාව තුළ සේවකයා දිරිගැන්වීමට මේ වැටුප් ක්‍රමවේදය යොදාගත හැකියි. ඒ අනුව සමාගම ලාබ ලබන අයුරින් අමතර දීමනා වැඩිකරන්නට සමාගමක් හට හැකියාව තිබෙනවා. එය ඒ වෙනුවෙන් සේවකයා පොළඹවන්නට කරන උත්සාහයක්.

 

4. ප්‍රධානීන්ගේ දිරිමත් කිරීම්

A fare work place

Source – abaforlawstudents.com

සේවකයන්ට හිත සතුටෙන් වැඩ කරන්නට හැකිවන තවත් දෙයක් වන්නේ තමන්ගේ ප්‍රධානීන් තමන් විසින් නිම කළ වැඩ කටයුතු ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමයි. මේ විදියට තමන්ගේ වැඩ ගැන ප්‍රධානීන්ගේ දිරිමත් කිරීම් සිදුවීම තවදුරටත් ඒ වැඩකටයුතු වඩා ඵලදායී ලෙස සිද්ධ වන්නට හේතුවක් බව සිහිපත් කළ යුතුමයි. ඒ වගේම එවන් දිරිමත් කිරීම් සිදුවී තිබෙන අවස්ථාවක, වරදක් පෙන්වාදුන්විටත් එය හැඩගස්වාගන්නට සේවක මනස සැකසීම පුදුමයක් නෙමෙයි.

 

5. හිතමිත්‍ර කාර්ය මණ්ඩලයක්

A fare work place

Source – cnn.com

සේවකයන්ට සේවය අර්බුදයකින් තොරව කරගෙන යන්නට තමන් අවට සේවය කරන පිරිසේ සුහදශීලී බවත් හොඳින්ම බලපාන හේතුවක්. ඒ කොතරම් විශාල වැටුපක් ලැබුනත්, කොතරම් සුහදශීලි ප්‍රධානීන් සිටියත් ඔබ ජීවත් විය යුත්තේ සහ ඔබ එක්ව රැකියාව කළ යුත්තේ ඔබ අවට සිටින සේවකයින් සමග නිසායි. ඒ නිසා සුබවාදී ආකල්ප සහිත සේවක පිරිසක් කාර්ය මණ්ඩලය ලෙසින් සිටිය යුතුමයි.

 

6. කාර්ය මූලික වටපිටාවක්

A fare work place

Source – twitter.com

මේ සෑම කටයුත්තක්ම යොමුවිය යුත්තේ එක් කාර්යයකටයි. ඒ ඔබේ රාජකාරියටයි. එනිසා ඔබේ නිදහස චිත්‍රපට බලන්නට, ඕපාදූප දොඩන්නට නොව සේවකයා අදාළ රාජකාරිය වෙනුවෙන් දිරිමත් කරවන රැකියා වටපිටාවක් ආයතනයකට අවශ්‍යයි. එය සිදුවන්නට නම් වගකිව යුතු නිළධාරීන්ගේ අවදානය අවශ්‍යයි. ඔවුන් ඕනෑම දෙයක් සිදුවීමට ඉඩ හැර රාජකාරි පැහැර හැරුණු විට පමණක් ක්‍රියාත්මක වන්නේ නම් එය ඔවුන්ගේ පහළ බැසීමට හේතුවක්.

 

7. නෙගෝෂියේෂන්ස්

A fare work place

Source – talents.mu

රැකියාවකදී කතාබහකර විසඳුමකට එළැඹෙන්නට සමාගම තුළින් දී ඇති ඉඩ කියන දේ ඉතා වැදගත් තත්ත්වයක්. සමාගම් නීති රාමුව තුළ සිට තමන්ගේ ප්‍රශ්නවලට විසඳම් සෙවිය හැකි කරම් නම්‍යශීලී පාලනයක් සමාගමක් තුළ තිබීඹ ඒ සමාගම තුළ අර්බුද අඩු වීම ප්‍රධානතම හේතුවක්.

 

8. නිදහස

A fare work place

Source – cbsistatic.com

ඔව්! නිදහස සෑම මිනිසෙකුටම උවමනායි. රැකියා ස්ථානය තුළ නිදහස තිබීම අදාළ රාජකාරියේ අභිවෘද්ධියට සැබැවින්ම බලපානවා. ඒ නිදහස අවභාවිතා කිරීමනේ වළක්වන්නට සේවකයින් යොමුකිරීමත් වැදගත්. මෙම නිදහස අදාළ රාජකාරියට සේවකයා තදින් බඳවන අතර ඔවුන් එක් අරමුණක් සහිතව ඒ වෙත යොමුකරවන්නට හේතුවක් වනු ඇති.

 
Cover Image Source – built2work.net
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *