කෙල්ලො එයාලගෙ යාළුවො ඉස්සරහ කියන පොෂ් බොරු හතක්

Posh Lies by Girls

හරි ඉතිං මේව කිවුව කියල කෙල්ලො ලයිෆී එක්ක තරහ වෙන්න ඕන නැහැ. අපි කොල්ලො කියන බොරුත් ලියනවා. අනික මෙහෙම බොරු හැමෝම කියන්නෙ නැහැ. නැති පොෂ් පෙන්නන්න හදන කෙල්ලො තමයි මේ බොරු ඇදබාන්නෙ. හැබැයි නෝනෙ මේ බොරු මාට්ටු වුණාම අඳුරන කෙල්ලො කියන දෙපිට කැපිච්ච කතාත් අහන්න බලාගෙනම මේ බොරු කියන්න හො‍ඳේ.

1. තාත්තිගෙන් හරී වදේ ඩිනර් එළියෙන් ගමු කියලා

Posh Lies by Girls

Source – reddit.com

දැන් මේකත් ටිකක් ‍ෆේමස් බොරුවක් විදියට පෙන්වන්න පුළුවන්. සමහර කෙල්ලො පවුල පොෂ් කියලා පෙන්නන්න හදනවා වැඩියි. එහෙම අය පෙන්නන ලොකුම සීන් එක තමයි තමුන් නෝමල් විදියට ඉන්නකොට ගෙදර මිනිස්සු කරන ලොකු ලොකු වියදං. ඉතිං ඒ වගේ වෙලාවට කියන පොෂ් බොරුවක් තමයි ගෙදර මිනිස්සුන්ගෙ බල කිරිල්ලට කොළඹ ලොකු හෝටල්වලින් ඩිනර් ගන්නව වගේ පෙන්නන එක. ඒකත් ඉතිං එක ආතල් එකක්නෙ.

 

2. හැමදාම මං තෑගි එපා කියන හින්දා එයා මාව සර්ප්‍රයිස් කරන්න ඩයමන්ඩ් රිංග් එකක් ගෙනල්ලා

Posh Lies by Girls

Source – today.com

කෙල්ලො ඉතිං ඔය කිව්වට තමුන්ට තෑගි අරන් දෙද්දි තෑගි එපා යකෝ කිය කිය අඬන්නෙ නැහැනෙ. ඔන්න අම්මලනං දරුවොන්ගෙ සල්ලි වියදං වෙනව දරාගන්න බැරුව තෑගි එපා කියල කියනව. ඉතිං ඒ වගේම අනිත් පැත්තට කොල්ලොත් කෙල්ලො එපා එපා කියන්න තෑගි අරන් දෙන්න යන්නෙ නැහැනෙ. මේ තියෙන්නෙ ඒ වගේ බොරුවක්. මේක ගොඩක් වෙලාවට උඩ බොරුව වගේ හැමදාම කියන එකක් නෙමෙයි. ලව් ඇනිවසරියට, බර්ත්ඩේ එකට වගේ තමයි කියන්නෙ.

 

3. උයන්න උදවු කරන්න හදන හැම පාරකම අම්ම එපා කියනව අනේ

Posh Lies by Girls

Source – huffingtonpost.com

ලයිෆි කියවන දූලා ඉන්න අම්මල සමහරකට නං මේක කියෙවුවම අනෙ මගෙ කට කියල හිතේවි. ඇයි ඉතිං උදේට පෙරේතය පොළොවෙ ගැහුව වගේ 7 වෙනකං නිදියන කෙල්ලො කොහෙන්ද යකෝ කුස්සියෙ වැඩට උදව් වෙන්නෙ කියලා. හැබැයි ඉතිං අම්මට එහෙම කිසිම උදව්වක් නොකරන කෙල්ලො ඔෆිස් එකට එහෙම ගිහිල්ල ලොකු ටෝක් දෙනව. එයාලා උදව් කරන්න හදද්දිත් අම්මයි වැඩකාරියි පණ දාගෙන ඉව්වා කියලා.

 

4. ඊයෙත් උදේ ඇහැරුණා මල්ලිට කෙමිස්ට්‍රි උගන්නන්න. කෝ මේකා නිදිනෙ

Posh Lies by Girls

Source – youtube.com

මේක කාරණා කිහිපයක් උළුප්පන බොරුවක්. පළවෙනි එක තමයි ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ බරසාර විෂයයන් දන්නව කියල පෙන්නන එක. දෙවනි එක තමයි මල්ලිලා කවදාවත් අක්කලාගෙන් ඉගෙනගන්න කැමති නෑ. මොකද බණ අහන් ඉන්න වීම සහ කෙනිත්තිලි විඳින්නට සිදුවීම. ඉතිං මෙයා ෂේප් එකේ පෙන්නනව මං ඔය සාම්ප්‍රදායික කෙල්ලො වගේ නෙමෙයි කියලත්. අනිත් කාරණෙත් ඉතිං උඩ බොරුවටම සමානයි. කෙල්ලො ගොඩදෙනෙක් ඔය කිවුවට කණ උඩ ගල් බෝර ගැහුවත් පාන්දර ඇහැරෙන්නෙ නං නෑ.

 

5. ෂික් අද බස් එකේ යන්න වෙනවනෙ.

Posh Lies by Girls

Source – northcoastjournal.com

මේක ඉතිං වැඩිය ෆිට් නැති කට්ටිය එක්ක සමහර කෙල්ලො කියන පොෂ් බොරුවක්. වටෙන්ම සල්ලි කියල තනි ගලෙන් කුරුල්ලො තුන් හතර දෙනෙක් ගොඩදාන වැඩක් තමයි මේ. මල්ලි රේස් එකකට කටුකුරුන්දෙ ගිහින්. බෝයිව ඔෆිස් එකෙන් රෝම් යැවුවනෙ. තාත්තිට කරදර කරන්න කැමති නෑ මං. එයාගෙ අලුත් බීඑම් එක මට පදින්න තේරෙන්නෙත් නෑ, ඒ තරං ඇඩ්වාන්ස්ඩ්

 

6. කොහෙන්ද අනේ ඔයාලා ඇඳුම් ගන්නෙ?

Posh Lies by Girls

Source – baggout.com

ලංකාවෙ තියෙන සමහර කාන්තා ඇඳුම් කඩවලට ගියාම යකෝ මෙච්චර පුංචි රෙදි කෑලිවලට ඇයි මෙච්චර ගනං ගෙවන්නෙ කියල අපිට හිතෙනව තමයි. හැබැයි කෙල්ලොත් ඒවා ගනං අඩු කරලා කරලා අරගන්නවා වගේම අනිත් පැත්තට මේ වගේ ලොකු ටෝක් ඉෂූ කරනවා. ඊයෙ ගියා ෂොප්ස් තුනකටම. එකකවත් නෑ හිතට හරියන ඇඳුමක්. එච්චර ගනං අඩුවට එහෙම වැඩක් නැති ඇඳුම් තියෙන එකේ පුදුමෙකුත් නෑ එක අතකට.

 

7. හරිම රස්නෙයි නේද අනේ.

Posh Lies by Girls

Source – tenor.com

හරි ඉතිං මේ දවස්වල රස්නෙයි තමයි. හැබැයි ඔය මෙහෙ හරි රස්නෙයි නේද? මං ආසම වැස්සට වගේ ටෝක් දෙන්නෙ පොඩ්ඩක් ඉතිං බටහිර ගැතිවාදී කොලෝනියල් හමක් තියෙන ප්ලූවියෝෆයිල්(වැස්සට ආදරේ ඩයල්ස්) කෙල්ලෙක් කියලා පෙන්නන්න. ඒ එක්කම අර ගෙදර බඩු අස්සෙන් ඇදිලා ගිය නයා වගේ ඒසී ගැන නයෙකුත් අරින්න ඉඩ තියෙනවා.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *