මේ වැලන්ටයින් රැවටිලි තුළ ඔබත් අතුරුදන් වුනාද?

Valentine Frauds

කතාව කියන්න යන්නෙ කවුරුත් දන්න වැලන්ටයින් ගැන. කවුරුත් දන්න වැලන්ටයින් දැන් වෙද්දි ආදරණීය හැඟීමක් ගේන දෙයක් නොවී පොඩි හාස්‍යක් උපදවන දෙයක් බවටත් පත් වෙලාද කියල හිතෙනවා. කොහොම වුනත් මේ හාස්‍ය මෙතනට ගෑවෙන්නෙම අපිට හුඟක් දුර සංස්කෘතියක් බද්ධ කරගන්න දරන උත්සාහයෙන් සහ ඒ වෙනුවෙන් ව්‍යාපාරික ලෝකය ලබා දෙන තල්ලුවෙන් බව ඒ දිහා පරීක්ෂාවෙන් බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා. මේ කියන්න යන්නෙ වැලන්ටයින් දවසට සිද්ධ වෙන රැවටිලි ටිකක් ගැන.

 

1. රෝස කතාව

Valentine Frauds

Source – foap.in

රෝස කියන්නෙ ලස්සන මලක්. කාලෙ වෙනස් තාලෙ අලුත් කියල කිවුවට තාම කට්ටිය වැලන්ටයින් දවසට තමුන්ගෙ පෙම්වතියට රෝස මල් තෑගි දෙන්න පෙළඹෙනවා. මේ ගැන දන්න නිසාම මල්කාර අයියලට හරි වාසියි. ඒ නිසා මල්කාර අයියලා අති විශාල මිල වෙනසක් තියෙන ප්‍රයිස් ටැග් එකක් පරණ පුරුදු මලටම අලවන්නෙ සංකේත වෙනුවෙන් ඕන ජිලක් කරන්න පුරුදු වෙච්ච සොමි බෝයිස්ලා මේ දිවයිනේ ඉන්න නිසා. සිංගල් මල්, ඩබල් මල්, පාට පාට මල්, පොකුරු පොකුරු මල් විකිනෙන්නෙ ඒ නිසා.

 

2. මගේ හිතෙත් චොකලට්

Valentine Frauds

Source – drdiane.com

චොකලට් කන්න නිශ්චිත දවසක් ඕන නෑ. ලොකු පොඩි කවුරුත් කන්න කැමති, සමහරු විතරක් කන්න බය මේ රසම රස ආහාරයට වැලන්ටයින් දවසට අමුතු අගයක් එකතු වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් තුන්සීයක චොකලට් එකකට දම්පාට කවරයක් සහ රතු රිබන් එකකින් රුපියල් 1500ක අගයක් කාන්දු කරවන්න පුළුවන්. ඒකත් වැලන්ටයින් ලෝලී පාරිභෝගික මල්ලිලාගෙ අවශ්‍යතාවයට සරිලන විසඳුම් දෙන විකුණුම්කාර අයියලගෙ රැවැට්ටීමක්. එනිසා ඔබට චොකලට් වෙනුවෙන් රුපියල් 1500ක් වියදම් කිරීමට අවශ්‍යම නම්, ඒ වෙනුවෙන් වෙනදා වෙලඳපොල මිලට චොකලට් මිලදී ගෙන එය ආදරයෙන් ඇයට කවන්න. දම් කොලයට නොරැවටෙන්න. රතු රිබන් ඒඩ්ස් වෙනුවෙන් පමණක් සංකේතවත් කරන්න.

 

3. ඇඳ

Valentine Frauds

Source – glamour.com

මේ කතාව ඉතිං මංමුලාවූ කාට හෝ කියල වැඩක් නෑ. ආදරෙන් කියන නිසා අහන්න කියන්නෙත් නෑ. මේක අවුලක් වෙන්න කලින් දැනගත යුතු දෙයක්. විවාහයකට පෙර සෙක්ස් කරන්නෙපා වගේ ගොං සීන් එකක අපි නැහැ. විවෘතව කතා කළොත් කොලේකට සීමා වෙන බැඳීම්වලට වඩා දැඩි හැඟීම් මිනිස් හිත් ඇතුළෙ උපදිනවා. හැබැයි අපි මෙතනදි ඒ වෙනුවෙන් අවධාරණය කරන දෙයක් තියෙනවා. ඒ තමයි එකිනෙකා කෙරේ එකිනෙකා වෙනුවෙන් උපන් ආදරය සහ ආශාව මිස වෙනිං දේවල් ඇඳකට ගොඩවෙන්න පාවිච්චි කරන එක අවුල් කියන එක. වැලන්ටයින් සමය අනුව ගත්තොත්, හෙට වැලන්ටයින් නිසා අපි රූම් එකකට යමුකො කියන්න කලින් ඔබේ පිරිමිකම පරීක්ෂා කරන්න.

 

4. පැකේජ්

Valentine Frauds

Source – youtube.com

වැලන්ටයින් දවස පැකේජ්වලින් පිරිලා. ඒ හෝටලේ රුපියල් දහදාහකට දෙන දේවල්වලට වඩා මේ හෝටලෙන් දෙනවා. ඒ හොටලෙන් දෙන වයින් බෝතලේට වඩා මේ හෝටලේ ෂැම්පේන් බෝතලේකුයි ගර්ල්ට රොසස් බොකේ එකකුයි දෙනවා. අර හෝටලේ රෑට කෑවොත් රෑට රූම් එකට ෆිෆ්ටි පසනට් ඕෆ්. වගේ පැකේජ් බැලූබැල්මට ලාභයි වගේ පෙණුනට ඇත්තටම ඒවයෙ මහා ලාභයක් නැහැ. ලාභයක් තිබුනත් ඒවයෙ උපයෝගීතාවයක් නැහැ. අද රෑ තමයි රෑ කියල සෙල්ෆියක් ගහල දාන්න වගේ ආතල් එකකට රුපියල් විසිදාහක් අපරාදෙ වගේ නැද්ද?

 

5. අමුතු දවසක්

Valentine Frauds

Source – balance.com

මේක තමයි මූලිකම අවධානය යොමු විය යුතු කතාව. වැලන්ටයින් දවස තියෙන්නෙ ආදරය සමරන්න කියලයි කියන්නෙ. එදාට ඕන මගුල් නැටුමකට අවස්ථාව උදාවෙනවා කියල හිතන එක අවුල්. මෙච්චරකල් පස්සෙන් ගිය කෙල්ලගෙන් ආදරය විමසන්න මීට වඩා හොඳ දවස් කොතරම් එන්නැතිද? වැලන්ටයින් දිනයට පෙර කොතෙක් දවස් ඕබේ සිත ඇය අසල ශෘංඝාරයෙන් පිරී සිරවී තිබුනාද? එහෙත් ඔබ මේ දවස එන තෙක්ම සිටියාද? සංස්කෘතික වහලෙක් නොවන්න.

 
Cover Image Source – dreamstime.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *